ගම්පොල රෝහලේ කොරෝනා හැදුනු වෛද්‍යවරයෙකු කාර්ය මණ්ඩලයට පාටියක් දමලා.. 50ක් නිරෝධායනයට.. වාට්ටු 02ක් මසා දමයි..

December 8, 2020 at 12:40 pm | lanka C news
ගම්පොල රෝහලේ කොරෝනා හැදුනු වෛද්‍යවරයෙකු කාර්ය මණ්ඩලයට පාටියක් දමලා.. 50ක් නිරෝධායනයට.. වාට්ටු 02ක් මසා දමයි..

ගම්පොළ රෝහලේ සීමාවාසික වෛද්‍ය වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තිබේ.

මේ හේතුවෙන් රෝහලේ වාට්ටු දෙකක් හා හදිසි ප‍්‍රතිකාර ඒකකය වසා දමා ඇත.

එම වෛද්‍යවරයා සීමාවාසික කාල සීමාව අවසන් වී ස්ථිර පත්වීමක් ලබා ලබා රෝහලෙන් පිටව යාමට ආසන්නව තිබියදී තේ පැන් සාදයක්ද පවත්වා ඇත.

එම තේ පැන් සාදයට සහභාගී වූ වෛද්‍යවරුන් විසිදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල 50 දෙනකු පමණ නිරෝධායන ට යොමු කර තිබේ.

වසා දැමූ වාට්ටුව ප්‍රතිකාර ලබමින් සිටි සියලු දෙනා වෙනත් රෝහලට මාරු කර යවා තිබේ.

මෙම සාදය වෛද්‍යවරයා විසින් සඳ පවත්වා ඇත්තේ ඔහුගේ පෙම්වතිය කොරෝනා ආසාදිතව සිටියදී හා ඔහුද කොරෝනා පරීක්ෂණයකට ලක් කර සිටියදීය.

15,344 views

8 Comments to “ගම්පොල රෝහලේ කොරෝනා හැදුනු වෛද්‍යවරයෙකු කාර්ය මණ්ඩලයට පාටියක් දමලා.. 50ක් නිරෝධායනයට.. වාට්ටු 02ක් මසා දමයි..”

  1. කැප්පෙටිපොළ says:

    සොක්‍රටිස් බෙහෙත ලෙස කිව්වෙ ආහරය
    හෙල වෙද කමේ ඇත්තෙ ආහරය
    හොද පුරුද්දක් වන්නෙ හොද ආහරය
    වෙද මහත්තාගේ පැණිය හොදය ආහරය

    අධ්‍යාපනයේ හිරවුනු වුනු දොස්තරලා වැඩිය
    බෙහෙත් වලට තියෙන ශ්‍රද්ධාව ඔවුන්ගේ වැඩිය
    බෙහෙත් වලට තියෙන ශ්‍රද්ධාව අමුලික බව කිව යුතුය
    එබැවින් දොස්තරවරුන්ගේ අමුලික ශ්‍රද්ධාව වැඩිය

    කපටි කමට වෙදකම නැති කරේ දොස්තර මහතාය
    දොස් වලින් තොර සිංහල වචනය බව උන් නොදන්නේය
    පරික්ෂණය සමග පැණි බෝතලයක් දෙන්නේය
    දොස්කරයා අසරණ බව කියන්නේය

    දොස්තරයනි මේ අහපල්ලා
    හේතුඵල න්‍යාය වැඩට ගනිල්ලා
    උඹලට ශ්‍රද්ධාව එතකොට එයි හිතාගනිල්ලා
    කර්ම ලෙඩට උඹලා පන්සල් පලයල්ලා

    • ක්‍රිමිනල් says:

      එල එල කමල් උබේ ස්ක්‍රිප්සොෆේනියාව එන්න එන්නම වැඩිවෙනවා වගේ , ලගම ඉන්න මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයං ,උබ බටහිර වෛද්‍ය විද්‍යාවට අකමැතිනං ගමේ වෙදමහත්තයා හම්බ වෙලා ඉස කුඩිච්චියක් දාගනිං ,ඔය තත්වේ මග ඇරිලා යයි..😜😜😜

  2. බටහිර දැනුම says:

    බටහිර වෙදුන්ට උගන්වා ඇත්තේ මොනවාද?

  3. කැප්පෙටිපොළ says:

    බටහිර වෛද්‍ය විදයාව ගැන මහ රහත් තුමා ප්‍රකාශ කරයි
    පුතේ ලොකේ තියෙන හැම දෙයක්ම ඇත්තෙ රුපය ඇසුරු කොට ගෙනය. නමුත් ශරිරය තියෙන්නෙ අරුපය ඇසුරු කරගෙනය. එබැවින් අරුපයට බෙහෙත් කිරිම රුපයට බැ. නමුත් රුපයට වද දෙන්න අරුපයටත් බැ. මේ සත්‍යය ගන්න න්‍යාය 23 කියලා සොක්‍රටිස්ගෙ ඒකල්ලා ටිකක් මානය අඩු කර ගන්න. නමුත් සොක්‍රටිස් ට වඩා අපේ වෙද මහත්තුරු දන්නවා. නමුත් සොක්‍රටිස් තරම් විග්‍රහයක් කරන්න ඔවුන්ට බැ මොකද ඔවුන් හදන්නෙ දක්ෂතාවය අරුපයේ සිට නමුත් සොක්‍රටිස් හැදුවේ රුපයේ සිට ඒක හින්දා කියන්නෙ අරුපයේ සිට දක්ෂතාවය හදන්න කියලා මෙය සොක්‍රටිස්ගෙ 24 වෙනි න්‍යාය කියා ලියා ගන්න. හැබයි වෙද මහත්තුරුන්ට ගරහන්න එපා කපටි වන්න එපා මෝඩ දොස්තරවරුනි.

  4. අජානීය ඉස්කූටර් says:

    දැන් කට්ටියට පාටිය මතක් වෙන , මතක් වෙන වෙලාවට ඇඟේ හිරිගඬු පිපෙනවා ඇති

  5. ක්‍රිමිනල් says:

    අරහේ මේසන් බාස්ගේ පැණිය බොන්න පොලීමේ , අනිත් පැත්තේ ජොස්තරලා කොරොනා පාටී , කොහෙද ඕයි පුද්ගල වගකීම පැනලා ගියේ ?

  6. RED BULL says:

    ඊළඟට දොස්තර පොකුර​?

  7. sena says:

    කන්ඩනැතත් බොන්ඩනැතත් ජොලි කරපල්ලා

Main News