ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. ඉන් දරු පවුල ජීවත් කරාවි.. බුදුන්ගෙ කාලෙත් තිබුණා..- පොහොට්ටු මන්ත‍්‍රීනී කෝකිලා

November 5, 2021 at 10:02 pm | lanka C news
ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. ඉන් දරු පවුල ජීවත් කරාවි.. බුදුන්ගෙ කාලෙත් තිබුණා..- පොහොට්ටු මන්ත‍්‍රීනී කෝකිලා

ගණිකා වෘත්තිය නීතිගත කරනවාට තමන් කැමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය සඳහන් කරයි.

මෙම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය තමන් කරන්නේ තම හෘද සාක්ෂිය අනුව බවත් කාන්තාවන් හැටියට ලිංගික වශයෙන් සූරාගෙන කෑමට ලක්වීමට තමන් විරුද්ධ බවත් ඇය පැවසීය.

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

‘මම පෞද්ගලිකව ගණිකා වෘත්තිය නීතිගත කරනවට කැමතියි. හේතුව මේ ලෝකෙ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉදන් ගණිකා වෘත්තිය තිබුණා… ලෝකයේ පැරණිම වෘත්තිය… මේක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මං කරන්නේ හැබැයි මගේ මේ හෘද සාක්ෂියෙන් මං මේ කතා කරන්නේ…

අද මොකද කරන්නේ… ගනිකාව සූරා කන්නේ නැද්ද කියන්නකො… ත්‍රීවිල් එකේ ඉන්න මනුස්සයා සූරා කනවා… එහෙම නැත්නම් ඒක කරවන අය තැරැව් කාරයෝ සූරගෙන කනවා…

ඊට වැඩිය මම විශ්වාස කරනවා. තමන්ගේ කැමැත්තෙන් ඇඟ විකුණනවා නම්, මේක නීතිගත කරලා දුන්නම අර අහිංසක ගැහැණු අමාරුවෙ වැටෙන්නෙත් නැහැ… හිරගෙවල්වල යන්නෙත් නැහැ… දරු පවුලක් රැකගෙන ඉඳීවි. මං පැහැදිලිවම විශ්වාස කරනවා සූරා කෑම නතර කරන්න පුළුවන් කියල.

කාන්තාවක් හැටියට කාන්තාවක් ලිංගික වශයෙන් සූරාගෙන කන එකට මම විරුද්ධයි. මේ රටේ ආර්ථිකය හදන්න එම අයිතිවාසිකම් දෙන්න ඕනි කියලා නෙමෙයි මං මේ කියන්නේ.

කාන්තාවක් හැටියට ගමේ ඉන්න අහිංසක ගැහැණිය අසරණ උනහම ඒ ගැහැණිය ගිහිල්ලා විකුණල මිනිහෙක් රුපියල් දහදාහක් අරගෙන ඒ ගැහැණියට දාහක් දෙන එකට මම විරුද්ධයි’

 

117,110 views

62 Comments to “ගණිකා වෘත්තිය නීතිගත කල යුතුයි.. ඉන් දරු පවුල ජීවත් කරාවි.. බුදුන්ගෙ කාලෙත් තිබුණා..- පොහොට්ටු මන්ත‍්‍රීනී කෝකිලා”

  1. Mohammed Pakeer says:

    Nono, panam atak aragana Matath Chance ekak denawaako?

  2. Gamarala says:

    පළමුවෙන් උබේ ඇග විකුනාගනින් කාලකන්නි ගැනී. උබේ අම්මත් මේවා කරලද උබව ලැබුනේ

  3. Sanju says:

    sampurna attha

  4. siripala says:

    Oke itin amutuwen neethi gatha koranda deyyak tiyenawai dan? tv ekak komputerayak gattath phone ekakin tiktok giyat redda kadan inna ekiyoma ne inne.

  5. Maxcimus Perera says:

    ඇත්ත තමා. එහෙම කලහම ගැහැණියට නියම තැන, ආරක්ෂාව, ලැබෙනවා. මේවා නීතිගත කලහම ඔය තියෙන අපයෝජන, අපරාධ, බොහෝදුරට අඩුවෙලා යාවී. මේ අපේ බෞද්ධ යයි කියාගන්නා සීමිත පිරිසක් බොරැවට දඟලනවා.. අර එකෙක් අහලා තියෙන්නේ උඹේ අම්මත් ඇඟවික්කද කියලා. ඒ වගේ මානසිකත්වයක් තියෙන අය කොහෙද සත්‍ය තේරැම් ගන්නේ. කෝකිලා මැතිනියගේ යෝජනාව ඉතාමත් අගය කොට සලකමි.

    • Gamarala says:

      Maxcimus, ගණිකා වෘත්තියේ ඇති සත්‍ය කුමක්ද ? ඇග විකුණා ලෙඩ රෝග වලට ගොදුරු වීමද ? උබ සමාජ රෝග ඇති වසලයෙක්ද ?
      ගණිකා වෘත්තිය කිසිම කාන්තාවකට සුදුසු නැත ..ඒවා නීතිගත කිරීමට උත්සාහ කරන්නේ සමාජ රෝගවලට ගොදුරු වූ මානසික පිස්සෝ පිස්සියන් …

  6. Vivek says:

    Naha me ya kiyanne, Dan me bankoloth and u we prathi paththi Honda artjikaya kada vatila business vatila inna vela we, kalian babe ganu Tina middle east yavannath bane. Within kana nathi kota and u wat a banina ska nathara Kara Vanna puluwanne nee thy an u kill av a am ala ganika wurthiya karaka Salli gamba keahama GE val bala Inna ayta bad at a monva Bari vatunahama gedara in kagahanne bath ithiri aha kagahanne bath name. Strategy is that. Shut the mouths up of poor/ middle income family who is blaming the hov

  7. Wetta Paase says:

    Paramparawe job eka patan ganna laisen illanawa wagei!