ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇදන් පාරෙ යන්න බෑ..- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි

November 8, 2021 at 12:00 pm | lanka C news
ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇදන් පාරෙ යන්න බෑ..- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි

ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස තමනට රෙදි ඇඳගෙන පාරේ යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.

හෙට අනිද්දා වන විට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැසීමට නොහැකි වනු ඇති බව ද තමන් ආණ්ඩුවේ නායකයන්ට අනතුරු අඟවන බවද ඔහු පවසයි.

නුවර එළිය ප්‍රදේශයේ ගොවි නියෝජිතයන් පිරිසක් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

ඉදිරියේදී ආණ්ඩුවේ නියෝජිතයන් එලවා දමන තැනකට, උත්සවයකටවත් ගමකට යන්න බැරි තැනකට, ආණ්ඩුවේ වැඩසටහනක් විවෘත කරගන්න බැරි තැනකට පත්වනු ඇති බවත් ගොවියන් එක්වී පලවා හරින තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

42,056 views

17 Comments to “ගමට යන්න බෑ.. ජනතාව ගහල පන්නනවා.. රෙදි ඇදන් පාරෙ යන්න බෑ..- ආණ්ඩුවේ මන්ත‍්‍රී කියයි”

  1. 0.00069 BIYYO says:

    කොහොමත් ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයෙක් ලෙස උඹල ඔක්කොම ඉල්ලගෙන කනවා ඉක්මනට බලාගෙන හිඳපන් පක්ෂය අදාල නෑ ජනතාවට ලැබිලා තියෙන දේවල් හොඳටම ඇති

  2. Polgahawela says:

    තොපිටයි තොපේ පවුලයි හැම එකාටම හෙණ ගහන්න මැරිලා පලයන්

  3. අපේ රට says:

    මෙ තමා පොලවෙ ඇත්ත කතාව සලුපිලි ගලවා සොයා බලවි

  4. calista says:

    කොහොමත් ආන්ඩුව පලවා හැරීමට ජනතාව පාරට බැසීම ඉතාම ලඟයි මෙවර අය වැය රාජපක්ෂ වරුන්ගේම අවසානයයි රට විකුණා කෑම හැර වෙන විකල්පයක් නැත අද ජනජීවිත අන්ත අසණවී එක වේලද තේ උගුරද නැත රටේ ජීවනාලිය වන ගොවියාගේ කොන්ද කඩා දමා ඇත රටතුල වගාකර කැද උගුරක් බීමට නැති වන තරමටම ගොවියා අසරනය රට සෝමාලියාවක් වෙනු ඇත

  5. calista says:

    මෙදා අය වැයට පසු මුලු රටම එකම ගිනිජාලාවක් වී ඇත අද්ධාපනය සෞවුඛය යන සියලුම දේ අතහැර බහුබූත අය වැයක් මොළ හතානෝ ඉදිරිපත් කලහ අද මුලු රටම බිමටම සමතලා කල මේ මෘර්ගයින් පන්නා දැමීම නොකලොත් රට සෝමාලියාවක් ඉතියෝපියාවක් වනු ඇත උගතුන් බුද්දිමතුන් රටින් යෑම වෙනුවට මුන් එලවා දමන්න පාට පක්ෂ ආගම් ජාති අතහැර එකතුවන්න

Main News