විශ්වාස භංගය කල් දමන්නැයි ඊයේ සාකච්චාවේදී ජනපතිගෙන් ඉල්ලයි.. ජනපති බෑ කියයි..

April 3, 2018 at 3:22 am | lanka C news
විශ්වාස භංගය කල් දමන්නැයි ඊයේ සාකච්චාවේදී ජනපතිගෙන් ඉල්ලයි.. ජනපති බෑ කියයි..

හෙට (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විශ්වාස භංගය ගැන සාකච්චා කිරීම සදහා ඊයේ (02) පස්වරුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසුනි.

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග සාකච්චා කර හෙට දිනයේ විශ්වාස භංගය විවාදයට නොගෙන ටික දිනකට කල් දමා ගැනීම සදහා එකගතාවයක් ඇති කරන්නා ලෙස එම පිරිස විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නමුත් එම ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් නොලද බවද එම ආරංචි මාර්ග තහවුරු කර සිටී.

69 views

9 Comments to “විශ්වාස භංගය කල් දමන්නැයි ඊයේ සාකච්චාවේදී ජනපතිගෙන් ඉල්ලයි.. ජනපති බෑ කියයි..”

  1. Podi hamuduruwo says:

    පිස්සුවක් ඇතෑ….

  2. Anil uk says:

    Imagine how desperate ranil is to stay in power, he must be the only person in politics whos is the most desperate person to stay in power without delivering anything to our countrymen and a traitor

  3. Asaranaya says:

    “කන්කුන්ඬෝ බොල කන්කුන්ඬෝ තෝත් නටාපිය, මමත් නටන්නම්”
    පින්ගුත්ත්‍රයාගෙ අලුත්ම නාඩගම් කවිය

  4. ඇත්ත says:

    වි ජමු ලොකුබණ්ඩාර කථානායක වෙන්න පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන වෙලේ හෙළ උරැමය ඡන්දය බැලන්ස් කළා වගේ රනිල් දිනවන ඡන්දය බැලන්ස් කරන්නේ කවුද?

  5. nalin says:

    කන්තන දුන් අත හපා කන්න මහින්දගෙ ආණ්ඩුවේ අයට පුළුවන් වුණාට තමන්ව ජනාධිපති පුටුවේ වාඩිකරපු රනිල්ට ද්‍රෝහී වන්නට මෛත්‍රී ඉදිරිපත් වෙයිද?

  6. Mega says:

    Ranil mahathmaya ekka me ratata idiri gamanak na…a nisa paksha bedayen thorawa hoda agamathi thumek path karagena watunu walen goda emay hoda..kola nil nobala ratata adare tiyena konda pana tiyena polawe paya gahala geewathwena manussayekuta agamathikama labewa!…

  7. simion says:

    අනේ පව් කියලත් හිතෙනවා අප්පා….අගමැතිගෙ මූණ මේ දවස්වල හරියට කරත්ත රෝදයට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ…මට අර ඉස්සර ෆ්‍රෙඩී සිල්වා කියපු සිංදුවක් මතක් වෙනවා මූණ දැක්කම..”ආරොං මාමා වයසක මිනිහෙකි..නිතරම හීනෙන් බය වෙලා වාගෙයි..ලේ කඳුලක් නෑ මූණේ”…ගෝල බාල ඇට්ටරොයො ටිකත් ඊට අන්තයි..හෑම තැනම පුවත් පත් සාකච්චා තිය තියා පිස්සු කෙලිනවා..

  8. Open mind says:

    අද එකක්….හෙට තව එකක්…….ජනතාව වික්ෂිප්ත යි…..මේක තමයි හෙනේ

  9. නිදහස් says:

    මෛත්‍රිපාල සිරිසේන කියන නමට තිබ්බ ගෞරවය එ.ජා.ප ය විසින් නැතිකරා. අපට කණගාටුයි රටේ මුල් පුරවැසියා කෙරෙහි ජනතාවගෙ තිබ්බ විශ්වාසය නැති කරාට. ජනාධිපතිවරයාට මේක හොද අවස්ථාවක් රටට වින කරන අගමැති නෙරපා යහපාලන බලාපොරොත්තු තවදුරටත් ඉදිරියට ගෙනයන්න පුළුවන් අගමැතිවරයෙක් පත්කර ගැනීමට. රටට බලාගෙන ඉන්නව ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබද.

Main News