ගම්පහ පොලිස් වසම් 06ක් නැවත දන්වන තුරු ලොක්ඩවුන්..

November 15, 2020 at 12:02 am | lanka C news
ගම්පහ පොලිස් වසම් 06ක් නැවත දන්වන තුරු ලොක්ඩවුන්..

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් හයක් තවදුරටත් හුදකලා කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීගමුව, ජාඇල, රාගම, කඩවත, වත්තල, පෑලියගොඩ පොලිස් වසම් හැර දිස්ත‍්‍රික්කයේ සෙසු සියළු හුදෙකලා ප‍්‍රදේශ අද අලුයම 05.00 සිට හුදෙකලා තත්වයෙන් මුදා හැරේ.

හුදෙකලා තත්වයට ඉවත් නොකරන ලද පොලිස් වසම් තුල එම තත්වය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා සඳහා වූ ජාතික ක්‍රියා මත මධ්‍යස්ථානය කියා සිටී.

ඊට අමතරව කැලණිය පොලිස් වසමද සදුදා උදෑසන 5.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරනු ලැබ ඇත.

මීට පෙර නම් කරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයද හැර සෙසු සියලු ස්ථාන හුදෙකලා තත්ත්වයෙන් මුදා හරිනු ලැබේ.

65,227 views

4 Comments to “ගම්පහ පොලිස් වසම් 06ක් නැවත දන්වන තුරු ලොක්ඩවුන්..”

  1. ජස්ටින් බිබර් says:

    අද මම පොලිසි කිහිපයකට කෝල් කරා මේ ලෝක් ඩවු්න් කරලා තියෙන පොලිස් බල ප්‍රදේශ වල විස්තර සහ සීමා පිළිබඳ දැනගන්න. කිසිම පොලිසිය ක හෝ පොලිස් මූලස්ථාන වෙබ් පිටුවේ වත් නැහැ පැහැදිලි සිතියමක්. කෙනෙක් තමන් ඉන්න ප්‍රදේශය මෙම ලොක් ඩවුන් එකට අහුවෙනවද නැද්ද කියන එක පොලිසියට කෝල් කරලා දැනගන්න. පොලිස් බලප්‍රදේශය සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ වෙනස්.
    මේ ආණ්ඩුවේ සහ පොලිසියේ කතාව නම් හෙට අනිද්දා අඟහරු ලෝකෙට යන්න තරමට දියුණුයි වගෙයි, හැබැයි තමන්ගේ සිතියම digitise කරලා upload කරගන්න බැහැ. තුහ් නොදකිං මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ සල්ලි කන රාජ්‍ය සේවකයෝ. දන්න එකම දේ නූගත් දේශපාලුවන් පස්ස ලොවන එක තමා.

    • kamal says:

      we called it system changed

    • ගමේ මිනිහා says:

      ඇත්තටම මෙතන මහා ලොකු Digitize කිරිල්ලක් ඕන නෑ. දෛනිකව Lockdown කරන ප්‍රදේශ සිතියමක පාට කරලා ඒක​ Scan කරලා Upload කරාම ඉවරයි. විනාඩි පහලොවක විතර වැඩක්…

  2. ගමේ මිනිහා says:

    ඇත්තටම මෙතන මහා ලොකු Digitize කිරිල්ලක් ඕන නෑ. දෛනිකව Lockdown කරන ප්‍රදේශ සිතියමක පාට කරලා ඒක​ Scan කරලා Upload කරාම ඉවරයි. විනාඩි පහලොවක විතර වැඩක්…