ගං වතුර මුහුදට පොම්ප කිරීමේ වැඩපිලිවෙලක් අරඹයි..

August 26, 2018 at 8:02 am | lanka C news
ගං වතුර මුහුදට පොම්ප කිරීමේ වැඩපිලිවෙලක් අරඹයි..

නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට ලක්වන වෙන්නප්පුව, කොලොන්ජාඩිය හා අවට ප්‍රදේශවල ජල ගැටළුවට ස්ථිරසාර හා විද්‍යානුකූල විසදුමක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව අපදා කළමණාකරන, වාරිමාර්ග හා ජල කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ යටතේ යන්ත්‍රානුසාරයෙන් ජලය මුහුදට පොම්ප කිරීමේ විශේෂ යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන බවද ඒ මහතා අවධාරණය කළේය.

වෙන්නප්පුව, කොලොන්ජාඩිය හා අවට ප්‍රදේශවල එකතුවන ජලය මුහුදට පොම්ප කිරීම සදහා වූ විශේෂ ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීමෙන් පසුව පැවති උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම සමස්ථ ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කරන මුදල රුපියල් ලක්‍ෂ 65 කි. එමගින් නිරන්තරයෙන් නිරන්තරයෙන් ජලයෙන් යටවන මාර්ග පද්ධතිය අවහිර වීම වැලකෙන අතර ගංවතුරෙන් පීඩාවට පත්වන පවුල් 300 කට පමණ සෙත සැලසේ.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද කීය.

වෙන්නප්පුව, කඹුල්ගල ප්‍රදේශයේ ඇතිවන ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන්නේ කානු පද්ධතියක්. ඒ යටතේ ක්‍රමානුකූලව ගංවතුර වෙන්නප්පුව වැවට මුදා හැරීම සිදු කෙරෙනවා. ඊට සමාගාමීව ක්‍රියාත්මක වන කොලොන්ජාඩිය, රන්දියගම ගංවතුර පාලනය කරන ව්‍යාපෘතිය වෙනස්ම ආකාරයේ එකක්. අගල් අටක (08) විෂ්කම්භයක් සහිත නල මාර්ගයක් ඔස්සේ ජලය මුහුදට පොම්ප කිරීම මේ යටතේ සිදු කිරීමට අපේක්ෂා කරනවා. ලිං හතක් ඉදිකරමින් එම ළිංවලට එකවන ජලය යන්ත්‍රානුසාරයෙන් මුහුදට පොම්ප කිරීමට සැලසුම් කර තිබෙනවා. රන්දියගම සිට මුහුද දක්වා කිලෝමීටර් දෙක හමාරක දුරක් පොලොව යටින් නල පද්ධතිය ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙයයි.

මෙම ව්‍යාපෘතිය ආපදා කළමනාකරණය සඳහා අඩු වියදමින් වැඩි ප්‍රතිලාභ හිමිකර ගත හැකි ව්‍යාපෘතියක් වෙනවා. ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේනම් ගංවතුර වැනි ආපදාවන් අවම කර ගන්න පුළුවන්. ඉදිරියේදී වැව්, පොකුණු, ජලාශ හා ගංගා ඉහළ සිට පහලට පෙළ ගස්වමින් ගංවතුර තත්ත්වයන් පාලනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම සමස්ථ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමටත් අවස්ථාව උදාවන බවද ඒ මහතා කීය.

– ජයකාන්ත ලියනගේ

462 views

4 Comments to “ගං වතුර මුහුදට පොම්ප කිරීමේ වැඩපිලිවෙලක් අරඹයි..”

  1. Hetti says:

    I have lived in this area some years ago and I am familier with the terrain. If anyone says the flood waters there can be pumped out with an eight in pump then he is joking and hasn’t done a proper hydrological and hydraulic studies. It is such a big land mass and a proper study is equired before spending any money on it. In fact I am from the area and would like to help free of charge. If the minister wishes please contact me through “C news”.

  2. gamarala says:

    පරංගියා කෝට්ටේ ගියා වාගේ

  3. Love nature says:

    අපේ මෝඩ රැළගේ අධිෂ්ඨානය පරදවමු

    ‘අහසින් වැටෙන එකම දිය බිඳක්වත් ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොයවන බව මහ පැරකුම්බා රජුගේ අධිෂ්ඨානය වුණා.

  4. sunimal says:

    එකදාස් නවසිය බර ගනන් වල හිටපු මනුස්සයෙක්ට සියදිවි නසාගන්න හිතුනලු .හැබැයි මොනම විදිහකින් වත් අසාර්ථක නොවන විදිහට මැරෙන්නත් හිතුවලු.එහෙම හිතල මේ මනුස්සයා මුහුද ලග තිබුණු කන්දකට නැගල ඒ කන්ද උඩ තිබුණු ගහක මුහුදට නැමුනු අත්තක එල්ලෙන්න හිතුවලු.
    බැරි වෙලා වත් මේ ක්‍රමය අසාර්ථක උනොත් කියල එල්ලෙන්න කලින් වහ බොන්නත් හිතුවලු.වසවල තිත්ත නොදැනෙන්න ඊට කලින් අරක්කු බෝතලයක් බොන්නත් හිතුවලු.වැඩි හොදට කියල එල්ලෙන ගමන් ඔළුවට වෙඩි තියාගන්නත් හිතුවලු.මේ මොකක් නැති වුනත් අඩුම ගානෙ මුහුදටවත් වැටිල මැරෙයිනෙ කියල හිතල මේ අදහස ක්‍රියාත්මක කරන්න තීරණය කළා ලු.
    ඊට පස්සෙ ඔක්කොම ලෑස්ති කරගෙන අර කන්දට නැගල ගහේ අත්තට ලණුව දාල අරක්කුත් බීල ඊට පස්සෙ වසත් බීල තොන්ඩුව බෙල්ලට දාල අත්තෙ එල්ලුනාලු. එල්ලෙනකොටම අතේ තිබුණු පිස්තෝලෙන් හිසට වෙඩි තියාගත්තලු.
    ඒත් (අ)වාසනාවට වගේ අත්තෙන් පනිනකොට වුණු ගැස්සීමට පිස්තෝලෙන් පිට වුණු උන්ඩය හිසට නොවැදී එල්ලුණු ලණුවට වැදුනලු.
    වෙඩි වැදිල ලණුව කැඩිල මේ මනුස්සයා මුහුදට වැටුනලු.
    මුහුදට වැටිල ගිලෙනකොට වතුර පෙවෙනවනේ.ඉතින් මෙහෙම පෙවුණු ලුණු වතුරට මේ මනුස්සයා බීපු ඔක්කොම වස සහ අරක්කු වමනෙ ගියාලු.
    මැරෙන්න ගත්තු හැම තීරණයක්ම වැරදුනු මේ මනුස්සයා කොහොම හරි පීනල ගොඩට ආවේ හිටියට වඩා ගොඩක් ජීවිතය තේරුම් ගත්තු පුද්ගලයෙක් විදිහටලු…

Main News