ගමට යන්න විදිහක් නෑ.. මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපය පරාදයි.. හවුල් ආණ්ඩුව තවත් බෑමයි..- ඇමති ජෝන් ජනපතිගේ මූණටම කියයි..

July 14, 2017 at 9:20 am | lanka C news
ගමට යන්න විදිහක් නෑ.. මෙහෙම ගියොත් ශ‍්‍රීලනිපය පරාදයි.. හවුල් ආණ්ඩුව තවත් බෑමයි..- ඇමති ජෝන් ජනපතිගේ මූණටම කියයි..

සැප්තැම්බර් මාසයේදී එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම් කාලය අවසන් වූ පසු ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී උවමනා අවස්ථාවන්හිදී ජනාධිපතිවරයාට උදවු කරන තීරණයකට යා යුතු බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා සදහන් කර ඇත.

ඒ මහතා මේ බව සදහන් කර ඇත්තේ 12 වන දා රාත‍්‍රියේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවත් ශ‍්‍රීලනිප මැති ඇමති හමුවේදීය.

ආණ්ඩුව තුල සිටීමෙන් ශ‍්‍රීලනිපය අභ්‍යන්තරයේ විශාල ප‍්‍රශ්නයක් මතුව ඇති බවත් පාක්‍ෂිකයින්ට මෙය විශාල ප‍්‍රශ්ණයක් වී ඇති බව ගමට ගිය විට පෙනෙන බවත් පවසා ඇති ඇමති සෙනෙවිරත්න මේ ආකාරයට ගියහොත් ඉදිරි මැතිවරණයේදී ශ‍්‍රීලනිපයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි බවත් පෙන්වා දී ඇත.

ඒත් සමගම තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම එම මතය අනුමත කරමින් සදහන් කර ඇත්තේ තව දුරටත් හවුල් ආණ්ඩුවේ හිදීමෙන් කිසිදු පලක් නැති බවයි.

කෙසේ වෙතත් තව දුරටත් ජාතික ආණ්ඩුව තුල ඉන්නේද ඉවත් වන්නේද යන්න තීරණය කරනු ලබන්නේ දෙසැම්බර් මාසය ආසන්න වන විට බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා ඇත.

30 views