ගමකට පැන්න හොරුන්ට අමතක නොවන පාඩමක්…

March 28, 2018 at 4:40 pm | lanka C news
ගමකට පැන්න හොරුන්ට අමතක නොවන පාඩමක්…

කිලිනොච්චිය පන්නංකට්ටිය ප්‍රදේශයේදී නිවාස හා වෙළඳසැල් මංකොල්ල කෑමට පැමිණී කල්ලියක් අද (28) අළුයම ගම්වාසීන් කොටුකර ගැනීමට යාමේදී එම කල්ලිය පැමිණි යතුරුපැදියක් හා කඩු ආදිය දමා පලා ගොස් ඇත.

පන්නංකට්ටිය ගම්වාසීන් කියා සිටියේ පසුගිය දින කිහිපය තුලදී කිලිනොච්චියේ වෙළඳසැල් 30 කට අධික ප්‍රමාණයක් කොල්ල කා මුදල් හා ජංගම දුරකතන රැගෙන ගොස් ඇති බවටත් සී.සී.ටී.වී. ඇති වෙළඳසැල්හි කෙසේ හෝ විදුලිය විසන්ධි කොට කොල්ලකෑම් සිදු කළද මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවටයි.

අද අළුයම 2 ට පමණ කිලිනොච්චිය පන්නංකට්ටිය ගම්මානයට කොල්ල කල්ලියක් පැමිණ ඇති අතර එම කල්ලිය දැක්ක ගම්වාසියෙකු කෑගැසීමෙන් අවට පිරිස් එම අවස්ථාවේදීම රැස්ව කොල්ල කල්ලිය ලුහු බැඳීම හේතුවෙන් කොල්ල කල්ලිය පැමිණි යතුරුපැදිය හා කඩු ඇතුලු තියුණු ආයුධ කිහිපයක් දමා පලා ගොස් ඇති අතර ගම්වාසීන් විසින් කොල්ල කල්ලිය පැමිණි යතුරුපැදියටද අලභහානි සිදු කොට පොලීසියට දැනුම් දී ඇත.

මේ අනුව කොල්ල කල්ලිය විසින් දමා ගිය යතුරුපැදි හිමිකාරීත්වය අනුව කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා පරක්ෂණ ආරම්භ කොට ඇති බවටද කිලිනොච්චිය පොලීෂිය කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

14 views
Main News