ගංවතුර ගලයි.. ජනතාව පීඩාවේ…

November 8, 2021 at 5:30 pm | lanka C news
ගංවතුර ගලයි.. ජනතාව පීඩාවේ…

අධික වර්ෂාව සහ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මන්නාරම් දිස්ත්‍රීක්කය බවට මන්නාරම් දිස්ත්‍රීක් ආපදාකලමනාකරන ඒකකය පවසයි.

පසුගිය දින කිහිපයේ සහ මේ වන විටත් මන්නාරම් දිස්ත්‍රීක්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් මන්නාරමේ නානට්ටාණ්, මාන්තෙයි බටහිර සහ මන්නාරම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 186 කට අයත් පුද්ගලයින් 640 ක් පීඩාවන්ට පත්ව සිටිති.

එහිදී වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 153 කට අයත් පුද්ගලයින් 525 දෙනෙකුද නානාට්ටාන්හි පවුල්6 කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු සහ මාන්තෙයි බටහිර පවුල් 27 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකුද පීඩාවන්ට පත්ව සිටිති.

මන්නාරමේ පීඩාවන්ට පත්ව සිටින ජනතාව පිළිබඳව සොයා බැලීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතාද නිරීක්ෂණයක නිරත විය.

මේ අතර පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සෞඛ්‍ය ගැටලුද මතුව ඇති අතර ගවයින් සහ එළුවන්ට වසංගත රෝග වැළඳීමේ අවධානමක්ද පවතින බවට මන්නාරම් වැසියන් පවසති.

පවතින් වර්ෂාපතනය ඉදිරියටත් පැවතියහොත් ජනතාව වැඩි පිරිසක් පීඩාවන්ට පත්වීමේ අවධානමක් පවතින අතරම පීඩාවන්ට පත් ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇති බවට මන්නාරම් දිස්ත්‍රීක් ආපදා කලමනාකරන ඒකකය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

18,404 views

4 Comments to “ගංවතුර ගලයි.. ජනතාව පීඩාවේ…”

  1. කැලණියේ නයා says:

    කොලබ කැම්පස් එකේ කුලපති තැම්පත් නේස් සාදු ඉස්සර දෙසුව පාලකයො අධර්මිෂ්ථ දූෂිත උනාම සොබාදහමෙන් විපත් වෙනව කියල.ඒ දහම තාම වලන්ගුද කුලපතිකමින් පස්සෙ අලුත් ධර්මයක්ද ?

  2. Power says:

    ජනාධිපති⁣ ඇතුළු මේ නඩයේ සාපේ මේ රටට වැදිලා තියෙන්නෙ. ඒකෙන් පීඩාවට පත් වෙන්නෙත් ජනතාව වන අපිමයි. මොකද අපිමනේ මුන් පත් කරේ.

  3. Lol says:

    අදමයෝ රටවල් පාලනය කරනකොට එන හෙන මේ , එක දවසක්වත් රටට වගතුවක් උනේ නෑ

  4. කැළණි සාපෙ says:

    කෝ අර සිල් පප්පා? සැපද සැපද කිය කියා වේදිකා ගානේ ගිය හිඟන්නා.
    දුටුගැමුණු කිව්වනෙ. එහෙනම් රට වෙනුවෙන් මූදට පැනපන් හොරිකඩය.

Main News