ගමට කඩා වැදුනු දිවියා වනජීවි නිලධායෙකු ඇතුලු ගම්මු දස දෙනෙකු හපා කයි… ගම්මු එකතු වී දිවියාට ගසා මරා දමයි…
June 21, 2018 at 6:48 pm | lanka C news
කිලිනොච්චිය අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු දිවියකු අද (21) උදෑසන වනජීවි නිලධාරියකු ඇතුළු එම ගම්මානයේ පුද්ගලයින් දසදෙනකු පමණ සපාකා ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ගම්මානයේ ගවයින් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා ගම්වාසින් සිව්දෙනකුට ප්‍රථමයෙන් පහරදී සපාකා ඇති බව වනජීවි නිලධාරීන් පවසයි.
පහරදීමෙන් පසු දිවියා ප්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිටි අතර එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් ද හට ගැණින.
දිවියා නිර්වින්දනය කර අල්ලා ගැනීම සඳහා එම ස්ථානයට පැමිණි කිලිනොච්චිය වනජීවි පශු වෛද්‍ය නිලධාරී බී. ගිරිදරන් මහතා ප්රමුඛ වනජීවි නිලධාරී කණ්ඩායමක් මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුම අතරවාරයේ දී දිවියා විසින් වනජීවි නිලධාරියකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
ගම්වාසීන් අවට ප්‍රදේශවල රැදී සිටීම හේතුවෙන් මෙහෙයුම සිදුකිරීමේ අපහසුතාවයක් ඇති බවට වනජීවි නිලධාරීන් ගම්වාසීන්ට දැනුම්දී ඉවත්වන ලෙස දන්වා තුවාලකරු රැගෙන වනජීවි නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගියබව අම්බාලකුලම් ප්‍රදේශවාසීන් පවසා සිටියහ.
වනජීවි නිලධාරීන් ඉවත්වීමත් සමඟ ගම්වාසීන් පිරිසක් පොලූ මුගුරු අතැතිව දිවියා මරාදැමීම සඳහා සොයමින් සිටියදී එහි සිටි පිරිසට නැවත වරක් පහරදුන් දිවියා පුද්ගලයින් පස්දෙනකු සපාකෑහ.
දිවියාගේ පහරදීමත් සමඟ එම ස්ථානයට පැමිණි සෙසු ප්‍රදේශවාසීන් දිවියාට පොලූ මුගුරු වලින් පහරදී මරාදමණු ලැබීය.
දිවියාට පහරදී මරාදමන අවස්ථාවේ වන ජීවි නිලධාරීන් ඉවත්ව සිටි බව ප්‍රදේශවාසීන් කියති.
වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති මරාදැමුණු දිවියා දිගින් අඩි පහක් පමණ හොදින් වැඩුණු සත්වයකු බව කිලිනොච්චිය වනජීවි කාර්යාලය සඳහන් කරති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොටිය ආවෝ කොටිය ආවෝ (පුලි වාංකල් පුලි වාංකල්) කියනකොට කවුරුවත් ගණන් අරන් නෑ, මොකද 2009 වෙනකම්ම එහෙ කොටි හිටිය ඒකේ ඕක අමුත්තක් නෙමෙයි. ඉතින් කොටිය ඇවිත් 10 ක්ම කාල යනකම් මොකෙක්වත් ගණන් අරන් නෑ.
යහපාලන ආණ්ඩුව යටතේ කැලේ විනාශ කරද්දී කැලේ සත්තුද මරා දමයි…මිනිසුන්ටද, සතුන්ටද නීතිය ක්‍රියාත්මක නොවේ….
හරි පුන්චි කොටියෙක්නේ. වනයට එලවලා දාන්නේ නැතිව නපුරු මිනිසුන් 20ක් පමන වටවෙලා කපා කොටා මරන දක්ශ කම කවුරු හරි වීඩිඕත් කරල. මේක බලන වෙන කවුරු හරි ඉන්නවාද 80/90 දශකයන්හී උතුරේ නපුරු මිනිස් කොටි මායින් ගම් වල මිනිස් පොඩිඋන් කපා කොටා මරපු හැටි පත්තරේක වත් දැකපු අය
සරත් ෆොන්සේකා වනජිවිය භාර ගැනීමත් සමග සතුනුත් ඉවරයි….මිනිස්සුත් ඉවරයි….
මේ දිවියා දකුණෙදි මැරුනනම්, පරිසර සංවිධාන මාධ්‍ය හමු,වනජීවි ඇමති දිවියා වෙනුවෙන් පෙනීසියි. මේ වෙනකොට ගම්වාසීන් කීහිප දෙනෙකු අත් අඩංගුවට .
True.
The Wildlife officers are responsible for the death of this leopard. Coz they failed to do their duty.
These people have killed him in a very barbaric manner and the way they have celebrated is disgusting. Which is also not surprising when you think about how LTTE killed villagers, infants & children during the war period. They smashed kids on coconut trees… remember?
However, law & order wont be there & there wont be punishments as the yamapalana co-existence will be damaged ……..
RIP big cat !
ඔබ හරියටම හරි. මෑතකදී අදිකරන ඇමතිනිය කීවා නීතිය ආගම් ජාති කියලව් වෙනස් කරන්න බෑ කියල. එහෙනම් මෙන්න ශාක්ශි. සන්හිදියාව පැත්තකට තියල නීතිය කරන එකයි ඇත්තේ.
Need to arrest all the persons involved in brutal murder of protected animal. Proper inquiry against the wild life officers also needed. Minister Fonseka must take strict action on this brutal act.
Totally agree with Dasun. Need to arrest all these murderers. Minister Fonseka, country is looking at you
It was just little bigger than a cat. These are child killers and prosecuted on that charge
This is not a diviya . This is a Kotiya.
Panthera pardus kotiya.