ගම්පහ රෝහල්, ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි.. කොරෝනා රෝගීන් 200ක් නිවෙස්වල..

January 28, 2021 at 11:20 am | lanka C news
ගම්පහ රෝහල්, ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි.. කොරෝනා රෝගීන් 200ක් නිවෙස්වල..

ගම්පහ දිස්ත්‍රික්කයේ ජදරදබ් ආසාදිත රෝගීන් දෙසීයකට ආසන්න පිරිසක් ඊයේ පස්වරුව ටද රෝහලට රැගෙන ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ උපුටමින් අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.

රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ කළ නොමැතිවීම හේතුවෙන් එම රෝගීන්ට නිවෙස් වල රැඳී සිටීමට සිදුව ඇති බවද සදහන්ය.

මෙම තත්ත්වය තවදුරටත් රෝග තත්ත්වයන් උත්සන්න වීමට හේතු විය හැකි බව ද සෞඛ්‍ය අංශවල සදහන් කර ඇත.

එම ආසාදිතයන් සියලු දෙනාම පසුගිය 18 වැනිදායින් පසු ආසාදිත බව හඳුනාගත් රෝගීන්ය.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිපදෙනකුම සඳහන් කර ඇත්තේ රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඉඩකඩ ලැබෙන ආකාරයට එම රෝගීන් ඒවාට යොමු කරන බවයි.

22,224 views

4 Comments to “ගම්පහ රෝහල්, ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරී යයි.. කොරෝනා රෝගීන් 200ක් නිවෙස්වල..”

  1. Alapaluwa says:

    මිත්‍යාදෘෂ්ටිකයන් නිසා වෙන දේවල්. රජය ධම්මික වෙද මහතා ලවා රට මේ විනාශයෙන් ගොඩගන්න කොතෙක් උත්සාහ කලත් ඒකට හරස්කපන එවුන් වැඩියි. රජය පත්කරගන්න උදව්කල එවුන්ම දැන් ආපස්සට හැරිලා. දැන් උන් කියන්නෙ අපි හරිදේ වෙනුවෙන් පෙනීපෙනීසිටින්නෙ කියලා. එතකොට ඉස්සර එයාල බබාලද?

  2. ක්‍රිමිනල් says:

    ඔස්ට්‍රේලීයාව පැත්තේ ඉන්නවා අමු බෛයො ටිකක් , උන් කරන්නේ පාණ්ඩුව ගොඩදාන්න මොකක් හරි බ්ලොග් එකක් අල්ලගෙන ගානක් ගෙවලා උන්ට ඔනේ විදියට පොස්ටූ දාන එක , ලොකෙන් අංක දෙක කිව්වෙත් ඕසී බ්ලොග් එකක් ,දැන් ලොකෙන් දහය කියන්නෙත් එ ගනයේ ඔසී බ්ලොග් එකක් රටේ යථාර්ථය තමයි මේ වගේ කතා , කිසිම වැඩපිලිවෙලක් ,ප්‍රතිපත්තියක් නෑ ,හැබැයි කොරොනාව ගරානාවක් කරගෙන , ස්ටොක් මාර්කට් එක රොකොර්ඩ් ගහනවා , රටේ ජනතාව හාමතේ , ඔන්න ඔකයි තත්වෙ, ගජමිතුරො ටිකනං නං ලකේට ගොඩ.

  3. Darshana abayakoon says:

    නිකම් බොරු නිව්ස් දාල මිනිස්සු මුලා කරන්න එපා මහත්තයො. ඇපි ලොකෙන්ම දහය සමජ ගත වෙලත් නෑ තාම. අපි තමයි හොදටම කරේ

  4. Ravana parapura says:

    නියම කලට හෙළ ඔසු ලබා නොදීමේ පල විපාක

Main News