ගංවතුර පහව ගිය පසුත් උතුර බරපතල තත්වයකට..
December 26, 2018 at 8:02 am | lanka C news
උතුරු පලාතේ ගංවුතුර හේතුවෙන් විපතට පත් වැසියන්ට සහන සැලසීමට උතුරට හා දකුණට විශේෂ ඇමතුම් අංක දෙකක් හඳුන්වා දී ඇති බවට උතුරු පලත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා කියා සිටියේය.
මේ අනුව දකුණේ පරිත්යාගසීලීන්ට ගංවතුර ආධාර ලබා දීමටනම් කොළඹ බත්තරමුල්ල ,ජයන්තිපුර ලිලිමාවතේ පිහිටි උතුරු ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ හෝ එහි පිහිටුවා ඇති දුරකතන අංක 0112-883371 යන අංකයට හෝ උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ පිහිටුවා ඇති දුරකතන අංක 021- 2219376 යන අංකයන් අමතා ඔනෑම අයෙකුට අධාර සැපයීමට අවස්ථාව ඇති බවට උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්කුරේ මහතා කියා සිටියේය.
උතුරු ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් 75,000 කට ආසන්න ප්‍රමාණයක් විපතට පත්ව ඇති අතරම ගංවතුර පහව ගියද ඉන් පසුව බරපතල තත්වයකට උතුරේ වැසියන් මුහුණ දෙන බවත් ඒ සනීපාරක්ෂක ගැටලුව හෙයින් එහිදී විවිධ රෝගකාරකයන් වැලඳිය හැකි අතරම එම හේතුවෙන් වැසිකිලි කැසිකිලි පිරිසිදු කිරීම , පානීය ළිං පිරිසිදු කිරීම හානි වූ නිවාස පිලිසකර කිරීම, වෛද්‍ය පහසුකම් සැපයීම ඇතලු සනීපාරක්ෂක කටයුතු සිදු කිරීමටද මේ වන විට වැඩසටහනක් ආරම්භ කොට ඇති අතරම ඒ සඳහා යුද හමුදාවගේ අඛණ්ඩ සේවය පසුගිය දිනවල මෙන් ඉදිරියටද බලාපොරොත්තු වන බවටත් උතුරු ආණ්ඩුකාර වරයා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ