ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්…

October 27, 2020 at 2:10 pm | lanka C news
ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්…

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයන් වාර්තා වීම විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි සංගමයේ ලේකම් මහින්ද බාලසූරිය මහතා කියා සිටියි.

මේ වන විට රෝගය පැතිරීමේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද ඔහු පවසයි.

වෛරසය පාලනය කිරීමට මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි බවත් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.

68,774 views

15 Comments to “ගම්පහ දිස්ත්‍රික්කය කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. රෝගීන්ගේ සුලමුල සොයා ගැනීමට නොහැකි තත්ත්වයක්…”

  1. Citizen says:

    මහජනතාවගෙන් ලැබෙන සහාය පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න නොහැකි

    Heta Anidda ta Honda hondda sellam, මහජනතාව thama waradi , kudu ,korona ,channde, Ganwathura,Sunamiya, Hena gauwath,wassath ,badu mills heiyala giyath ma
    මහජනතාවගෙන් thiyana wada apita 😁😁😁😃😃🤔🤔🤔🤔😜😜😜😁😁😁

  2. Kalana says:

    මුළු රටම ගිලිහිලා ඉවරයි, බොරුව. 4ද ම මුළු රටටම ඇඳිරි නීතිය දාන්න කියල හිතන්න තීරණය ගන්න එක බූරුවෙක් හිටියේ නැහැ. දැන් හදා ගනිල්ලා මහලොකු ආර්ථිකය. මාස යක් වලහ බේරගන්න තිබුණු එක දැන් මාස 3 කින් වත් බැහැ . මරණය සඳහා පෝලිමේ ඉන්න වෙන්නේ දැන්.

Main News