ගං වතුර ආවේ මහින්ද අධිවේගය හදපු නිසා.. වරද මහින්දගේ..- ඩිලාන්

June 2, 2017 at 10:00 am | lanka C news
ගං වතුර ආවේ මහින්ද අධිවේගය හදපු නිසා.. වරද මහින්දගේ..- ඩිලාන්

ගිය රජය සමයේ දකුණු අධිවේගී මාර්ගය ඉදිකරද්දී පරිසර වාර්තා නොසලකා හැරි නිසා මෙවැනි ගංවතුර තත්ත්වයක්‌ ඇති වූයේ යයි මහා මාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා ශ‍්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලේය.

අධිවේගී මර්ගයන් රටකට උවමනා නමුත් ඒවා ඉදිකරද්දී පරිසර වාර්තාත් සැලකිය යුතු බව ඇමතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ඉදිකිරීම් සිදු කරද්දී පරිසර අධ්‍යයන වාර්තා සැලකිල්ලට ගත යුතු යයිද ඔහු එහිදී වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් 2003 වසරේදී ගංවතුරක් ඇතිවෙද්දී රට පුරා එකදු අධිවේගී මාර්ගයක් නොතිබූ අතර මෑතකදී ඇති වූ ගංවතුරට රත්නපුරයට දැඩිව බලපෑවද රත්නපුරය ආසන්නයේ හෝ අධිවේගී මාර්ගයක් ගමන් නොකරයි.

294 views
Main News