ගම්පහට 5000 බෙදන්න රුපියල් කෝටි 230ක්..

October 29, 2020 at 2:02 am | lanka C news
ගම්පහට 5000 බෙදන්න රුපියල් කෝටි 230ක්..

මෙතෙක් 5000 දීමනාව හිමි නොවූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් හාරලක්ෂ හැටහතරදහස් දෙසීය පනස් හතරකට(4,64,254) රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා ආර්ථික පුනර්ජීව කමිටුවේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගෙන් කල ඉල්ලීමක් අනුව මෙම ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. එ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 15ක පවුල් හාරලක්ෂ හැටහතරදහස්  දෙසීය පනස් හතරකට (4,64,254)රුපියල් 5000 දීමනාව ලබා දීමට අවශ්‍ය රුපියල් 2,321,270,000ක මුදලක් මේ වන විට රජය වෙන් කර තිබේ. අධියර කීපයක් යටතේ මෙම ප්‍රතිපාදන වෙන් කරන බවත් ඒ අනුව අදාල ගෙවීම් කටයුතු සිදුකරන බවත් ඇමතිවරයා සදහන් කලේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලිපිටිය හා වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ 03 ක පවුල් 80000 සදහා රුපියල් 5000 දීමනාව ලබා දීම පසුගිය සිකුරාදා වන විට අවසන් කර තිබුණි. ඒ සදහා රජය වැය කල මුදල රුපියල් මිලියන 400කි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සදහන් කලේ ලබන ඉරිදා වන විට මෙම ගෙවීම් කටයුතු ආරම්භ කල හැකි බවයි.

බියගම පවුල් 46,008ක්, කැළණිය 33,849ක්, වත්තල 46519, මීගමුව 38,458ක්, මහර 45,503ක්, දොම්පේ 32,132ක්, ගම්පහ 39,342 ක්, ජා ඇල 45,605ක්, කටාන 53581ක්, සදහා මෙන්නම දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඉතිරි ග්‍රාම සේවා වසම් 59ක පවුල් 20,614, අත්තනගල්ල ඉතිරි ග්‍රාම සේවා වසම් 118ක පවුල් 30,603ක් සදහා මෙම මුදල් ඉල්ලා තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට නිරෝදායනය පවුල් සංඛ්‍යාව 6000කට අධිකය. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොවිඩ් නැවත්වීමේ කමිටුව නිරෝධායනය වන පවුල් සදහා අහාර රුපියල් 10000ක ආහාර ලබා දීමට ඊයේ තීරණය කර තිබේ.

ඒ අනුව එම පවුල් 6000කට අධික සංඛ්‍යාව සදහා අත්‍යවශ්‍ය අහාර ලබා දීමට රුපියල් 10000 බැගින් ප්‍රතිපාදන ලබා දෙන ලෙසද රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සදහන් කරයි.

– midea unit

8,842 views

3 Comments to “ගම්පහට 5000 බෙදන්න රුපියල් කෝටි 230ක්..”

  1. ක්‍රිමිනල් says:

    පන්දාහ ගානේ බෙදනවා වෙනුවට පකනිල් පෙත්ත ගානේ බෙදුව නම් වියදමත් අඩුයි. කොරෝනාවත් ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. මයික් පොම්පියෝ says:

    රටේ මිනිස්සුන්ගේ සල්ලි ආපදාවක් වෙලාවෙදි රටේ මිනිස්සුන්ටම ආන්ඩුවෙන් බෙදද්දි ද්විත්ව පුරවැසියා තමන්ගේ පොකට් එකෙන් ගෙවනව කියලා හිතාගෙන හිනාවෙලා දෙන්නෙ

  3. කරීනා says:

    ගියපාර දෙනකොටත් ග්‍රාමයෝ සහ මංතීලා ඒ අයට ඕනේ අයට දුන්නේ. හාමුදුරු කෙනෙක් කිව්වේ පව් පිං අනුවයි ඒකත් වෙන්නේ කියලා. මේවා මාද්‍ය සංදර්ශන. මිනිස්සු විවේචනය නවත්වන්න.මෙහෙම සල්ලී දෙන්නේ කොහොමද තියෙන නය පොලී වත් ගෙවාගන්න බැරුව ඉන්දැද්දි. රටේ ඉතිරි කෑලිත් මෝරුන්ට බිලි වෙයි. ඒක ලොකු රටවල් දන්නවා.

Main News