ගජබින්න රතන හිමි වර්ෂ කෝටි සහස‍්‍රයක් ලෝදිය බොති, තවත් වර්ෂ සහස‍්‍රයක් පේ‍්‍රතව දුක් විදිති.. – අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය මෙන්න..

February 26, 2017 at 11:19 pm | lanka C news
ගජබින්න රතන හිමි වර්ෂ කෝටි සහස‍්‍රයක් ලෝදිය බොති, තවත් වර්ෂ සහස‍්‍රයක් පේ‍්‍රතව දුක් විදිති.. – අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය මෙන්න..

තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැදවමින් පසුගිය ජනවාරි 16 වන දින ප‍්‍රකාශ කල එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතරලියේ රතන හිමියන් අද කලූතරදී කියා සිටියේ වෙනම කතාවකි.

තමන් ස්වාධීන වන කතාවක් කියා නැති බවත් ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු උවමනාවක් නැති බවත්ය.

බොරු කීමෙන් ලබන ආනිසංස ගැන අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේය.

බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජනය වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස‍්‍රයෙහි ලෝදිය බීම් ආදී මහ දුක් ලබති. පේ‍්‍රතව ඉපද අනේක වර්ෂ සහස‍්‍රයෙහි දුක් ලබති. තිරිසන්ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හිද එක් ජාතියකදී කී බොරුවලට සිය ගණන් ජාති වලදී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝබන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිලිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහූ ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහූ ද අකීකරු වෙති.

ජනවාරි 16 විඩියෝව හා අද කලූතරදී කරන ලද කතාවන්හි වීඩියෝපට පහතින්

259 views
Main News