ගංවතුර බැස නොයයි.. ජනතාව පීඩාවට..
December 23, 2021 at 2:22 am | lanka C news
කිලිනොච්චිය පච්චිලිප්පල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෙම්පඩුකේනි ප්‍රදේශයේ දින ගණනක් පුරාවට ගංවතුර බැස නොයාම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව ඇති බවට වාර්තා වෙයි.
පසුගිය දිනවල ලිනොච්චියට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් වෙම්පඩුකේණි ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විටත් පහව නොයාම හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය ගැටළු ඇතුළු ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවීම නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
මේ දිනවල වර්ෂාවක් ඇද හැලෙන්නේ නැතත් පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය මේ වන තුරුත් පහව නොයෑම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසකට ද ජනතාව මුහුණ පා සිටින අතරම ප්‍රදේශයේ පාසල් සිසුදරුවන්ටද පාසල් විතර යාමේදී ගැටලු රැසකට මුහුණ පාන බවට ප්‍රදේශවාසී ජනතාව වැඩි දුරටත් කියා සිටිති.
අදාළ ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් ට දැනුම් දුන්න ද මෙතෙක් කිසිදු බලධාරියෙකු විසින් අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබා නොදී ඇති අතරම ගංවතුර බැස යාමට හැකි වන අයුරින් කාණු පද්ධතියක් ද සකස් කොට දෙන මෙන්ද එම ප්‍රදේ වාසී ජනතාව බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොසොල් රජ දුටු නව වන සිහිනය. (චාන අක්කා හමුවීම)
කොසොල් රජතුමා – “ස්වාමීනි, මා සිහිනෙන් දුටුවා දිය පිරුණු පොකුණක්. ඒ පොකුණේ මැද වතුර බොර වී තිබුණා. සතුන් සිවුපාවුන් රංචු පිටින් ඇවිත් පොකුණ වටේ හිඳ වතුර බොනවා. ස්වාමීනි, මේ පොකුණ වටේට තිබුණේ හොඳ පැහැදිලි වතුර. පොකුණ මැද්දෙ විතරයි වතුර බොර වෙලා තිබුණේ. ස්වාමීනි, පොකුණ වටේට තිබුණු වතුර පැහැදිලි වෙන්නත් මැද විතරක් වතුර බොර වෙන්න විදියක් නැහැ නේද? එහෙම නම් එහි ඇති තේරුම කුමක්ද?”
බුදුරජාණන්වහන්සේ – “රජතුමනී, රටේ පාලකයන් අධාර්මික වීම නිසා රට හැම අතින්ම දූෂණය වෙනවා. රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට ගැන කළකිරෙනවා. තමන්ගේ උගත්කමට සරිලන ස්ථානය නොලැබීම නිසාත්, රටේ යහපත් ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත්, ඔවුන් ඒවා සොයා වෙනත් රටවලට යනවා. එවිට ඔවුන්ගේ සේවය රටට අහිමි වෙනවා. ඒ නිසා රට තව තවත් පිරිහීමට ලක් වෙනවා. මේ හීනයෙනුත් ඔබට හානියක් සිදුවන්නේ නැහැ. මෙයත් සිදුවන්නේ අනාගතයේදියි .”