ගම්පහ ගංවතුරට හේතුව යහපාලනයයි…

June 10, 2021 at 8:40 am | lanka C news
ගම්පහ ගංවතුරට හේතුව යහපාලනයයි…

ගම්පහ ගංවතුරට හේතු වූයේ ඉකුත් යහපාලන රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙළ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය පිළිබඳව අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ” ගම්පහ ගංවතුරට ප්‍රදාන කාරණා තුනක් බලපාලා තියෙනවා. 2015 ට කලින් අධිවේගී මාර්ගය හදන්න සැලසුම් කර තිබුණේ කණු මතින්. පසුගිය යහපාලන රජය ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා වෙනුවට පස් දමා පිරවීම ගංවතුරට බලපෑවා. ඒ වගේම  පහසුකම් සැපයීමේ මාර්ගයේ අඩුපාඩුත් ගංවතුරට බලපාල තියෙනවා.

වතුරේ බැස යාමේ මූලාශ්‍ර වන ඇළවේලි පිළිසකර කිරීමක් අවසන් වරට සිදු කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් නායකයා වශයෙන් සිටින කාලයේ. පහුගිය කාලයේ ඊට අවශ්‍ය කිසිදු පියවරක් අරගෙන නැහැ. දිසාපති තුමා සමග සම්බන්ධ වෙලා ඒ සඳහා වැඩපිළිවෙළක් අපි සකස් කරමින් තිබෙනවා.

ගංවතුර තත්ත්වයට මුහුණ දුන් ජනතාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාමීය කමිටු හරහා වියළි ආහාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කලා. නිවාස හානි යථා තත්ත්වයට පත් කිරීමටත්,  පීඩාවට පත් අයට වන්දි ලබා දීමටත් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ මුදල් අමාත්‍යංශය දිසාපති වරයාට මුදල් එවා තිබෙනවා. ඒ සඳහා දිසාපති කාර්යාලය සැලසුම්  සකස් කරනවා.

සංචාරකයින්ට මෙරටට පැමිණීමේ අවස්ථාව ලබා දීම නිසා නව කොවිඩ්  වෛරස ප්‍රභේද ඇතිවිය හැකි බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන බවද මෙහිදී මාධ්‍යවේදීන් සඳහන් කළ අතර ඊට පිළිතුරු දෙමින් ” විපක්ෂ නායකතුමා කියන්නේ මොනවා හරි කියවන  කෙනෙක්. කියවන්න පහසුයි. මේ වෙලාවේ කියවනවාට වඩා කරන්න වැඩ තියෙනව විපක්ෂ නායකතුමාඇතුළු කණ්ඩායම හැමවිටම උත්සාහ දරන්නේ ජනතාව නොමඟ යවන්න . බොරු වපුරලා ජනතාව රවටා බලය ගන්නයි විපක්ෂය  දඟලන්නේ .සජිත් බලයේහිටියනම් මේ වෙනකොට  රටම විශාලා මහනුවරක් වෙලා  ” යැයිද අමාත්‍යවරයා කීවේය.

– media unit

19,006 views

22 Comments to “ගම්පහ ගංවතුරට හේතුව යහපාලනයයි…”

  1. කළු-තර says:

    තොපි ඔක්කොම එකතුවෙලා රට විනාශ කරලා දෙපැත්තට බොලේ පාස් කරගන්නව.
    අපේ මෝඩ හරක් මාරුවෙන් මාරුවට දෙගොල්ලන්ට චන්දෙ දෙනව.

  2. On The Spot says:

    ගම්පහ යට උනේ අඩවි වන නිළධාරිනියගේ වරදින්ලු.
    ගම්පහ යට උනේ යහ පාලනයේ වරදින්ලු.
    ගම්පහෙන් ගෙනා අං පහේ උන් ඉන්නේ එහේලු.
    ගම්පහින් වෘෂභයින් පාර්ලිමේන්තු යන්නේ ගම්පහ උන්ගේ වරදින්ලු.

  3. අසංක says:

    මුට පිස්සු බඩ තඩියා.

  4. සමහරවිට කතාව හරි ඇති, නමුත් බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම…..ඉල්ලන් කන්න වෙනව….

  5. Gon athal says:

    This fool… needs to be rehabilitate immediately….🤪🤪🤪😂

  6. Mssilva says:

    Harako, meemo, donkey
    Anith ayata bola pas karanne nathiwa, do your allocated tasks as minister. You are an idiot.

  7. wee says:

    muge ganita lamayi hambenneth yahapalane hinbda kiyai..pala gon thadiyo yanna makabawila

  8. Samantha Wimalaratne says:

    No need to pass the ball here and there, because of last government’s weaknesses we voted this government hoping results. you were there nearly 1.5 years to provide better/some results

  9. janatha says:

    මිලියන හය සිය ගනනින් කප්පන් ගන්න්න මුන්… මුන් එකතු වෙලා හදන රට​…

  10. sunimal says:

    වසර 73ක් ගිහිල්ලත් රටේ දියුණුවක් නැත්තේ මේදේවල් නිසා තමයි.

Leave a Comment

Main News