ගම්පහ දිස්ත‍්‍රික්කය වසා දැමේ..

April 10, 2020 at 4:40 pm | lanka C news
ගම්පහ දිස්ත‍්‍රික්කය වසා දැමේ..

අත්‍යවශ්‍ය හේතුන් හැර ඉදිරි සති 02ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළු වීම හා පිටවීම සම්පූර්ණයෙන්ම අත් හිටුවීමට තීරණය කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ ගම්පහ දිස්ත්‍රික්යේ කෝවිඩ් 19 රෝග නිවාරණය සදහා අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කමිටුවේදී මෙම තීරණයට එළඹිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති මෙම කමිටුවේදී අනාවරණය වුනේ ගම්පහ දිස්ත්‍රික්කයට වෙනත් ප්‍රදේශ වලින් පැමිණි 15000ක පමණ පිරිසක් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ බෝඩිං ආශ්‍රිතව සිටින බවයි. නිදහස් වෙළද කළාප  වලට බාහිරව වෙනත් කර්මාන්ත ශාලා , වැඩ බිම් හා මිනිස් බල සැපයුම් ආයතන වල සේවක සේවිකාවන් මෙලෙස දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ ආශ්‍රිතව සිටින බව මෙහිදී හෙලි විය. කටුනායක හා සීදූව බල ප්‍රදේශ වල පමණක් 5000 කට අධික පිරිසක් සිටින බව පොලිසිය මෙහිදී අනාවරණය කළේය. සෞඛ්‍ය අංශ අවධාරණය කලේ ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් 19 රෝගය පාලනය කිරීමටනම් අත්‍යවශ්‍ය හේතුන් හැර ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුදගලයන් වෙනත් දිස්ත්‍රික්ක වලට යැවිම හා වෙනත් දිස්ත්‍රික්කවලින් ගම්පහට පැමිණිම සම්පූර්ණයෙන්ම නතර කල යුතු බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ මේ පිරිසට සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ඔවුන්ට සහන සැලසීම සදහා වැඩ පිළිවෙලක් සකස් විය යුතු බවයි. ඒ අනුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල එකගතාවය ලැබුණ වහාම ඔවුන් ගම්බිම් වලට පිටත් කර හැරීමටත් එතෙක් ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කඩිනම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩ පිළිවෙල සදහා ලබා දී ඇති ඇදිරි නීති බල පත්‍ර අවභාවිතා කිරීමේ සිද්ධින් පිළිබදව ද කමිටුවේ විශේෂ අවධානය යොමු විය. පොලිසිය මෙහිදී පෙන්වා දුන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත් 7191ක් ලබා දී ඇති බවයි. ඇදිරි නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 2718 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් වාහන 349ක් හා යතුරු පැදි 410ක් පොලිස් භාරයට ගත් බවත් බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අනාවරණය කලේය. මෙම ඇදිරි නීති බල පත්‍ර නැවත විමර්ෂණය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති වරයා මෙහිදි පෙන්වා දුන්නේය.

ඒ අනුව දිස්ත්‍රික් කමිටුව තීරණය කලේ දැනට අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දී ඇති ඇදිරි නීති බලපත්‍ර යලි විමර්ෂණයකට ලක් කිරීමටයි. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා පත් කර ඇති ප්‍රාදේශිය කමිටුව මගින් මෙම ඇදිරි නීති බලපත්‍ර විමර්ෂණය කිරීමටත් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි  කරන බවට හා එම ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන බවට තහවුරු වන අයගේ බලපත්‍ර අහෝසි කිරීමටත් මෙහිදී තීරණය කෙරිණි.

– ප‍්‍රදීප් අනුර කුමාර

536 views

14 Comments to “ගම්පහ දිස්ත‍්‍රික්කය වසා දැමේ..”

  1. ද කොරෝ නාමල් says:

    පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ කොහෙවත් ඉන්න ප්‍රසන්න රණතුංග කොහොමද ඇඳිරි නීති රෙගුලාසි වෙනස් කරන්නේ. මේක අනිවාරියෙන් මුගේ අරක ලෙවකන හෙන්චයින්ගේ උවමනාවට ගෙනාපු යෝජනාවක්. මොකද කෙලින්ම මැනින් මාකට් ගිහින්, දබුල්ලෙන් එළවලු ගෙනල්ලා පොඩි ගානක් තියන් මිනිස්සු විකුණන එකෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මිනිස්සු බදු ගන්නේ නැහැ. එකේ ඉන්න මෙයාගේ ගෝලයන්ට කට් එක හම්බුවෙන්නේ නැහැනේ.
    අදටත් ගම්පහ ජනතාව දුක් විදිනවා කන්න බොන්න ටික, අත්‍යවශ්‍ය බඩු ටික සපයාගන්න බැරුව. කිසිම තැනක බැරිවෙලාවත් කඩයක් අරින්න දෙන්නේ නැහැ. හැබැයි බෝඩ් එල්ලන් ලොරි කාරයෝ හැම තැනම යනවා. එළවලු , හාල් , පොල් පට්ට ගණන්. මාළු ගිනි ගණන්. පරිප්පු, පාන් පිටි, සැමන් හොයා ගන්නත් නැහැ. සතොස එවුන් පික්මි එක අල්ලන් මිනිස්සුන්ව ගරා කනවා.
    කොළඹට විතරයි කාගිල්ස්, කීල්ස් වලින් ඔන්ලයින් බඩු ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. අනිත් පොඩි සුපර් මාකට් ඔක්කොම බලෙන්ම වහලා දාලා.
    අඩුම තරමින් රටේ නායකයාවත් තේරුම් ගන්න ඕන මේ වගේ ගොබ්එබ දේශපාලුවෝ මේ වැඩවලදී අයින් කරලා තියන්න.

    • Fkae says:

      1000% True!

      • Chamara says:

        පොහොට්ටුව විනාශකරන්නේ මේ ගොබ්බය. මෙදා පාර තමා මූ ගම්පහින් පාඩමක් ඉගෙන ගන්නේ.

    • Mahinda Somalal says:

      මේ කථාවෙ ඇත්තක් තියෙනවා.සතොස ඇතුලු ප්‍රධාන පෙලේ ආයතන වලින් බඩු ගෙන්න ගන්න හරියට චූන් පාන් වෑන් එකක් අල්ල ගන්නව වගෙ වැඩක්.සතොස කොහොමටවත් බඩු බෙදාහරින්නෙ නැහැ.එයාල සහනාධාර වලට දෙන පාර්සල් විතරයි දෙන්නෙ.පෞද්ගලික වාහන වලින් නොයෙක් අය එනවා ඔවුන්ගේ මිල ඉතාමත් වැඩියි.කොළඹ මාළු කිලෝව 500 නම් මෙහෙ 1000යි.ඉතින් කොහොමද මේක දරා ගන්නෙ.අනිත් බඩුවල මිලත් එසේමයි

    • Xman says:

      Please remove this fat man idiot Ranathunga and much better army officer appointment for food distribution in Gampaha area, too many people have nothing to cook at their homes.

  2. Hkgf says:

    Muu monawada me kiyanne? Districts athara gaman nawaththala godak kal needa

  3. Dilan says:

    Mekata distric kamitu walata thirana ganna denna epa…..meka jathika washayen pamanak thirana gatha yuthu welawak…..president task force eksk thiyeddi me pradeshiya eka eka haal paruwooo thirana ganna hihilla minissu amatuwe watenawa.

  4. Dumbo says:

    Why are you carrying this as a news?
    Isn’t that the Govt has already banned movement between districts? Not just Gampaha? Or, has the Govt implemented that all this time for other districts but not Gampaha?
    And in any case, didn’t the Govt announce that all such decisions are to be taken by Govt body and not by provincial level leaders?
    What bull shit is this?
    Nothing else to give some publicity to that Ranathunga fellow these days?

  5. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මම දැන් අක්කර කාලක් විතර කොටලා පාත්ති සේරම හදලා තියෙන්නෙ… එළවළු භෝගවල බීජ පැල සොයාගන්න හරිම අමාරුයි. එහෙන් මෙහෙන් දඹල, මෑ, කරවිල, වැටකොළු , බණ්ඩක්කා ටික ටික ලැබුනා. රජයෙන් බීජ දෙන වැඩේ ටිකක් පරක්කු වෙන පාටයි ඉල්ලුම වැඩි නිසා. අපේ ගමේ ගෙවල් හත්සිය හතලිස් තුනකට බීජ පැකට් 45 යි ගොවිජනෙ නෝනට ලැබිලා තිබ්බෙ. ෆාමසි වලින් බෙහෙත් ගෙදරට ගෙනත් දෙනවා වගේ මේ බීජ වර්ග , තෙල් , පොහොර එහෙමත් නිවසටම ගෙනත් දෙන වැඩක් පටන් ගත්තානම් කදිමයි..

    • Arnold says:

      That’s wonderful mate. Keep going. Dont use pesticides or chemical ‘pohora’. Go organic farming. Do compost and pest control without pesticides. You and your family will have a better health.

    • Shanika says:

      Oya koheda ayiya….lankawe nam wenda baaa….beheth gedaratama hambauna nee..?..balan hitahan ayiya ubata hambaweyi ata..beeja gedaratama.

  6. Eiffel says:

    මේ මෝඩ තඩියා කව්ද ඒවා තීරණය කරන්න. ඒක ජනාධිපතියි, හමුදාවයි, පොලීසියයි බලලා කරයි හොඳ විධිහකට. තෝ පැත්තකට වෙලා හිටු..කොහොමත් දැන් ඡන්දෙ තිබ්බ ගමන් ගෙදරනෙ..

  7. kavirathna says:

    hamadeyakma thiranaya karanne janadipathi kaarya saadana balakayen, me gon booruwo karannema booru desapalanaya

  8. සමන්ත says:

    මේ මොන පිස්සුවක්ද? තවත් ගම්පහ දිස්ත්‍රික්යය වහන්න. දන්නේ නැද්ද ගම්පහ දිස්ත්‍රික්කය වහලා සති තුනකටත් කිට්ටු කියලා. අනෙක් එක ලංකාවේ ප්‍රධාන මාර්ග වැඩ් හරියක් (A1, A6, A3) තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය හරහා. එහෙම එකේ පිටින් එන වාහන ඇතුල් වීම වලක්වන්නේ කොහොමද? මේවා නෙමේ දිස්ත්‍රික් කමිටුවේ කතා.කරන්න ඕනේ මිලියන දෙකකට ආසන්න මිනිස්සුන්ට කන්න දෙන විදිහක්. අන්තිමට වෙන්නේ ලංකාවේ සුපිරිම දිස්ත්‍රික්කයේ මිනිස්සු හාමතේ මැරෙන එක..