ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…

August 28, 2020 at 3:26 am | lanka C news
ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…

සීවී විග්නේශ්වරන් මන්ත්‍රීවරයා නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී දෙමල ජනතාවගේ උතුරේ පිහිටි නිජබිමක් ගැන සහ දිවයිනේ මුල් භාෂාව දෙමළ ලෙස පැවසීම පසු ගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක් විය. එම ප්‍රකාශය ඊයේ දින පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ, සරත් වීරසේකර, සීතා අරඹේපොළ සහ මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැඩි විවේචනයට බඳුන් කළහ.

මේ අතර සමස්ත ලංකා දෙමල කොන්ග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඊයේ සවස පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ උතුර දෙමළ ජනතාවගේ නිජ බිම බවත්, අතුරු සම්මත ගිණුම මගින් බුද්ධ සාසන සහ ආරක්ෂක අමාත්‍යංශවලට විශාල මුදලක් වෙන් කිරීම මගින් උතුරේ ජනතාව විනාශය කරාගෙන යන බවත්ය. තව ද ආරක්ෂක අමාත්‍යංශයේ සියලු ක්‍රියාකාරකම් උතුරේ නැවැත්විය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මහාචාර්ය චන්න ජයසුමන මහතා එවන් නිජබිමක් උතුරේ නැති බවත්, විග්නේශ්වරන්ට සහා ගජෙන්ද්‍රන්ට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යනම් යාපන විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ පළමු මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතාගේ ආචාර්ය උපාධි නිබන්ධනය කියවීමෙන් ඒ බව දැන ගත හැකි බවත් පෙන්වා දුන්නේය. ක්‍රිව 12 සියවසට පෙර මෙරටේ අඛණ්ඩ දෙමල ජනාවාස පැවති බවට සාක්ෂි නැති බව එමගින් හෙළි වන බව පැවසු මහාචාර්ය ජයසුමන එම නිබන්ධනය සභා ගත කළේය.

මෙරට ජනතාව පසුගිය මහා මැතිවරණයේ දී 2/3 ජනවරමක් දුන්නේ බුද්ධ සාසනය මෙන්ම පුරා වස්තු ද ආරක්ෂා කිරීමට බව පැවසු මහාචාර්යවරයා ආරක්ෂක අමාත්‍යංශය නොවන්නට උතුරේ ජනතාවට අද නිදහසේ ජීවත් වීමට වරම් නොලැබෙන බව පෙන්වා දුන්නේය.

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ බෞද්ධ කටයුතුවලට මෙන්ම හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි කටයුතුවලට ද මුදල් වෙන් කර ඇති බව ද ඔහු පැහැදිලි කළේය.

– midea unit

විග්නේශ්වරන්ගේ සහ ගජේන්දිරන්ගේ නිජබිම් ප්‍රකාශවලට පිළිතුරු..

Gepostet von Channa Jayasumana am Donnerstag, 27. August 2020

98,118 views

38 Comments to “ගජේන්ද්‍රන් උතුරේ දෙමල නිජබිම යලිත් කියයි… බුද්ධ සාසනයට, ආරක්ෂාවට වෙන්කළ මුදලත් වැඩියිලු… හැරෙන තැපෑලෙන් කණ පිරෙන්න අහ ගනී…”

  1. niriella says:

    Best.wishes to prf. Jayasumana & Madam Sitha armbepola.Grate selection of SriLankan.

  2. Roshan says:

    Rata hadapalla nikkarune Balu hoowalata uththara senna yannethuwa. Minissu kanna nethuuwa innawa.

  3. Duka says:

    මේ ජාති වාදීන්ට රටේ ඒකීය බාවය නැති වන අන්දමින් කතා කලොත් දඩුවම් කිරීමට නීතියක් ගෙන්න ඕනැ, රටේ සියළුම පාසල් වල සිංහල දෙමළ ඉගැන්වීම් අනිවාර්ය කල යුතුයි

  4. On The Spot says:

    අපේ කතිරයට වටිනාකමක් ලබා දෙන මහැදුරු ජයසුමන මැතිඳුන්ට අපේ ප්‍රණාමය​.

  5. On The Spot says:

    අපේ කතිරයට වටිනාකමක් ලබා දෙන මහැදුරු ජයසුමන මැතිඳුන්ට අපේ ප්‍රණාමය​.

  6. HERATH says:

    දොවා ගත් කිරි කලයට ගොම බිඳු එක් කරන්නට තැත් කරන ජාතිවාදී මහල්ලන් පිටු දකින්නට දෙමළ ජනතාව බුද්ධිමත් විය යුතුය​.මේ ජාතිවාදීන් විනාශ කරනු ලබන්නේ ඔවුන්ගේම වර්ගයාගේ අනාගත බලාපොරොත්තුයි.සිය කුඨුම්භය සංරක්‍ෂණය කරනු පිණිස අහිංසක දෙමළ වැසියන් අගාදයට ඇද දමන මේ ජාතිවාදීන් නිරුවත් කර නිරුත්තර කිරීම ජාති හිතෛෂීී සියලු දෙනාගේ වග කීමයි.ඒ ශ්‍රේෂ්ඨ අරමුණ ඉටු කර ගැන්මට පෙරමුණ ගන්නා චන්න ජයසුමන​,සීතා අරඹෙපොල​,සරත් වීරසේකර ඇතුළු ජාති හිතෛෂී සියලු දෙනාට අපේ ප්‍රණාමය පුද කරමු.

  7. Sunil says:

    Lesson for all other MPs how to speak in the parliament. With facts and not just words. This is nothing new. I think this is the way it was before 1980s.

  8. sinhale le says:

    කල්ල තෝනි විග්නේශ්වරන්ට දැනගැනීම පිණිසයි

    ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන්, විවිධ වකවානුවලට අයත් පැරණි කාසි වර්ග හමුවී ඇත. අනේපිඩු සිටුතුමා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා ඡේතවනාරාමය භූමිය මිලදී ගැනීමට එම භූමිය වැසෙන පරිදි රිඳීකාසි බිම ඇතිරූ බව සඳහන් වේ. “කහාපණ” නම් වූ එම රිදී කාසි වර්ගය වල්ලිපුරම්, කන්දරෝඩෙයි, සම්බුතුරෙයි ආදී නොයෙක්‌ ස්‌ථානවලින් හමුවී ඇත. තවද බෝගස, දාගැබ, ස්‌වස්‌තිකය, ඇත්රුව ඇති තඹ කාසිද, ගජ ලක්‌ෂ්මි සහ සිංහල බෞද්ධ ස්‌වස්‌තික සටහන සහිත කාසිද, උතුරු පෙදෙසින් කැණීම් වලදී හමු වී ඇති බව සඳහන් වේ.

    ඒ 9 මාර්ගයේ වවුනියාව පසුකර අනුරාධපුරය දෙසට එනවිට පුනෑව සහ මැදවච්චිය අතර ඉසින්බැස්‌සගල මහා විහාරය විශාල ගල්තලාවක්‌ උඩ පිහිටා ඇත. මෙම ස්‌ථානය අවට බොහෝ බෞද්ධ නටබුන්ද, ගල් පාලමට අයත් යෑයි සිතිය හැකි ගල් කණු ද ඇති අතර ඒවා දැනට වනාත්තරය විසින් ගිලගනු ලැබ ඇත.

  9. Love nature says:

    වල් බිහිවෙලා ගහණව කටු ගස්‌ පඳු රු
    බොල් විය සිහල බල අබිමන් විය අඳු රු
    කුල් මත් වෙයව් අද දේසාලෙන් සොඳු රු
    ඔප් වමු අපේ බොදු උරුමය දෙරණේ උතු රු

  10. LION says:

    පර දෙමලුන්ට මුල මතක නෑ වගෙයි….. මේක සිංහල, බෞද්ධ රටක්.. උබලටත් ඉන්න ඕනෙනම් හිටපල්ලා… බැරිනම්, ඕන රටකට යන්න පුලුවන්…

Main News