ගම්පහ ඔක්සිජන් තියෙනවා…

May 18, 2021 at 4:40 pm | lanka C news
ගම්පහ ඔක්සිජන් තියෙනවා…

කොවිඩ් වසංගතය හමුවේ ඉදිරියේ දී මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ කඩිනම් වැඩසටහනක් ඇරඹේ. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියේ පවතින අඩුපාඩු හා ගැටළු වලට විසදුම් ලබාදෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතියේ පවතින ගැටළු පිළිබද සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) පැවැත්විණ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බළධාරීන් හා ප්‍රා දේශීය ලේකම්වරු, පළාත් ප්‍රධානීන් එක් ව සිටියහ.

එක් දිස්ත්‍රික් රෝහලකින්, මූලික රෝහල් 04කින්, ප්‍රා දේශීය රෝහල් 09 කින් හා ප්‍රා දේශීය වෛද්‍ය සත්කාර ඒකක 45 කින් ගම්පහ රෝහල් පද්ධතිය සමන්විතයි. ගම්පහ ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලීන් ආරියරත්න මහතා මෙහි දී පෙන්වා දුන්නේ පවතින තත්ත්වය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් වල කොවිඩ් රෝගීන් ඇතුළත් කර ගැනීමේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවයි. අතරමැදි දැඩි සත්කාර ඒකක ඇදන් (HDU BEDS) 125 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ලබාදීමට නියමිත බව ද ඔහු කීවේය.

ගම්පහ දිස්ත්‍රික් රෝහලේ ඔක්සිජන් නොමැති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රා දේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලක ඔක්සිජන් හිගයක් මතු වී නොමැති බවයි. කිසිදු රෝහලක ඔක්සිජන් අවශ්‍ය ධාරිතාව ඉක්මවා ගොස් නැතැයි ද ඔහු අවධාරණය කළේය. ගම්පහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා සදහන් කළේ වෛද්‍යවරයෙකු විසින් ලියු ඉංග්‍රිසි සටහනක් වෙනත් අයෙකු සිංහලට පරිවර්තනය කර තමන්ට අවශ්‍ය පරිදි මුහුණු පොතට එකතු කිරීම මත මෙම වැරදි ප්‍රචාරය සිදුව ඇති බවයි.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය සදහන් කළේ මේ වසරේ දි රැපියල් 56,557,458.75 ක ප්‍රතිපාදන ගම්පහ දිස්ත්‍රික් රෝහල නවිකරණය සදහා ලබා දී ඇති බවයි. කොවිඩ් තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රතිපාදන ලබාදීම කඩිනම් කර ඇතැයි ද ඇය සදහන් කළාය.

රජය හැමවිටම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සදහා ප්‍රමුඛතාව ලබාදෙන බව පැවසු ඇමති ප්‍රසන්න රණතුංග මහතා රෝහල් බළධාරින් අදාළ අවශ්‍යතාව පිළිබද ඉල්ලීම් ඉදිරිපත් වන්නේනම් ඒවා ඉටු කර දීමට සුදානම් බව ද කීවේය. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය තුළ හදිසි අවශ්‍යතාවයන් පිළිබද වාර්තාවක් ඒ ඒ රෝහල් මගින් දින කීපයක් තුළ ලබාදෙන ලෙසත් බස්නාහිර පළාත් සභාව හා මධ්‍යම රජය මගින් එම අවශ්‍යතා සපුරාදීමට කඩිනමින් කටයුතු කරන බවත් ඇමතිවරයා කීවේය. අබලන් වි ඇති රෝහල් උපකරණ අලුත්වැඩියාව සදහා ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සහාය ලබා ගන්නා ලෙස ඇමතිවරයා බළධාරීන්ට උපදෙස් දුන්නේය. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ ස්වෙච්ඡාවෙන් ඒ සදහා ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබේ. රෝහල් වල තාවකාලික වාට්ටු ඉදිකර ඇදන් අවශ්‍යතා සපුරාලීමට ද කටයුතු යොදා ඇති බවත් දැනටමත් වතුපිටිවල, මිනුවන්ගොඩ හා මීරිගම රෝහල් වල මෙවැනි තාවකාලික වාට්ටු ඉදි කර ඇති බවත් ඔහු කීවේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය අප්‍රේල් 17 වන දින සිට මැයි 18 වන දින දක්වා කොවිඩ් රෝගීන් 9289 ක් වාර්තා වී ඇතැයි මෙහි දී හෙළිවිය. දිවුලපිටිය, මහර, බියගම ප්‍ර දේශ වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 27,398 ක් බවද සෞඛ්‍ය බළධාරීහු මෙහි දී කීහ.

– ප්‍රදීප් අනුර කුමාර

20,938 views

17 Comments to “ගම්පහ ඔක්සිජන් තියෙනවා…”

  1. තෙල බෙදන අපේ මරුවා says:

    නූගත් වහල් තැරි දාර බයි කඳ බඩ තඩි මොලේ නැති මෝඩ මූසල කම්බ හොර රෙන තුන්ග බුබුළු වල් ඌරා, තොගේ සරම අස්සෙද ගෙරි සක්කිලි වසලයෝ ඔක්සිජන් තියෙන්නේ?

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      යමෙකුට නුගත් යැයි අපහාස කිරිම තුලින්ම ඔබගේ මන්දබුද්දියේ තරම මොනවට පෙනේ තමන් හැදි අනුන්ට උපදෙස් දෙන්ට මහත්මයා. ඔබ මොනරෙකු වැනි තමන් පිල්විදහා නටන බවසිතුවන් පස්ස එලියේ බව නොදත්තේමැයි අහෝ…

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        මට රෙනතුන්ග ගේ බෙට්ටත් රසය. මා රෙනතුන්ග ගේ අසූචි භක්ශනය කරමින් ජීවත් වන වහල් ගවයෙක් බව මොනවට පැහැදිලි වේ ද?

      • සනත් නිශාන්ත ස' says:

        ඔක්සිජන් කන්නද “බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය” පම්කයෝ? කොමිස් ගහන්න කැලෑ කපලා පිට්ටනි හදන්න තමයි ඔනේ.

        • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

          Exactly ස’. To the point 🙂

  2. On The Spot says:

    ගම්පහ ඔක්‍ෂිජන් තියනව කියල උලුප්පලම කියද්දි අපට හිතෙනව ගම්පහ ඔක්‍ෂිජන් හිඟයක් ඇති කියල​.ඒ කොහොම වෙතත් මේ වෙලාවෙ සංචාරක බුබුලු ගැන කථා කරන ප්‍රසන්න උන්නැහේට අපි කියන්න කැමැතියි සල්ලි හොයන්න කලින් අපි රටේ මිනිස්සු බේරගෙන ඉමු.
    විදේශගත ශ්‍රමිකයින් සිය මව් රටට පැමිණීමේදී ඔවුන්‍ හරි හම්බ කර ගත් සියල්ල කඩා වඩාගැනීමෙන් වලකිමු.
    ඔවුනට සහනදායී නිරෝධායන ක්‍රමයක් හඳුන්වා දෙමු.
    ඔවුන්ගේ දහදිය මහන්සිය අතරමැදියන්ගේ සාක්කුවට යන ක්‍රමවේද වලක්වමු.
    එන්නත්කරණය විධිමත් කරමු.
    ග්‍රාමනිළධාරී කොට්ඨාශ මට්ටමින් ලැයිස්තු ගතකර එන්නත් පෝලිම්වල කොවිඩ් පොකුරු බෝ කිරීම අඩු කරමු.
    අවශ්‍ය අය පමණක් ගෙන්වා ගෙන පොකුරු ගැසීම වලක්වමු.
    මේවා බොහොම සරල දේවල්.ඒකවත් කරගන්න බැරිව උදේ හවස අයිස්ක්‍රීම් සූප්පනව වගේ මයික්‍රෆෝන සූප්පු කලාට වැඩක් නැහැ ප්‍රසන්න උන්නැහේ,දෙවරක් හිතා බලන්න රට වෙනුවෙන් වැඩ කරන්න​.

    • Navin says:

      100% well said

      • Dharshana Abeykoon says:

        Bull shit, he talked to the point. you foll

        • Your 19.4 M ambulance looks awesome says:

          අර ඉටුකම අරමුදල දාල තිබ්බ කැටේ හිලක් කියලා කවුද කිව්වා. අපි නම් දාන්නේ කැටේ ඇතුලේ හිටපු බහිරවයා යු එස් ඒ පැන්න ට පස්සේ එකේ තිබ්බ සල්ලිත් අතුරුදහන් කියලා. හුකෑස්.

  3. King Bull says:

    පුත්තලම් බූරුවගෙන් ගන්න පුළුවන්. උන්ට oxigen ඕනෙ නෑ කියල එකෙක් කිවුවෙ .

  4. ලතා says:

    මෝඩයෝ ලන්කර ගත්තාම ඔහොම ගොන් කතා ඇහෙනවා

  5. පොරමෝලා says:

    ඔක්සිජන් කන්නද බං

  6. විපත් මග says:

    ඇට නම ලක්ෂයට ආතල් දෙන එකම පොර..

  7. DENZIL says:

    Prsanna hoda gon part dana kanak aa wagama tama puttalan buruwa .

  8. ඔක්සිජන් තියෙනව. දෙන්නේ නෑ....ඩෝ.... says:

    ඔක්සිජන් තියෙනව දෙන්නේ නැහැ ඩෝ….ලෝකෙට තියෙන එකම ගහ වගේ….බොරුනම් පොත බලාපන් මාමේ.

  9. ඔක්සිජන් නම් අර ගස් නැති අරාබියෙත් තියෙන්නේ. අනේ තමුන් ගැන ගෙදර අම්මන්ඩි මොනවා හිතනවද දන්නේ නෑ.

  10. Chin chan says:

    අවුරුදු 5කට වඩා ආන්ඩු දුවන්නේ නැත්තේ මුන්ගේ උද්දච්චකම නිසා…..යහපාලන ආන්ඩූවත් එහෙමයි මහබැන්කුව හොරා කාලා ඒක හරි කියන්න පොත් ලියපු උන් පවා හිටියා…..රාජිතලා මාධ්‍ය හමු වලදී අති පන්ඩිත මෝඩ කතා කියලා රට විහිලුවක් කලා…..මේ ආන්ඩුව ඊට දෙවනි නැහැ …..හැම එකාම පට්ටම පන්ඩිත උද්දච්චකම ඇග පුරාම……..අනිවා ඊලගපාර ගෙදරම තමයි ……

Main News