ගම්පහට ගංවතුර ආවේ දේවානි ජයතිලකගේ වරදින්…- ඇමති ලංසාගෙන් චෝදනා

June 8, 2021 at 12:02 am | lanka C news
ගම්පහට ගංවතුර ආවේ දේවානි ජයතිලකගේ වරදින්…- ඇමති ලංසාගෙන් චෝදනා

ගම්පහ ප්‍රදේශය හරහා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට එක කාන්තාවක් බාධා කිරීම හේතුවෙන් නිසි ආකාරයෙන් එම කටයුත්ත සිදු කර ගැනීමට බාධා ඇති වූ බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.

ඇය එසේ නොකළා නම් සමහරවිට ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළවේලි මාර්ග පිළිසකර කර අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු සිදු කිරීමට තිබුණු බවද ඔහු පැවසීය.

එසේ වූයේ නම් අද ගම්පහට ඇතිවන ජල ගැලීම් සිදු නොවන්නටද ඉඩ තිබූ බවත් ඇමතිවරයා පවසයි.

නිමල් ලංසා මහතා මෙම චෝදනාව ව්‍යංගාර්ථයෙන් එල්ල කරන ලද්දේ ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය වෙතයි.

ඔහු මෙම අදහස් පළ කළේ පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා වන අධිවේගී මාර්ගයේ සමාරම්භක වැඩසටහන අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

‘ගරු ජනාධිපතිතුමා හැමදාම අහන්නේ මේ තදබදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය මේ ව්‍යාපෘති කවද ද ආරම්භ කරන්නෙ කියලා. මේ මාර්ග  බහුතරයක් විදේශ රටවල් ණය ආධාර ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේවා පරක්කු වෙනවා කියන්නේ මේ රටේ මහජනතාවගේ මුදල් තමා අන්තිමට ගෙවන්න වෙන්නෙ.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපතිතුමා වෙලා ඉද්දී මේ ව්‍යාපෘති සැලසුම් කළා.

මහින්ද චින්තනය යටතේ එදා සැලසුම් කරලා 2015 පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී තමයි  අපේ ආණ්ඩුව පැරදුනේ.

හැබැයි ඊට පස්සේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා වැඩබිමක් වෙලා තිබ්බ මේ රට අවරුදු 5කදි මුඩුබිමක් බවට පත් කළා කියලා ජනතාව කියන මට්ටමකටම ගෙනාවා.

හැබැයි යුද්ධය අවසන් වූ පසුව ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ලෝකයේ දියුණු වෙච්ච රටවල් වල තියෙන මාර්ග පද්ධතිය හා සමාන මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාව තුළ ඉදි කරන්න පුළුවන්කම ලැබුණා. අධිවේගී මාර්ග විතරක් නෙමෙයි ගමේ සෑම මාර්ගයක්ම කාපට් හෝ කොන්ක්‍රීට් කිරීම දක්වා එය දියුණු වුණා.

ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ තරම් මේ රටේ මාර්ග සංවර්ධනයක් කවදාවත් ඉතිහාසයේ වෙලා නැහැයි කියන එක මේ අවස්ථාවේදී මම මතක් කරනවා’

49,374 views

49 Comments to “ගම්පහට ගංවතුර ආවේ දේවානි ජයතිලකගේ වරදින්…- ඇමති ලංසාගෙන් චෝදනා”

  1. Anuradha says:

    මෙවැනි දේයක් මේ කුඩු ලාංසා කිවේ මහින්ද ලඟදි වුවත් එය ඔවුත් අනුමත කිරීමක් කළසේයි අපිට හැඟීයන්නේ.එදා මේ කුඩු කරයාවේනුවෙන් පෙනීසිටි ඔවු අද මෙයට අනුමත කිරීම මිස වෙනත් දෙයක් කියාවිද?????

Main News