ගං වතුරෙන් උතුරේ විපතට පත් වැසියන් 118,000 පනී..

December 29, 2018 at 8:02 am | lanka C news
ගං වතුරෙන් උතුරේ විපතට පත් වැසියන් 118,000 පනී..

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 38,209, කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3506කට හානි 28 වන විට සිදුව ඇති බවට ජාතික ආපාදාකලමනාකරන ඒකකයේ වාර්ථා අනුව පෙන්වා දෙයි.

මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2827 කට අයත් පුද්ගලයින් 8983 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 27 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්ථා වී ඇති බවට ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 24,184 කට අයත් පුද්ගලයින් 74,730 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 84ක් සහ අර්ධ නිවාස 1207  කට හානි සිදුව ඇත.

උතුරු පලාතෙන් දෙවනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රීක්කයේ වන අතර එහිදී ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩිඉරිප්පු,  තුනුක්කායි, මැරටියන්පත්තු, මාන්තෙයි නැගෙනහිර හා වැලිඔය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 9574 කට අයත් පුද්ගලයින් 30,499 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූරණ නිවාස හානි 86ක් හා අර්ධ නිවාස හානි 2297 ක් වාර්ථා වී ඇත.

අනතරුව මන්නාරම් නගරයේ සහ නානාට්ටාන් ප්‍රදේශයන්හි පවුල් 39 කට අයත් පුද්ගලයින් 141 දෙනෙකුද වව්නියාව දිස්ත්‍රීක්කයේ පවුල් 155 කට අයත් පුද්ගලයින් 521 දෙනෙකුද යාපනය දිස්ත්‍රීක්කයේ මරදන්කේනි ප්‍රදේශයේ 4257 කට අයත් පුද්ගලයින් 12,642 දෙනෙකුද විපතට පත්ව ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් පෙනවා දෙයි.

මේ අනුව උතුරේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ හා රාජ්‍ය අංශ එක්ව විවිධ වූ වියලි ආහාර ඇතුලු අනෙකුත් පහසුකම් ලබා දීමට පයවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21 views

3 Comments to “ගං වතුරෙන් උතුරේ විපතට පත් වැසියන් 118,000 පනී..”

  1. මොණරා says:

    උතුරේ පීඩා විඳින ජනතාව ගැන කණගාටුයි. ඒත් මොකද කරන්නෙ ?දේශද්‍රෝහියෙකුට අගමැතිකම ගන්න සහය දීමේ විපාක තමයි ඔවුන්ට විඳවන්න වෙලා තියෙන්නෙ.

    • Love nature says:

      මේ 118,000 බාගයක් හොරෙන් උතුරේ සිටින දෙමල කල්ලතෝනි විය හැකියි ..
      බටලන්දේ වාදකයා බලයට පැමිණීම සහ උතුරේ මෙලෙච්චේද මිනීමරු කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ සාපය
      මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදියා ඇන්ටන් බාලසිංහම් සමරා දවස් කීපයක්වත් ගියේ නැහැ ස්වභාවදහමෙන් දඩුවම් ලබා දී ඇත

    • ලිහිණි says:

      TNA ඊළම දැන් ගංවතුරෙන් හේදෙනවා ..ඔවුන් දකුණේ සැපට ඉන්නවා …විපතේදී උතු රේ දෙමලයන්ට පිහිටට වන්නේ සිංහල මහජාතියයි …එත් මේ ගුණමකු දමිල ජාතිවාදීන්ට කිසිවිටකත් කල උදව් මතක නැහැ ..මොවුන් දෙමල ජාතිවාදී දේශපාලකයට රැවටිලා ..ජාතිවාදයෙන් උමතුවෙලා

Main News