ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..

July 28, 2020 at 6:32 am | lanka C news
ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ලැබෙන සෑම මනාපයක් වෙනුවෙන්ම පැලයක් බැගින් සිටුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පරිසරවේදීන් ඉදිරියේ පොරොන්දුවක් ලබා දෙන ලදී. ඒ මහතා මෙම පොරොන්දුව ලබා දුන්නේ ශ්‍රී ජයවර්ධන පුර “ දියසරු උයණේ දී “ පැවති “හරිත හෙටක් – මනාපයට පැලයක්” ප්‍රතිඥාව පරිසරවේදීන් වෙත ලබා දීමේ වැඩසටහන හා එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා

මැතිවරණ තමයි පරිසරයේ මාරයා බවට පත්වෙලා තියෙන්නේ. පරිසර ඇමතිවරු පරිසර අධිකාරි වල හිටපු සභාපතිවරු මැතිවරණයට බැස්සහම පරිසරය අමතක වෙනවා. කාලයක් පොලිතීන් ටොන් ගණනින් පරිසරයට එක් වුණා. පෝස්ටර් කෝටි ගණනින් පරිසරයට එකතු වුණා. අපි දන්නවා පෝස්ටර් එකක ආයුකාලය පැය කීපයයි. නැතිනම් දින කිහිපයයි. ඒ නිසා එක හදන්නේ ඉතාම බාල තීන්ත භාවිතයෙන්. වැසි කාලෙට මේ පෝස්ටරේ තියෙන විශ රසායණික පරිසරයට එකතු වෙනවා. ලක්ෂ ගණනින් ගස් කැපෙනවා පෝස්ටර් තැනීම සඳහා. රතිඥා හරහා ශබ්ධ දූෂණයක් විතරක් නෙවේ එහි අඩංගු විශ ද්‍රව්‍යත් පරිසරයට එකතු වෙනවා. මේ සියල්ල ම නිසා මැතිවරණ කාලයේ පරිසරය දුෂණයවී දැවැන්තම විනාශයක් සිදුවෙනවා.

ඒ වගේම මෑත කාලේ අලුත් සංස්කෘතියක් එකතු වුණා පරිසර විරෝධී මැතිවරණ ව්‍යාපාර තුළ. ඒ තමයි රථ පෙළපාලි යාම. ලොක්කෙක් කියලා දැනෙන්න නම් විශාල වාහන ප්‍රමාණයක් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ තිබියයුතු යැයි අපේක්ෂකයන් කල්පනා කරනවා. එවිට මා තනි වාහනයෙන් තනියම පැමිණෙන කොට මා වට කරගෙන පිරිසක් නැති උනාම බොහෝ දෙනෙක් අහනවා ඔහොම ආවහම ෂෝ එකක් නෑ නේද? පිරිස් බලයක් පෙනෙන්නෙ නෑ නේද ? කියලා. නමුත් වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කිරීමෙන් පරිසරයට කාබන් විමෝචනය වීමෙන් පරිසරයට සිදුවන හානිය පිළිබඳ මේ අයට කිසිම අවබෝධයක් නැති බව පේනවා. එනිසා මැතිවරණ ව්‍යාපාරයක් තුළ වාහන වල සිදුවන ඉන්ධන දහනයෙන්, පෝස්ටර් පත්‍රිකා මුද්‍රණය කිරීමට භාවිතා වන විදුලිය ජනනය කිරීම සදහා ගල් අගුරු භාවිතයෙන්, ඩීසල් යනාදිය භාවිතයෙන්. සිදුවන කාබන් විමෝචනය නිසා පරිසරයට දැවැන්ත හානියක් සිදුවෙනවා. මේ පරිසරයට මුදාහරින කාබන් උරා ගැනීමේ හැකියාව තියෙන්නෙ ගස් වැල් වලට විතරයි. මේ පාර්ලිමේන්තු මැතිවරණය තුළ සිද්ද වෙන දැවැන්ත පරිසර හානිය සමනය කරගැනීම සඳහා අපට තිබෙන හොඳම විසඳුම පරිසරය වෙනුවෙන් හැකි පමණින් ගස් වගා කිරීම පමණයි. පැලයක් එකතු කිරීම පමණයි.

මේ පිළිබඳ යම් සංකල්පයක් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළා. අපි අමතක කරන්න නරකයි 2009 පළාත් සභා මැතිවරණයේදී පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා නැති මැතිවරණ ව්‍යාපාරයක් කරන බවට මම දළදා වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. මම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස එදා මා දැක්ක පරිසර විනාශය ආදර්ශයෙන් නතර කළ යුතුයි කියන විශ්වාසය නිසා තමයි එදා මම පරිසර අධිකාරියේ සභාපති ධූරයෙන් ඉවත් වෙලා දළදා වහන්සේ ඉදිරියට ගිහිල්ලා ලිඛිත ප්‍රතිඥාවක් ලබා දුන්නේ මාගේ අනාගත කිසිම මැතිවරණයක පෝස්ටර් පොලිතීන් රතිඤ්ඤා භාවිතා කරන්නේ නැහැ කියලා.

අපේ ප්‍රතිඥාව අනුව පසුගිය පක්ෂ නායක රැස්වීමකදී පෝස්ටර් වලින් තොරව ජනාධිපතිවරණය කරන්න යෝජනා කරාම එක් දිස්ත්‍රික් නායකයෙක් කිව්වා ගම්මන්පිල ඇමතිතුමාගේ වැඩේ කොළඹට හොඳයි ගමට ගැළපෙන්නෙ නෑ. ගමට ෂෝ එක නැත්තං ඡන්ද ටික එකතු කරන්න බෑ කියලා. නමුත් ජනාධිපතිතුමන්ගේ තෝරාගැනීම උනේ ෂෝ එක නැතත් ඡන්ද නැතත් පරිසරය සුරැකීම වැදගත්. පරිසරය එක, මැතිවරණය දෙක කියලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරපු නිසා තමන්ගේ ඡන්ද අඩු වීමේ අවදානම අරගනිමින් එතුමා පෝස්ටර් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කිරීමට තීරණය කළා. එදා අපි කොළඹට ගෙනාපු ප්‍රතිපත්තිය අද ජාතික ප්‍රමිතිය බවට ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරලා තියෙනවා. ජාතියේ වාසනාවට මේ වන විට පරිසර හිතකාමී ගැඹුරු පරිසර සංකල්ප පිළිබඳ අවබෝධයක් තිබෙන කෙනෙක් මේ රටේ ජනාධිපති ධූරය දරනවා. ඒ නිසා මහාචාර්ය සරත් කොටගම මැතිතුමනි, මහාචාර්ය හේමන්ති රණසිංහ මැතිණියනි, සමන්ත ගුණසේකර මැතිතුමනි ඔබතුමන්ලා පරිසරය සුරැකීම පිළිබඳ මොනතරම් පර්යේෂණ කරන්න ඇද්ද? මොනතරම් වාර්තාවක් සකසන්න ඇද්ද? පරිසරයේ අධිකාරියේ ලාච්චු තුළ මෙවැනි වාර්තාවන් ගොඩගැහිලා ඇති. මේ එම වාර්තාවන් මහපොළොව යථාර්ථයක් බවට පත් කිරීමට අපට ලැබිල තියෙන ස්වර්ණමය අවස්ථාවයි.

අපි දැක්කා විල්පත්තු වනය රිෂාඩ් බදුර්දීන් විනාශ කරපු වෙලාවේ අපි ඔහු සමග සටනට බැස්සා. මම රූපවාහිනි විවාද දෙකක් රිෂාඩ් බදුර්දීන් සමග කළා තමන් විල්පත්තු වනයට හානියක් කළේ නෑ කියන මිත්‍යාව සමාජගත කරන්න උත්සාහ කරද්දී. දේශපාලකයන් බොහොම ජනප්‍රියයි කතා කරන්න. අද අවශ්‍ය වන්නේ කතාව නොව ක්‍රියාවයි. පරිසරය සුරැකීමට ප්‍රතිඥා දීමට වඩා වැදගත් වන්නේ සැබැවින්ම පරිසරය සුරැකීමයි. ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මා බලාපොරොත්තු වෙනවා ජනතාව මට ලබා දෙන සෑම මනාපයක් වෙනුවෙන්ම එක් පැලයක් ගානේ පරිසරයට එකතු කරන්න. මට කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ලබා දෙන මනාප ගණන ලක්ෂ තුනක් නම් ඉදිරි වසර 5 තුළදී ලක්ෂ තුනක් නව පැළෑටි රෝපණය කිරීමේ ප්‍රතිඥාව අද ලබා දෙනවා.

මනාපයට පැලයක් ප්‍රතිඥාව

මාගේ දේශපාලන දිවියේ ආරම්භයේ සිටම පෝස්ටර්, පොලිතීන් සහ රතිඤ්ඤා වලින් තොරව, රථ පෙළපාලි නොමැතිව, පරිසර හිතකාමී ප්‍රතිපත්තීන්ට අනුව යමින් පැවැත් වූ ජයග්‍රාහී මැතිවරණ ව්‍යාපාර වල අද්විතීය පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් අප වන්දනීය දෙරණ තලය මත ක්‍රියාත්මක වන කාබන් විමෝචන ක්‍රියාවලිය අවම කරනු වස්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මා විසින් ලබා ගන්නා සෑම මනාපයක් සඳහාම පැලයක් මාතෘ භූමියට දායාද කර සැමට ආදර්ශයක් ලබා දෙන බවට වර්ෂ දෙදහස් විස්සක් වූ ජූලි මස විසිහත් වන අද දින, මෙහි රැස්ව සිටින සම්භාවනීය පරිසරවේදීන් ඉදිරියේ ප්‍රතිඥා දෙමි.

එතැනින් නොනැවතී අද දින ආරම්භ වන හරිත හෙටක් ජාතික ව්‍යාපාරය හරහා මාගේ පරිසර හිතකාමී ප්‍රතිපත්තීන් මහ පොලොව මත යථාර්ථයක් කිරීමටත්, ඒ හරහා මිහිමව ගේ තවත් දරු පිරිසක් වන වෘක්ෂ ලතා, ගංඟා, ඇළ දොළ, මහා සමුදුර මෙන්ම අහිංසක සතා සිව්පාවා වෙනුවෙන් තවදුරටත් පෙනී සිටිමින්, හඬක් නැති ඔවුන්ගේ හඬ බවට පත් වීමටත් මම ප්‍රතිඥා දෙමි!

පාහියන්ගල ආනන්ද සාගර හිමි

අද ඉතාම වැදගත් දිනයක්. ඡන්ද ව්‍යාපාර අතර මේ වෙනකොට පරිසරය විනාස කරන ආකාරයේ මැතිවරණ ව්‍යාපාර ගණනාවක් සිදුවෙමින් පවතිනවා. ඒ අතර උදය ගම්මන්පිල මහතා මේ කරන ව්‍යාපෘතිය සම්න්දව අප ඉතාමත් අගය කරනවා. ප්‍රශංසා කරනවා. මට කියන්න තියෙන්නේ මේ ප්‍රතිඥාව වෙන කෙනෙක් කළාට ඒකෙ වලංගුභාවයක් නෑ. නමුත් අපි උදය ගම්මන්පිල මහත්මයගේ මේ භාවිතාව ඇතුළෙ දැක්කා දේශපාලන පැත්තකින් තියල මහපොළොව වෙනුවෙන්, හුස්ම ගන්න පරිසරයක් වෙනුවෙන්, එතුමා ඉතාමත්ම කැපවීමෙන් වැඩ කළා. ඒකට ආගමක් පක්ෂයක් දේශපාලණයක් කිසිම දෙයක් බලපෑවේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම එතුමා මතක් කරපු නිසාම මම එක් කාරණාවක් පැහැදිලි කරන්නම්, විල්පත්තු රක්ෂිත වනාන්තර පද්ධතිය විනාශය සම්බන්ධව එතුමා බොහොම ඕනෑකමින් ඒ පිළිබඳ තොරතුරු හොයලා ගැසට් ගෙනල්ලා ඒවා ඉතාමත්ම විධිමත්ව පරිගණක ගත කරලා ඒ සම්බන්දයෙන් අදහස් සැක්වූවා. ඇත්තටම දේශපාලන නායකයෙක් පරිසරයක් සම්බන්ධව සංවේදී භාවයෙන් අදාල තොරතුරු ඉතාම හොඳින් ලබාගෙන පරිසරවේදීන් අරගෙන එහෙම කටයුතු කරනවා අපි දැකලා නැහැ. අපි විල්පත්තු වන සංහාරයට එරෙහිව ගෙනාපු සටනට දේශපාලනඥයෙක් හැටියට එතුමා දැක්වූ දායකත්වය ඉතාමත් වටිනවා. ඒක දේශපාලන එහා ගිය කාර්යයක් හැටියට අපි දකිනවා. ඒ නිසා තමයි අපි එතුමාගේ මේ වේදිකාව ඇතුලේ දේශපාලනයකින් තොරව එතුමාගේ පරිසර ව්‍යාපෘතිය පිළිබඳ ඇවිත් බය නැති අපිට හිට ගන්න පුළුවන් ආත්ම ශක්තියක් තියෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් පෞද්ගලික ඉල්ලනවා උදය ගම්මන්පිල මහත්මයාට පරිසර අමාත්‍යාංශය දෙන්න. මොකද අපිට සටනක් නැතුව පරිසරය වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන්.

මහාචාර්ය සරත් කොටගම මහතා

ගම්මන්පිල මහත්මයා ගැන මම හොඳට දන්නවා. මට විවෘතව කියන්නට පුළුවන් එන්නත් කලින් ඒ මනාපය දීලා තියෙන්නේ ඒ නිසා ගහක් හිටවනවා බලාගෙනයි ඉන්නේ දැන්. මගේ බලාපොරොත්තුව නම් ඔබතුමා ඉදිරි රජය තුළ පරිසර ඇමති වෙයි කියන එකයි. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳන්න බෑ. ප්‍රතිපත්ති තියෙනවා. අපට පත පොතෙන් සහ අපේ විද්වතුන් සකස් කරපු භෞතික සැලැස්මක් මේ රට වෙනුවෙන් තියෙනවා. ඒක සමාජ විවේචනයට කොතෙක් දුරට ලක් වුණාද කියන එක තමයි මේ වන විට ගැටලුවක් වෙලා තියෙන්නෙ. විවේචනය හරියට සිදු කර ගත්තොත් අපට අවශ්‍ය ක්‍රියාමාර්ගයේ හරියට යන්නට පුළුවන්. මොකද ලෝකය වේගයෙන් වෙනස් වෙනවා.

විවිධ අගමැතිතුමන්ලා ජනපතිතුමන්ලා සමග සම්බන්ධ වෙලා කටයුතු කරපු පුද්ගලයෙක් විදිහට මම දකිනවා අද අපට ලොකු හයියක් තියෙනවා. විෂය තේරෙන ජනාධිපතිකෙනෙක් ඉන්නවා. එතුමත් එක්ක මේ ගමන යන්න පහසු වෙනවා කියන එකයි මගේ විශ්වාශය. මොකද එතුමා දැඩි තීරණ ගන්න පුළුවන් අවශ්‍යතාව අනුව ක්‍රියා කරන්න පුළුවන් පුද්ගලයෙක්.

විශේෂයෙන්ම ඔබ තුමන්ට මනාප වැඩියෙන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ හිටවන පැල සියල්ලම යම්කිසි අරමුණු සහගතව හිටවන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

මහාචාර්ය හේමන්ති රණසිංහ, ජේෂ්ඨ පරිසරවේදී සමන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවේදී අදහස් දැක්වූව. මෙහිදී තරුණ පිරිස් විසින්ද මනාපයට පැලයක් ප්‍රතිඥාව සිය ජංගම දුරකථන හරහා ලබා දෙමින් සමාජ ජාල වෙත එක්කිරීම සිදු කරන ලදී.

– අරවින්ද අතුකෝරල

1,535 views

23 Comments to “ගම්මන්පිලට පරිසර අමාත්‍යංශය ඉල්ලයි..”

  1. Janu says:

    ගෙම්බන්ට චන්දය නොදෙන්න. රත්තරන් හොරුන්ට, එතනෝල්, ගම්මිරිස්, පුවක්, බැංකු, වැලි, කොමිස්, හොරුන්ට, ස්ත්‍රී ළමා අපයෝජකයින්ට චන්දය දෙන්න එපා. පසුගිය කොරෝනා සමයේ ජනතාවට ශත 5 කින් උදවු නොකළ දැන් කෝටි ගණන් වියදම් කරමින් චන්ද හිගන කාටවත් චන්දෙ දෙන්න එපා. අකුරු කියවීමට හැකි ඔබ අකුරු කියවීමට බැරි මාපියන්ටවත් මුන්ට චන්දය දීමට ඉඩ තබන්න එපා.

  2. jaya says:

    එම තනතුරට හොඳම සුදුස්සා !

  3. Saputhanthri says:

    තම මැතිවරණ ව්‍යාපාරය පුරාම පරිසර හිතකාමී ප්‍රතිපත්ති අනුගමනය කළා. මට මතක විදිහට ඔහු පළාත් සභා තනතුරු දරණ කාලයේත් පරිසරය වෙනුවෙන් කතා කළා. කටින් බතල හිටවන අනෙක් අමතිලාට වඩා ගම්මන්පිල කියන්නේ තනතුරට සුදුස්සෙක් !

  4. Gamini says:

    We wish you all the best for your this success initiative. you are a person who should be in the parliament.

  5. Anoma says:

    Ensure that you find all the disputes inside authorities. We wish you for the success.

  6. nim says:

    i’ll vote for Gamnpila because of this initiation and the trust what highlighted by ආනන්ද සාගර thero. all should come together and should work against the common challenges without considering their political party. appreciate the initiation

  7. kalakanni niroshan badaa in melbourne from d s senanayake college says:

    කාමාතුරයන්ගෙන් දරුවන් රැකගනිමු. pohottu karayangen asarana daruwan bera gamu!!!

  8. thilakshi nadeeshani says:

    එම තනතුරට ගැලපෙනම සුදුස්ස ඔබතුම .ඔබතුමාට ජය .

  9. saduni says:

    උදය ගම්මන්පිල මැතිතුමාට ඇමතිදූරයක් දිය යුතු වේ.මන්ද ඔහු පාලිමෙන්තුවේ සිටිනා උගත් බුද්දිමත් පුද්ගලයෙක් ඒ වගේම උසස් පෙළ ලංකාවේ පළවෙනියට සමත් උන එකම දේශපාලක නායකයා .ජය වේවා ..