ගම්පහට ගංවතුරට හේතුව සොයාගනී..

June 19, 2021 at 7:07 pm | lanka C news
ගම්පහට ගංවතුරට හේතුව සොයාගනී..

සංවර්ධන කටයුතු සිදු කරනුයේ ජනතාවගේ පහසුව වෙනුවෙන් වන අතර සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ජනතාවට සවන්දීම හා ජනතාවගේ යෝජනා ලබාගැනීමට රජය කටයුතු කරන බැවින් ජනතාව පීඩාවට පත්වන සංවර්ධනයක් රට තුළ ක්‍රියාත්මක නොකරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ, ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග හා ඒ පිළිබඳව දැනට සිදුකරගෙන යන සමාලෝචනයන්හි වත්මන් තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකට සහභාගී වෙමිණි.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාව නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුව මධ්‍යයම අධිවේගී මාර්ගය බව ජනතාව විසින් චෝදනා කළේය. ඒ අනුව ජනතා හඩට ඇහුම්කන් දෙමින් අදාළ ගැටලුව පිළිබඳව සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අදාළ සමාලෝචන වාර්තාව ලබන සදුදා දින අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිතව ඇත.

අදාළ ප්‍රදේශ ජලයෙන් යටවීමට හේතුවී තිබෙන්නේ ඇල මාර්ග හා ජලය බැස යන කාණු පද්ධති දීර්ඝ කාලයක් තිස්සේ පිරිසිදු නොකිරීම හා නිසි ලෙස නඩත්තු නොකිරීමයි. එමෙන්ම මධ්‍යම අධිවේගය ඉදිකිරීමේදී සේවා සැපයීම සඳහා තාවකාලිකව ඉදිකර ඇති ඇතැම් මාර්ග නිසි ජල බැසීමකින් තොරව ඉදිකර තිබීම මෙම තත්ත්වයන්ට යම් හේතුවක් වූ බව මූලිකව අනාවරණය විය. මධ්‍යම අධිවේගය ඉදිකිරීම අවසන් වූ වහාම අදාළ සේවා මාර්ග ඉවත් කරන බැවින් ගම්පහ ප්‍රදේශය ජලයෙන් යටවීමට ඉදිරියේදී එය හේතුවක් නොවනු ඇත.

එමෙන්ම ඇල මාර්ග හා කාණු පද්ධති දීර්ඝ කාලයක් නිසි නඩත්තුවක් හා පිරිසිදු කිරීමක් කර නොමැති හෙයින් ඒවා පිරිසිදු කර නිසි ලෙස ජලය බැස යාමට කටයුතු සිදුකරීම සඳහා වන යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන්නැයි පහත්බිම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

“අදාළ සමාලෝචනයන් සලකා බලා පවතින ගැටලුකාරී තත්ත්වන්ට විසදුම් ලබාදෙමින් ගම්පහ දිස්ත්‍රික්කය ජලයෙන් යටවීම හා රථවාහන තදබදයන්ට විසදුම් ලබාදීම සඳහා කටයුතු කරනවා. ජනතාව පත්කළ, ජනතාවට ඇහුම්කන්දෙන රජයක් විදියට ජනතාව පීඩාවට පත් නොකොට, ජනතා අභිලාශයන් ඉටුකිරීම වත්මන් රජයේ අරමුණයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් මධ්‍යම අධිවේගය කඩිනමින් අවසන් කොට ජනතාව වෙත පවරාදීමට කටයුතු කරන“ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබිලිව්.ආර් පේමසිරි, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක, අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහත්වරු, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

– midea unit

33,535 views

7 Comments to “ගම්පහට ගංවතුරට හේතුව සොයාගනී..”

  1. මිල්රෝයි වෙන්නප්පුව says:

    එතකොට අර දේවානි නෝනා මොකක්ද එකක් කළ නිසා ගංවතුර ආවා කිවවේ. ඒක නෙවෙයිද හේතුව ලන්සයියේ?

  2. Sakunthala says:

    ලංසයියාගෙ මොලේ තමා මොලෙ

  3. Pansa lakaya says:

    Dan ena ena aanduwala pihiten me lankawata mahaaa parimanayen KUDU genwana kalakanniyek wana NImal Lansa balaye innawaa…? Me wage kuddo ratama kanawaaa…? Ayi minissune me wage Dathu sunakayanta Thopila chande denne…..’munwa arabi rataka nam gal gahala maralaaa….meka
    Ithin lankaawa hinda mun yhama nidale….! Me wage apathayo marala damma nam Ratatama karana sethak

  4. පොඩි රාජා says:

    විමලගෙ හොරකම කොහොමත් වැඩි , ජනාධිපති තුමා ගත් තීරණය හරි.

  5. පොඩි මිනිහා says:

    මේක කියන්න ලංසයියම හෙවුවනෙ.දැන් ඉතින් හැම දේම ලංසයියටම බාර දෙමු හොයන්න.අර පාස්කු ප්‍රහාරෙටත් හේතුවක් හොයල දියන් ලංසයියේ

  6. KG says:

    Man thithuwe dewanige gaha kiyala kiyai kiyala.. thank kuuu lanza ssssssaaaaaarrrrr

  7. සිසිල් සුදේශ් says:

    ලංසා ලංසා ලංසා ලංසා ලං-සා,
    එපා ලංසා බොරු කියන්න,
    ලංසා ලංසා ලංසා ලංසා ලං-සා,
    ලස්සන දේවානිට කීකරු වෙන්න!