ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි.. මීගමුවේ දෙකටත්..

October 7, 2020 at 8:02 am | lanka C news
ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි.. මීගමුවේ දෙකටත්..

වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් කොට්ඨාසයේ සියලු පොලිස් බල ප්‍රදේශ වලටත්, මීගමුව කොට්ඨාසයේ කඳාන සහ ජාඇල පොලිස් බල ප්‍රදේශ වලටත් පොලිස් නීතිය පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලවය සඳහා මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව අලුතින් ඇදිරි නීතිය පනවා ඇති පොලිස් බල ප‍්‍රදේශ මෙසේය.

පල්ලේවෙල
යක්කල
දොම්පේ
පූගොඩ
ගණේමුල්ල
වීරඟුල
වැලිවේරිය
කිරිඳිවැල
මීරිගම
මල්වතුහිරිපිටිය
නිට්ටඹුව
ජා ඇල
කඳාන

92,618 views

13 Comments to “ගම්පහ සියළු පොලිස් බල ප‍්‍රදේශවලට ඇදිරි නීතිය පනවයි.. මීගමුවේ දෙකටත්..”

  1. කාන්තාර පළඟැටියා says:

    ගම්පහ = ” වැදගත් තැනක මුල්තැන “

  2. ආදරෙයි ලක් මවුනි says:

    ඒලීයන්ත වයිට් කෝ

    • Red sea says:

      එතුමා ගිහින් ඉන්දියාවට එහෙ කොරොනා සුව කරන්න, සුව වෙන්න අකැමැති රෝගියෙක් බ්‍රැන්ඩික්ස් එකට ඇවිත් තමයි මෙහේ අලකලංචිය.

  3. උක්කුං මල්ලී says:

    අනේ මන්දා පාලනය කරල තිබුන කොරොනා. ඡන්ද මගුලක් හින්ද ආයේ පටන් ගත්තා.

    • අලපාලුවා says:

      පිස්සු කියවන්නෙපා, කොරෝනා වගේද 20 උක්කුවෝ. අපි කොච්චර ගේමක් ගැහුව්වා ද මේක ගොඩදාගන්න. කොරෝනා හැදුනොත් ඔය දෙන්නෙක් තුන්දෙනෙක් වල කාජ්ජා ගහයි, ඒ වගේද 20 මිස් උනොත් 🤪 . පරම්පරා ගානකටවත් එන්නේ නැති අතේ ඉන්න කුරුල්ලානේ. 😉

    • kamal says:

      පාලනය කරලා තිබුනේ බුරු පුතානොද , ලපයද

  4. Ajith says:

    ආශ්‍රිතයන් ගේ තොරතුරු සැඟවීමේ මුළු වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බාරගෙන, නැවත රැකියාවට පැමිණීමේදී නිරෝධායන සහතිකය අනිවාර්ය කරන්න. එසේ තොරතුරු සඟවන අය තව දුරටත් සිටීනම් ඔවුන් සියලු දෙනාගේ රැකියාවන් අහිමිකිරීමට සිදුවන බව කනගාටුවෙන් වුවත් කිරීමට සිදුවෙන බව ඔවුනට දැනුම්දෙන්න. මේ අවස්ථාවේ අන්සියල්ට වඩා මේ උවදුරෙන් රටබේරා ගැනීම වැදගත්බව ඔවුන්ට වටහාදෙන්න,
    එහි මුළු වගකීම බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් බාරගත යුතුයි.

  5. කුමාරි අක්කා says:

    මෙහෙමයි, උඹලා මාව බර්ත්දේ පාටියෙන් කැපුවා, දැන් විඳවපල්ලා

  6. Wimal says:

    ලංකාවේ වැඩිම අසාධිතයන් වාර්තාවුනේ ඊයේ . භයානකම දේ තමයි මොවුන් සමාජයෙන් මතු වූ අසාධිතයන් වීම . අපි මිට පෙර මිට වඩා බෙහෙවින් අඩු අසාධිතයන් වාර්තා වන තත්වයක රටම වැහුවා . එත් අද තාම එහෙම නැ . මේ තත්ත්වය පාලනයට හොඳම දේ රටම නැවත වැසිමයි . අමාරු උනත් එය කලයුතු නම් කලයුතු නේද?

  7. prabath says:

    Biyagama area should be included .

  8. 77 UNP says:

    එක අහoකාර පරයෙක් උගේ පැරණි තනතුරේ බලතල යොදලා මත්තල ගුවන් තොටේ ගුවන් භටයන්ගේ රාජකාරියට බාධාකර කෝවිඩ් වැලදුන ඉන්දියන් කාරයෝ නිරොධායන නොකර රට තුලට ගෙනත් රටම විනශයට දැම්මා. මූව හිරේ යවන්න ඕනෑ .