ගම්පහ සද්දන්ත අලියෙක් මහින්ද හමුවේ.. පෙරලියක ඇරඹුම සියනෑවෙන්ද..?

October 12, 2019 at 10:16 pm | lanka C news
ගම්පහ සද්දන්ත අලියෙක් මහින්ද හමුවේ.. පෙරලියක ඇරඹුම සියනෑවෙන්ද..?

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක් වීමට කැමැත්තෙන් පසුවන්නේ යයි පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ ආරංචි මාර්ග කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් ඔහු පෙරේදා දිනයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මීළඟ මහා මැතිවරණය සදහා වූ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිව තිබෙන දැඩි තරගකාරී තත්වය මත මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දැනට කිසිවක් ප්‍රකාශ කර නැති බවද එම ප‍්‍රකාශකයා අප වෙත පැවසීය.

දැනටමත් ගම්පහ දිස්ත්‍රික්කයේ ලැයිස්තුව සඳහා ඉදිරිපත් කළ හැකි ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක පිරිසක් නාමයෝජනා බලාපොරොත්තුවෙන් සිටිතැයි ද දැනගන්නට තිබේ.

මේ හේතුව මත අදාල ප‍්‍රබලයා එක් කර ගන්නේ කුමන පදනමෙන්දැයි ඉක්මන් සාකච්චාවකින් පසු තීන්දුවක් ගැනීමට සැරසෙන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

75,062 Viewers

13 Comments to “ගම්පහ සද්දන්ත අලියෙක් මහින්ද හමුවේ.. පෙරලියක ඇරඹුම සියනෑවෙන්ද..?”

  1. Gemini says:

    Hair Style in the “Unknown” Picture indicates that this is RW.

  2. Open mind says:

    රට උලාකැමේ තරගයට ……..තරග කරුවන් සියල්ලෝ ම දක්ෂයෝ.

  3. සරා says:

    නැව ගිලෙන ක‌ොට මීය‌ෝ පනිනවා.ඒක ස්වභාවිකයි.

  4. podi gamaya says:

    Captain of the World Cup Winner A.R.

Main News