ගං වතුරෙන් ගම්බිම් යටවෙයි.. යාපනේට මහ වැසි..
November 29, 2020 at 5:30 pm | lanka C news
යාපනය දිස්ත්රීක්කයට මේ දිනවල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පේදුරුතුඩුව ප්රදේශයට ගංවතුර තත්වයක් ඇති වීමෙන් එහි 100 කට අධික ප්රමාණයක් විපතට පත්ව ඇති බවට දිස්ත්රීක් ආපදාකලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.
ගංවතුර සහ වර්ෂාව මෙන්ම සුලං තත්වයන් හේතුවෙන් මේ වන විට යාපනයේ දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතරම නිවාසද 100 කට අධික ප්රමාණයකට අර්ධ හානි සිදුව ඇති බවට වාර්ථා වෙයි.
යාපනය පේදුරුතුඩුව සහ මරදන්කේනි ප්රදේශයන්ට අධික වර්ෂාව ඇදහැලීම හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව සිටින අතර ඊට අමතරව තවත් ප්රදේශ දහයක පමණ ජනතාව පීඩාවන්ට පත්ව සිටින බවටද යාපනයේ ආපදා කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.
මෙලෙස විපතට පත් පිරිස් අතරින් මේ වන විටත් පවුල් 20 ක් පමණ දෙනා නිවාස අතහැර දමා ආරක්ෂිත ස්ථාන කරා ගොස් ඇති බවටද වාර්ථා වන අතර එම පිරිස් වෙතට පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇති බවට ආපදාකලමනාකරන ඒකකය විසින් වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
LTT සැමරීමේ විපාක
LTTE පිරපාකරන් යක්ෂයාට උපන්දින සුභ පැතුම් කල නිසා ස්වභාව දර්මයෙන් උතුරේ දෙමල ත්රස්තවාදීන්ට ලැබුණු තෑග්ග …..