ගම්පහ ජනතාව වෙනුවෙන් තවත් එන්නත් ලක්‍ෂයක් වෙන් කර ගත්තා…

May 27, 2021 at 3:23 am | lanka C news
ගම්පහ ජනතාව වෙනුවෙන් තවත් එන්නත් ලක්‍ෂයක් වෙන් කර ගත්තා…

චීනයෙන් මෙරටට ගෙනා සිනොෆාම් එන්නත්වලින් එන්නත් මාත්‍රා ලක්ෂයක්  ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වෙන් කරගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

26 පැවැති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ්‍ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා  මෙය අනාවරණය කලේය.

එන්නත් කරන වැඩපිළිවෙළ , අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීම, රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම , ගම්පහ දිස්ත්රික්කයේ ආසාදිතයින් උතුරු නැගෙනහිර ප්‍රදේශවල ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීම වෙනුවට ගම්පහ දිස්ත්‍රික්කයේ ම ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කිරීම ඇතුලූ කොවිඩ්  වෛරසය මර්දනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති අතර තවත් ගම්මාන තුනක කොටසක් පමණක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.

එන්නත් කරන වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇස්ටොසෙනිකා එන්නත් 274720ක් ලැබී ඇත. ඉන් පුද්ගලයින් 260915ට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර ඔවුන්ගෙන් 14487කට දෙවෙනි එන්නත් මාත්‍රාව ද ලබා දී ඇත.  ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබාදුන් පුද්ගලයින් වෙනුවෙන් එම එන්නතෙන් තවත්  එන්නත් 246428ක් ගම්පහ දිස්ත්‍රික්කය සදහා සඳහා අවශ්‍ය වෙයි.

මේ වන විට සිනොෆාම්  එන්නත් 201500ක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර ඉන් පුද්ගලයින්1087982ට එන්න තෙපලමු මාත්‍රාව ලබා දීමට පියවර ගෙන තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තවත් එන්නත් 1087982ක් අවශ්‍ය වෙයි.ලබන සිකුරාදා සිට යළි ඇරඹෙන එන්නත් කරන වැඩසටහනේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේ ය

එමෙන්ම ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙන් නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 14521ක් නිරෝධායනයට ලක්කර ඇත. එම පවුල් සඳහා රුපියල්10000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් 145210000ක් මුදලක් මේ වන විට වැය වී ඇත.

නිරෝධායනය කර තිබෙන තවත් පවුල් 8924ට රුපියල් පන්දහසක් වටිනා  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් 44620000ක් මුදලක් වැයකර ඇත.

සංචාරක සීමා පැනවීම හේතුවෙන් ඖෂධ, බේකරි නිෂ්පාදන , එළවළු, පලතුරු, මස් මාළු, සිල්ලර භාණ්ඩ, කරවල, සත්ව ආහාර ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා ගම්පහ දිස්ත්රික්කයේ  පුද්ගලයින් 6236ට බලපත්‍ර නිකුත් කිරීමට ද පියවර ගෙන ඇත.ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ සංචරණ සීමා පවතින කාලසීමාව තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිවෙස්අසලටම යැවීමේ යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක විය යුතු බවයි අදාල බලපත්‍ර ලබාගෙනඅත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා බෙදාහැරීම විධිමත්ව සිදු නොකරන බලපත්‍රලාභීන්ගෙ  බලපත්‍ර අහෝසි කරන ලෙස ද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය . අපොස උසස් පෙළ  සමත් ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් පත්‍ර යැවීම සඳහා පරිශීලනය කළ යුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් එක ඇති පොත ලබා ගැනීම සඳහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ඇමැතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය

– media unit

19,027 views

28 Comments to “ගම්පහ ජනතාව වෙනුවෙන් තවත් එන්නත් ලක්‍ෂයක් වෙන් කර ගත්තා…”

  1. පාමල් නකා says:

    මේ කාළකණ්නියා උගේ ආසනේ ඵවුන් ගැන කියන්නෙ රටේම ඇමති කෙනෙක් වෙලා ,මේ බඩ තඩි අපතයට චන්දෙ දුන්න ඵවුන්ට හෙණ ගහනවා,මු තමයි රටටම මුලින්ම කොරෝනා බෝ කලේ ,කාළකණ්නියා උගේ සනුහරේත් ගොඩ දැම්මා ,උගේ දුව ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්‍ර්‍යාලෙට දා ගත්තා ,අයියලා මල්ලිලට සභාපතිකම් දුන්නා ,මැරියන් අපතයා

  2. Modaya says:

    Lansa is missing in action….Therefore “Aadvantage Ranatunga”….

  3. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු..🤩🤩🤩 says:

    මොකද ??? ගම්පහ විතරද බත් කන හරක් ඉන්නේ. ලංකාවේ හැම පළාතකම ඔහොම කට්ටිය ඉන්නව .

  4. ගොන් ලපයා says:

    මූ බොරු කියන්නෙ… දෙවෙනි මාත්‍රාවට තුන් ලක්ෂ හැත්තෑ පන් දහසයි. එතුරු එක්ලක්ෂ විසිපන්දාහ , වෙන දිස්ත්‍රික්ක තුනකට. ගම්පහට නෑ.. රා බඩා බොරු කියනවා අපිව රවට්ටන්න

  5. 3% ට බය බයියා. says:

    අනෙක් පලාත් වල ජනතාවට 3% පිහිටයි .

  6. නාමරත්න says:

    අනිත් දිස්ත්‍රික්ක වල ජනතා නියෝජිතයෝගෙන් වැඩක් නැහැ වාගේ නේද? මෙයා වාගේ ලක්ෂගානේ වෙන්කර ගන්න පොරක් අනිත් දිස්ත්‍රික්ක 24 ත් හිටියානම් සොරිම තමා ද? හිකැස් පු

  7. sunimal says:

    දේසපාලන වෙළද දැන්වීම් තහනම් කරමු.