ගම්පහ ප්‍රසන්න-නාලක මතගැටුම්..
July 8, 2020 at 12:02 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහි වීම තමන් අගය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.
සන්ධානගත වූයේ නම් සියලු දෙනාම ආරක්ෂා කරගෙන ගමන යෑම සඳහා වගකීමක් ඇතැයි ඔහු පවසයි.
රටට දැන් අවශ්‍යව ඇත්තේ වෛරී දේශපාලනය නොව රට ගොඩනැගීම බවත් එකිනෙකා සමග ඇනකොටා ගැනීම අනවශ්‍ය බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙවර පොදුජන පෙරමුණ යටතේ තරග වදින අපේක්ෂකයන්ට එල්ල කරන විවේචන පිලිබද තල විමසීමකචී ඔහු මෙම අදහස් පල කලේය.
ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටී.
ප්‍රසන්න කෑම පාලනය කර කටයුතු කරන්න ..!