ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට ආ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න..

December 12, 2018 at 12:05 am | lanka C news
ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට ආ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න..

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා විසින් ජනපති ඝාතනය ඇතුළු මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කරන බවට පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් 2018.12.09 දින පොලිස් මූලස්ථානය වෙත ගොනු කරනු ලැබුවේය. එම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් (12.11) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා.

පුරවැසි බලය නමින් හදාගත් නඩයක් විසින් පසුගිය දිනක පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කරපු බරපතළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප පක්ෂයක් විදිහට පොලිස්පතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කළා පසුගිය ඉරිදා දින. ඒ අනුව අද දින එම පැමිණිල්ලේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසියෙන් කරන ලද දැනුම් දීමට අනුව අප මෙම ස්ථානයට පැමිණියා. පැය තුනකට ආසන්න කාලයක් පොලිසිය මේ සම්බන්ධයෙන් අපගෙන් අදාල තොරතුරු ලබා ගැනීම් සිදු කළා. ඉදිරියේදී පැහැදිලිව ස්වාධීනව ඉදිරි විමර්ශන කටයුතු සිදුවේ යැයි අප විශ්වාස කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා

යහපාලනය සහ සාධාරණ සමාජයක් වැනි ඊනියා බෝඩ්ලෑලි කරපින්නා ගෙන එයින්ම බඩගෝස්තරය සවිකරගත් සමන් රත්නප්‍රිය ඇතුළු මේ කණ්ඩායම අද නීතිය අතට අරගෙන කටයුතු කරන්න උත්සාහ දරමින් ඉන්නවා . මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ලිබියාවේ ගඩාෆිට අත් වූ ඉරණම මතක් කරමින් ලේ හලා හෝ ආණ්ඩුව යළි ලබා ගන්නා බවටත් සිදුකරනු ලබන ප්‍රකාශ විශේෂයෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 114 සහ 115 යන රාජ්‍ය විරෝධී වරදටත් එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය යටතේ වූ වරදකට මෙන්ම සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුති පනතේ තුන් වන වගන්තිය යටතටත් වැටෙන සාපරාධි ක්‍රියාවක් ලෙසයි අප දකින්නේ. අප කවුරුත් මේ රටේ නීතියට යටත්. නීත්‍යානුකූලව පත්වූ සිරිසේන ජනාධිපතිවරයා ඉවත් කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් කළ යුත්තේ නීත්‍යානුකූල පදනමකින් යුතුව ප්‍රජාතන්ත්‍රවාදීව ඒ සඳහා කටයුතු කිරීමයි. නීතියට පිටින් කැලෑ නීතියකට ඉඩ ලබා දිය යුතු නැහැ. තමන්ගේ සුඛ විහරණ පසුගිය රජයෙන් ලැබුණු වරප්‍රසාද ලිට්රෝ සමාගමෙන් වැනි රහසිගත ගිනුම් වලින් ලැබෙන මුදල් නැත්තටම නැති වීම නිසා කෝපයට පත්ව සිදුකරන මේ ප්‍රකාශ තවත් එක් හුදකලා ප්‍රකාශයක් යැයි සිතා ඉවත නොදමා සමන් රත්නප්‍රිය ඇතුළු නීතියට පිටින් කටයුතු කරන එම පිරිස වහාම අත්අඩංගුවට ගන්න යැයි අපි ඉල්ලා සිටිනවා.

සිරිසේන ජනාධිපතිතුමන් ඝාතනය කිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇතුළු පිරිසකගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු වෙනවා. අධිකරණයේ නඩු කටයුත්තක් සිදුවෙමින් පවතිනවා. සමන් රත්නප්‍රියගේ ප්‍රකාශය ඇතැම්විට සිරිසේන ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ ප්‍රයත්නයේ ම කොටසක් දැයි අපට සැක මතු වෙනවා.

පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

මෙරට මේ සමාජය විනාශ කිරීමට උත්සාහ දරන ඒවගේම අපේ රටේ රාජ්‍ය නායකයන්ගේ ජීවිත විනාශ කිරීමට උත්සාහ දරන රාජ්‍ය නොවන සංවිධාන වලින් ජීවත් වන සමන් රත්නප්‍රිය වැනි කණ්ඩායම් මේ කරගෙන යනු ලබන රටට හානිකර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අපි නීතිය හමුවට ඇවිදින් කරුණු දක්වන්නේ තවදුරටත් මේ රටේ ලේ වැගිරීම් කිරීමට උත්සාහ දරන කණ්ඩායම් නැවැත්වීමේ අරමුණින්. අද පැය තුනකටත් අධික කාලයක් අපි මෙතෙන්ට ඇවිල්ල කට උත්තර ලබා දෙමින් මේ සඳහා කටයුතු කළා. අපි විශ්වාස කරනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙමින් මෙවැනි පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කඩිනමින් කටයුතු කරයි කියලා. රාජ්‍ය නොවන සංවිධාන හරහා විදේශ රටවල බලපෑමෙන් තමන්ගේ රට විනාශ කිරීමට උත්සාහ දරන සමන් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායම මෙතෙක් කලක් හැංගි හැංගි නටපු දේවල් අද එළිපිට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔවුන් මෙතෙක් කලක් කල ප්‍රෝඩාව කුමක්දැයි මේ රටේ සමස්ත ජනතාවට හෙළි කිරීම තමා අද අපි මේ ගත්ත ක්‍රියාමාර්ගයේ අරමුණ.

මෙම සිද්ධිය සම්බන්දයෙන් 3816 අංකය යටතේ නඩුවක් ගොනු කර ඇති බව මේ වන විට වාර්ථාවේ.

– අරවින්ද අතුකෝරල

44,786 Viewers

15 Comments to “ගඩාපිගේ ඉරණම ජනපතිට ගෙන දෙන්නට ආ සමන් රත්නප්‍රියට සිදුවන දෙය මෙන්න..”

  1. මාල රෝහිත says:

    හොඳ වැඩේ! මේ පාහරයට ජම්පරේ අන්දන්ඩම ඕනැ.

  2. Nihal says:

    NGOs.Problem makers.

  3. Rathna-Apriya says:

    Munge saadarana samajaya redda pallen berenna patan aragena wagei.
    Ekek ( angara dangara ambara damilaya ) Litro gas salli arang maattu,
    Meka anith ayata chance nodi aanduwe salli walin thun sarayek Geneva gthin maattu.
    Pimbenna issella gemba uge tharama danagatha yuthui!

  4. Mahasona says:

    Now people in Libya hate NGOs and have killed several NGO and Civil Society leaders who are responsible for ruining the country by carrying out the agenda of USA, UK, France and Germany.

  5. සභාවේ බඩ අල්ලාගෙන පෙරලි පෙරලි හිනා..

    • NIHAL says:

      Yes ofcourse we are going to have the last laugh. When Kamkaru,Gonja,male nurse get the jail sentance you too can share the laughter with your Toyiyas

  6. Randi says:

    මේ වගේ බොරු කියන රටට ද්‍රෝහිකම් කරන රටේ පැවැත්මට බාධා කරන මිනිසුන් මොකට ඉපදුනාද දන්නෑ

  7. asela says:

    This NGO kakka the person who is washing the backsides of patients is trying to become a big man. If you need money to feed your children better beg on the road with them, This is your final episode.

  8. podi gamaya says:

    Moo Mokekda Kiya Danno Danithi.

  9. Pal says:

    We have a set of betrayers identified..

    Saman Ratnapriya ..
    Sarath Weerasooriya..
    Dambara Amila..
    Gamini Uyangoda..

    We are waiting to see how the law and order of the country treat them in the near future.
    We should do this or we will see more of betrayers coming up.

  10. Pal says:

    We have a set of betrayers identified..

    Saman Ratnapriya ..
    Sarath Weerasooriya..
    Dambara Amila..
    Gamini Uyangoda..

    We are waiting to see how the law and order of the country treat them in the near future.
    We should do this or we will see more of betrayers coming up.
    We should stop this trend immediately. They are just Dollar 💵 hunters..

  11. kamal says:

    හොඳ වැඩේ! මේ පාහරයට ජම්පරේ අන්දන්ඩහොඳ වැඩේ!
    මේ පාහරයට ජම්පරේ අන්දන්ඩම ඕනැම ඕනැ
    හොඳ වැඩේ! මේ පාහරයට ජම්පරේ අන්දන්ඩම ඕනැ

  12. චන්ද්‍ර says:

    සමාජසාදාරණය වෙනුවෙන් පෙනී සිටින්නට තැත්කරන මේ තැනත්තා ලිබියා රටේ නායක තුමාගේ ඝාතනය ගැන අබමල් රේනුවක හෝ දැනුමක් නොමැතිව කෑ ගැසීම ඛේදජනයකය.නොදත්කම විදහාපෑමකි! එයා වටේ සිටින සගයන් කෙරෙහි කුමන කතාද!

  13. Hari says:

    MOOWA PARATA DANNA ONAE MOO KATHARA KARANNA MONAWADA KEYALA MOU MA DANNA NAHA

  14. shanaka says:

    උතුම් සේවාවක් නියෝජනය කරන මේ මිනිසා බල තත්හාව කිසි විකෘති වි ජන සංහාරයකට සැරසේන බවක් පෙනි යනවා මේ සම්බන්ධව වහාම පරික්ෂණ ආරම්භ කරන ලෙස ගරු ජනාධිපති තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .මොකද ජන ජිවිතය විනාශ වු පසුව නිතිය ක්‍රීයාමක කර පලක් නොවන අතර ,එය වලක්වා ගැනීම වැඩගත් බැවිනි. එබැවින් ජාතික ආරක්ෂාව පිණිස මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරිම සුදුසුය

Main News