ගංවතුර ආපදාව ගැන මහින්දගෙන් නිවේදනයක්.. ආපදා මෙහෙයුම්වලදීද රණවිරුවන් දිවි පුදන බව කියයි..

May 27, 2017 at 6:48 pm | lanka C news
ගංවතුර ආපදාව ගැන මහින්දගෙන් නිවේදනයක්.. ආපදා මෙහෙයුම්වලදීද රණවිරුවන් දිවි පුදන බව කියයි..

රට පුරා ඇතිව තිබෙන ආපදා තත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

විපතට පත් ජනතාවට උපකාර කිරීමට මුළු ජාතියම එකමුතු විය යුතුය

පසුගිය දිනවල ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ඇති වූ ජල ගැලීම් හා නාය යාම් හේතුවෙන් දස දහස් ගණනක් ජනතාවට සිය නිවාස අහිමි වී ඇති අතර සිය දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී එවැනිම ගණනක් අතුරුදන් වී ඇති බවට වාර්තා විය. මෙය මෑත කාලයේදී අප අත් නොදුටු පරිමාණයේ ස්වාභාවික විපතකි. මේ විපතෙන් තම පවුලේ සාමාජිකයන් නැති වූ සියලුම දෙනාට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින අතර තම නිවාස නැති වූ අයට මාගේ කණගාටුවත් ප්‍රකාශ කර සිටිමි. විපතට පත් ජනතාවට උදව් කිරීමට සෑම තරාතිරකම ජනතාව ඉදිරිපත්වී සිටීම ගැන මම සැබවින්ම සතුටු වෙමි. මෙය අපේ ජාතියේ ඉහළම ගුණාංගයකි. වෙනත් බොහෝ රටවල්වලට වඩා විපත්වලින් අපේ රටට ඉක්මණින් ගොඩ ඒමට හැකි වී තිබෙන්නේ ද ජනතාවගේ මේ උතුම් ගුණාංගය නිසාය.

ජලගැලීම් හා නාය යාම්වලින් විපතට පත්වූ අයට උදව් කිරීමට වැඩි වැඩියෙන් ඉදිරිපත් වන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි. සුපුරුදු පරිදි අපගේ සන්නද්ධ හමුදා ආපදා සහන කටයුතුවලදී ඉදිරියෙන්ම සිටී. අපේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට පමණක් නොව ස්වාභාවික විපත් අවස්ථාවලදීද සාමාන්‍ය ජනතාවට උදව් කිරීමට ඉදිරිපත් වන මේ වීරෝධාර සෙබල සෙබලියන්ට මගේ ගෞරව ප්‍රණාමය පුදකර සිටීමට කැමැත්තෙමි. මෑතක සිදුවූ මීතොටමුල්ල විපතේදීද ආපදා සහන කටයුතුවල ඉදිරියෙන්ම සිටියේ සන්නද්ධ හමුදාවයි. ගංවතුර විපතෙන් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටි ගුවන් හමුදා සෙබලකු මරණයට පත්වීමෙන් අපට පෙනෙන්නේ රණවිරුවන්ට යුධ සමයේ දී පමණක් නොව සාමකාමී කාලවල මෙහෙයුම්වලදීද ජීවිත අවධානමක් දැරීමට සිදුවී ඇති බවයි. ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමේදී දිවි පිදූ ඒ ගුවන් හමුදා සෙබලාගේ පවුලේ සාමාජිකයන් වෙත මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි.

මෙවැනි ආපදාවලදී සහන සේවා සංවිධානය කිරීමට ඉදිරිපත්වන රූපවාහිනී නාලිකා ඇතුලු පුද්ගලික ආයතනවලට විශේෂ ස්තූතියක් පුදකිරීමට මම කැමැත්තෙමි. එමෙන්ම ගංවතුරින් විපතට පත් වූ ජනතාවට අවශ්‍ය ආහාර පාන, පානීය ජලය, ඇඳුම් පැලඳුම් හා නවාතැන් පහසුකම් වැනි ක්ෂණික අවශ්‍යතාවයන් සැපිරීම සඳහා රජයේ කටයුතු වේගවත් කළ යුතු බවට ඉල්ලා සිටීමට කැමැත්තෙමි. විපතට පත් වූ ජනතාවට තම ජීවිත නැවත ගොඩනඟා ගැනීමට වන්දි ගෙවීමද කඩිනමින් සිදුවිය යුතු බවට අදාළ අංශ වගබලා ගතයුතුය. මෙය, සාමාන්‍යයෙන් බලපැවැත්වෙන චක්‍රලේඛන වලින් ඔබ්බට ගොස් වුවද ජනතාවට සහන සැපයීමට මුල් තැන දියයුතු අවස්ථාවක් යැයි මම සිතමි. ගංවතුර බැසගිය පසු නොයෙක් රෝග පැතිරීම වලක්වාලීම ඊළඟ අභියෝගය වන අතර අදාළ රජයේ ආයතනත් ඒ සම්බන්ධයෙන් යුහුසුලුව කටයුතු කරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙමු.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

93 views

7 Comments to “ගංවතුර ආපදාව ගැන මහින්දගෙන් නිවේදනයක්.. ආපදා මෙහෙයුම්වලදීද රණවිරුවන් දිවි පුදන බව කියයි..”

  1. vasana says:

    රණවිරුවන් ගැන ආදරයක් තියෙන්නේ ඔවුන්ගේ අගය දන්නා දේශහිතෙෂි දේශපාලකයින්ට පමණි
    ගරු මහින්ද මහතාට අපේ ප්‍රණාමය
    ජනතාව බේරා ගැනීමේ මෙහෙයුමේදී දිවි පිදූ ඒ ගුවන් හමුදා නිලධාරියාට නිවන්සැප ලැබේවා , ඔහුට ජාතියේ උත්තමාචාරය

    • Micro Man says:

      සහතික ඇත්ත..

      රට ජාතියක් ගැන අඹමල් රේණුවක තරම්වත් හැඟීමක් නැති එවුන් කොහෙද රට ජාතිය රැකදුන් රණවිරුවන් ගැන බලන්නෙ.ඒකටත් ඔවුන්ගේ දුක තේරෙන මිනිසෙක්ම සිටිය යුතුමයි.අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් එදා වගේම අදත් රණවිරුවන් වෙනුවෙන් පෙරමුණ ගන්නෙ ඔවුන් එදා රට ජාතිය රැකුමට විඳි අසීමිත දුක් වේදනාව හොඳාකාරවම දන්නා නිසයි.

  2. ගිරවා says:

    Motherland is yours and you belong to Motherland.
    And your life and death is connected to Motherland
    And you have to live life there and die there.
    You may pass away but you will remain lying in the homeland.
    You will always cherish places of your childhood, for they keep memory of your immediacy, purity and innocence.
    Your ancestors’ remains lie in this land
    You are a GREAT HERO created by Motherland.
    May he (our great hero) attain the supreme bliss of Nibbana!

  3. Mahinda says:

    Out president at the Gatembe May day rally held in 2017, stated referring to the heavy rainfall experienced on the day that his presence was the main reason to end the long prevailed drought in the Kandy district.

    He further boasted that he would travel to the other drought hit areas of the country in future to relieve the people of the hardships cased by the long dry spell.

    If his presence can produce rain, then his absence will stop the rain. Please be assent and make it permanent as well to relieve the country from this curse.
    May be that he is a good export commodity for Africa where the drought is a recurrent phenomenon.

    • asaranaya says:

      ඉතියෝපියාවෙන් දේව ඉල්ලීමක් තියෙනවලු මිත්‍රයා, මේ වැස්ස වළාවක මයිතූන අම්මගෙ දෙවියා ඉතියෝපියාවට එවන්නකියලා. කියලා වැඩැක් නැහැ

  4. lakmalie says:

    Appachi hora kapu rata dan sapa wela

Main News