ගම්මන්පිල අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක.. ඇමරිකා LNG ව්‍යාපෘතියට විරෝධය.. තමන් අත්සන් නොකරන බව කියයි..

September 30, 2021 at 12:02 am | lanka C news
ගම්මන්පිල අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක.. ඇමරිකා LNG ව්‍යාපෘතියට විරෝධය.. තමන් අත්සන් නොකරන බව කියයි..

මෙරට විදුලි බලාගාර වලට ගෑස් සැපයීම 2028 දක්වා ඇමරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීමට බාධකයක් ලෙසින් තමන් දකිනා බව අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ (09.29) බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණයකට පිලිතුරු සපයමිනි.

අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය.

ප්‍රශ්නය

මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් ඔබතුමන්ලාගේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එවන් අවස්ථාවක ඇමරිකානු සමාගමකින් ගෑස් ලබාගැනීමට කටයුතු කිරීම මෙම වැඩපිළිවෙළට බලපාන්නේ කොහොමද ?

පිළිතුර

New Fortress Energy සමාගම ගෑස් සැපයීම ආරම්භ වන්නේ 2023 ඉදන් වසර පහකට. ඒ කියන්නේ 2023 සිට 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙන්දේසිය පැවැත්තුවොත් එතැන සිට වසර තුනකදී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. 2022 ඉදන් ගත්තොත් 2025 සිට අපට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්.

නමුත් අපේ විදුලි බලාගාර වලට ගෑස් සැපයීම 2028 දක්වා ඇමරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීමට බාධකයක් විදියට බලශක්ති අමාත්‍යවරයා විදියට මම දකිනවා. ඒ පිළිබඳව මම අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ ලබා දීලා තියෙනවා. මේ පිළිබඳ නිරීක්ෂණ දෙකක් ලබා දුන්නා. මේ පිළිබඳ සාකච්ඡා වෙච්ච සෑම අවස්ථාවකම අපේ අමාත්‍යාංශයට මෙය බලපාන ආකාරය පිළිබඳව ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලයි තියෙන්නේ.

ප්‍රශ්නය

අපේම ගෑස් නිපදවීමේ බලශක්ති සිහිනයට මේ තත්වය බලපාන්නේ කොහොම ද ?

පිළිතුර

අපිට මේ අවස්ථාවේ බාධක තුනක් තියෙනවා. ඉන් පළමු බාධකය තමයි අප තෙල් සහ ගෑස් ගවේෂණයට එළැඹෙන්නේ ලෝකයේ තෙල් සහ ගෑස් අත්හරිමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වෙමින් සිටිනා කාලයක. ගිනි කන්ද පුපුරා අනික් අය ගිනි කන්දෙන් එළියට වාහනය පදවද්දී අප ගිනි කන්ද දෙසට පදින එකම වාහනය බවට පත්වෙනවා. එය ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට ඇති එක් බාධාවක්. කොවිඩ් වසංගතය හමුවේ ඇති වී තිබෙන ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඕනෑම ආයෝජකයෙක් තමන් සිටි තත්ත්වයට වඩා පහතට ඇද වැටී තිබෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ ආයෝජන ප්‍රමුඛතා තීරණය කරද්දි තමන් දන්න කියන හුරුපුරුදු රටක ආයෝජනය කරනවා වෙනුවට අලුත් රටකට ඇවිල්ලා අලුත් දෙයක් කරන්න තියෙන ඉඩකඩ අඩුයි.

තුන්වැනි එක අප හදා ගන්නා බාධාව. මොකද ගෑස් තෙල් වගේ නෙමෙයි. ප්‍රවාහනය සහ ගබඩා කිරීම අතිශයින්ම දුෂ්කරයි සහ වියදම්කාරීයි. ගෑස් සොයාගෙන එය අපනයනය කිරීමට සිදුවෙනවා නම් මුලින්ම ගෑස් ටික අරගෙන දැවැන්ත ශීතලකට ලක්කරලා ද්‍රවීකරණය කරන්න ඕනෑ. අරගෙන ගිහිල්ලා නැවත රත්කරලා නැවත ගෑස් බවට පත්කරලා තමයි පාවිච්චි කරන්න ඕනෑ. එය වියදම්කාරී වැඩක්. පුළුවන්නම් ගෑස් ගන්න තැන සිට ගෑස් ගොඩබිමට ගෙනල්ලා ඉන් විදුලිය නිපදවන්න අඩු වියදමකින් මෙය විකුණන්න පුළුවන්. එවිට ආයෝජකයා එන්න තියෙන ඉඩ ද වැඩියි.

අප කතා කළා අසර්බයිජානය ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රාජ්‍යයන් එක්ක. ඉතාම පිරිසිදු පිරිපහදු කිරීම අවම මට්ටමේ පවතින ස්වභාවික ගෑස් තමයි අපේ රටේ තියෙන්නෙ. අපේ රටේ ගෑස් අපි පාවිච්චි කරන්නෙ නැත්නම් පිටරට කට්ටිය ගන්න කැමති වෙයිද ? අපි හිතමු රුසියාවේ බෙහෙතක් තියෙනවා කියලා. ඒක රුසියාවේ මිනිස්සු බොන්නේ නැහැ. අපිට එවනවා. අපි බය නැද්ද බොන්න. යම් භාණ්ඩයක් එම රටේ පාවිච්චි වෙන්නේ නැත්නම් අපනයන වෙළඳපොළක් අල්ලා ගැනීම දුෂ්කර වෙනවා. එතකොට මෙහෙත් විකුණන්න බැරිනම් පිටතත් විකුණන්න බැරිනම් කවුද ඩොලර් බිලියන ගණන් මේ සඳහා ආයෝජනය කරන්නේ. මොකද මෙවැනි ආයෝජන මෙතෙක් ලංකාවේ වෙලා නැහැ. ලංකාවේ ඉන්න ඉහළම කෝටිපතියන් එකට එකතු වුණත් මෙවැනි ආයෝජන කරන්න බැහැ. ඉතින් මෙවැනි දැවැන්ත ආයෝජනයකට එන කෙනෙකුට මෙහෙත් වෙළඳපොලක් නැත්නම් මෙහෙ නැති නිසාම විදේශ වෙළෙඳපොළකුත් නැත්නම් ආයෝජන කිරීමට මැලි වෙනවා.

ප්‍රශ්න දෙකක් ඇතිවෙලා තිබෙනවා. ප්‍රශ්නයක් විහින් දාගෙන තියෙනවා. මේ රට ගොඩ දැමිය හැකි එකම ක්‍රමය මේ තෙල් සහ ගෑස් සම්පත ගොඩ දැමීම නිසා බාධක තිබුණත් ඒ බාධක වලට වඩා අපේ අධිෂ්ඨානය ප්‍රභලයි කියන එකත් අපි සිහිපත් කරනවා.

ප්‍රශ්න

ඇමතිතුමනි ඇමරිකාවත් එක්ක මේ අත්සන් කරලා තියෙන ගෑස් සම්බන්ධ ගිවිසුම යම් ආකාරයක අපිට වාසිසහගත ලෙස සංශෝධනය ගැනීමට ඉඩක් නැද්ද?

පිළිතුර

ඇත්තෙන්ම සමහරු මේ ප්‍රශ්නය වැරදි තැනකින් අල්ලන් තියෙනවා. අපිට ප්‍රශ්නය තියෙන්නෙ යුගදනවි බලාගාරයේ 40%ක් New Fortress Energy සමාගමට දීම නෙවෙයි. අපේ රටේ දැනටත් විදුලි බලාගාර විශාල ගණනක් පෞද්ගලික අංශයේ ආයෝජන‍යෙන් සිද්ධවෙන්නේ.

අපේ ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමෙරිකානු සමාගමකට හිමි වීම. ඒක බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රශ්නයක්. බලශක්තිය අමාත්‍යාංශය විදිහට අපිට ප්‍රශ්නයක් තියෙනවා විතරක් නෙමේ ඒ ප්‍රශ්නය පිළිබඳ නිලධාරීන් එක්ක ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ගෑස් විෂය පිළිබඳ දන්න අය ඉන්නේ අපේ අමාත්‍යංශයේ. නමුත් ඔය ගිවිසුම් වලට එළඹීම සම්බන්ධයෙන් කිසිම කමිටුවක අපේ අමාත්‍යංශ නියෝජිතයෝ හිටියේ නෑ. ඉතිං අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය විදිහට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබා දීලා තියෙනවා.තව නිරීක්ෂණයක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා.

– media unit

26,642 views

21 Comments to “ගම්මන්පිල අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක.. ඇමරිකා LNG ව්‍යාපෘතියට විරෝධය.. තමන් අත්සන් නොකරන බව කියයි..”

  1. Nimal says:

    රට වෙනුවෙන් මෙවන් දේශපාලකයන් සිටීම රටේ වාසනාව

  2. නාඩගම්කාරයෝ says:

    කෙ‍ාන්ද පණ තියන මිනිස්සුත් ඉන්නව‍ා ආණ්ඩුව ඇතුලේ. පුළුවන් නම් බේර ගන්න රටේ දියුණුවට හෙනේට හිටින ගිවිසුමෙන් මේ රට

  3. කසුන් says:

    රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු

  4. කොලුගැටයා says:

    රටටම ගොඩ යන්න තියන ගෑස් නිධි ටික ගම්මන්පිලටත් හොරා දෙන්න හදපු එක ගම්මන්පිලට විතරක් නෙමෙයි මුළු රටටම කරපු තුප්පහි වැඩක්

  5. Pamudi says:

    සතුටයි ඔබ වැනි දේශපාලකයන් සිටීම රටට

  6. Sampath says:

    ඔබ නිරතුරුව රට වෙනුවෙන් පෙනීසිටීම රටට ලොකු හයිය ක්.

  7. ගමනේ යා says:

    කරපු වැඩේ හරි කියලා කියන ආණ්ඩුවෙ කුජීත දේශපාලුවන් අතර කොන්දක් ඇතුව නෑ වැරදි මේක රටට විශ‍ාල අර්බුධයක් වෙනවා කියලා ආණ්ඩුවෙ ඉදන් කයපු එකට respect ආාාා

  8. කපුටා says:

    මෙතන සම්බන්ධයෙන් ප්‍රශ්න 3 නොවේ 4 තියනවා. රටේ තීරණ ගන්න තැන නීල කාස හොරු අරක්ගෙන ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ඩබල් වෙන්නේ ඒ නීල කාස හොරු නිකම්ම නොවේ ඇමෙරිකන් නීල කාස හොරු වීමයි.

  9. Ratnamalala says:

    ඇත්තෙන්ම සන්තෝසයි. රනිල් උන්නැහේ අර්ජුන රණතුන්ගව වරායෙන් අයින් කරලා මහින්ද සමරසිංහ කියන කබ්බව දාල හම්බන්තොට චීනෙට දුන්නා. ඒ වගේ දෙයක් නොවෙයි කියල හිතන්න බැහැ . තනතුරුවලට පෙරේත අම්මව උනත් ගෙනත් දෙන කබ්බෝ තව ඕන තරම් ඔය 225 අතරේ ඉන්නවා.

Main News