ගජධීරගේ පුරප්පාඩුවට සිරිසේන පාර්ලිමේන්තුවට..
September 9, 2019 at 8:40 am | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන් අභිවයෙන් පුරප්පාඩු වී ඇති මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට මනෝජ් සිරිසේන මහතා පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
2015 මහ මැතිවරණයේ මනාප ලයිස්තුවේ මීලගට සිටින්නේ ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා වුවද ඔහු මේ වන විටත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කර ඇත.
තමන් ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවන බව අබේවර්දණ මහතා දැනටමත් සදහන් කර ඇත.
ඒ හේතුවෙන් මනාප ලයිස්තුවේ ඊළගට සිටින මනෝජ් සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ඇත.