ගංවතුර ගලයි..

October 5, 2021 at 12:40 pm | lanka C news
ගංවතුර ගලයි..

මන්නාරම දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර තත්වයන් හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා එල්ල වී ඇත.

මන්නාරම ශාන්තිපුරම්, සෞත්බාර් සහ සිම්රෝන් නගර් ප්‍රදේශයන්හි පිහිටි කුඩා ගම්මානයන්හි ජනතාවගේ දෛනික කටයුතු වලට පවතින ගංවතුර තත්වයන් හේතුවෙන් දැඩි බාධාවන් එල්ල වී ඇත.

ගෙවී ගිය සතියකට අධික කාලයක් මන්නාරම් දිස්ත්‍රීක්කයට නොකඩවා වර්ෂාවන් ඇදහැලෙන බවට ජනතාව පැවසූහ.

එමෙන්ම මන්නරමේ බොහෝ ප්‍රදේශයන්හි එකතුවන වැසි ජලය විධිමත් අයුරින් බැහැර කිරීමේ සැලසුමක් නොමැති වීමෙන් වැඩි වශයෙන් එම ගම්මානයන්හි ගංවතුර තත්වයන් ඇති වන බවටද ගම්වාසීන් චෝදනා කරති.

කෙසේ වෙතත්පවතින අයහපත් කාලගුනික තත්වයන් හමුවේ මන්නාරම් දිස්ත්‍රීක්කයේ විපතට පත් වැසියන් මෙතෙක් වාර්ථා වී නොවී ඇති අතරම විපතට පත් ජනතාව සිීද යන්න පිළිබඳව සොයා බලන බවටද මන්නාරම ආපදා කලමනාකරන ඒකකය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,936 views
Main News