ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…

June 16, 2021 at 10:02 pm | lanka C news
ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…

බලශක්තිය අමාත්‍ය ධූරයෙන් උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයේ ඇති මතය සම්බන්ධයෙන් තවදුරටත් එම මතය තමන් දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තමන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම මතයේ සිටින බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂයක් යයිද කී ඔහු ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණ සියල්ල එලෙස ගන්නා බවද පැවසීය.

එම කටයුතු ඉදිරියටද එලෙසින්ම සිදු කරන බවද කියා සිටි අතර තමන් විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන පක්ෂය තුළ ප්‍රශ්නයක් මතු වී නැතැයිද තවදුරටත් කියා සිටියේය.

52,928 views

26 Comments to “ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…”

  1. Jagath says:

    දැන් නාට්ටිය පෙන්නුවා ඇති. බෛයියෝ චූන් උනා.

  2. 3% ට බය බයියා. says:

    හාල් කීය ද …….පොල් තෙල් කීය ද ………සැමන් පරිප්පු කීය ද …….හාල් මැස්සන් කීය ද ……සීනි කීය ද ……පෙට්ට්‍රල් ඩීසල් ලාභ ද…………වෙනස ෂැපද …………..ඔබට සතුටුයි ද ………………..

    • අනේ ගොනෝ says:

      Yes we are really Happy..you idiot. One who has been eating krotan seems to be eating rice and curry now thanks to this govt.

      • ජිම් පුතානෝ says:

        Krotan also very expensive .But piduru and punnaku very cheep.69 laks peoples ara like that.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අපි චන්දෙ දුන්නෙ බඩ ගැන හිතල නෙවේ රට ගැන හිතල. බඩගින්නෙ මැරුනත් පොහොට්ටුව බලේ ඉන්න එක තමා අපේ ප්‍රාර්තනාව.

    • අපි නොදන්නා ජෙප්ප says:

      මලික් ගෙන් ගත්ත කප්පම් වලට උනේ මොකද බන්, 88-89 කාලේ ගමේ මුදලාලිලාගෙන් ගත්තු කප්පම් වගේම තම තමන්ගේ වලට ගියාද

    • 3% ට බය බයියා. says:

      රට චීනට,2015 මැදමුලන වලව්වේ ඉස්සරහ ජනේලේ එල්ලෙන්න දුන්නේ මතකයිනේ ,89/89 භීෂණය =හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට රජ සැප දී දේපළ රාජපක්ෂී කරනය කිරිම ,පාස්කු ප්‍රහාරය ,මහ බැංකු මොළකරුවන් නිදැල්ලේ ,දැන් වෙනස ෂැපායි ..ඔබට සතුටුයි ද ……..අපේ හාමුදුරුවනේ …..

  3. Saman says:

    Pohottiwe ayusha iwara wage!!!
    Munta mage watina Chande dunnata wishala kalakirimak aatha.

  4. මේ මොකෙද්ද says:

    සාගර කාරියවසම්ට කියන්නෙ:
    කවුරුවත් ඔබේ මතය තඹේකට ගණන් ගන්නේ නෑ
    මහජන ඡන්දයෙන් පත් වුනු, රටට අවශ්‍ය නායකත්වය වෙනස් කරන්න ඔබට බෑ

    ඔබෙන් එක ඉල්ලීමක් තියෙනවා.
    නිකං පව් නොදී ඉන්නවද?

  5. mali says:

    All of you should now resign and go home we do not need any parliamentarians to play jokes using people money. We do not need a parliament as well .Let the officers to run the country. Even Gota should go home we do not have any respect for any of you at all.

  6. Kishan says:

    Not worth to comment about pig headed puppet

  7. Nandasoma Suriyaarachchi says:

    කොරෝනා පාලනයට අසමත් වීම නිසා, සිදුවන මරණවලට වගකීම භාරගෙන සමස්ත රජයම ඉල්ලා අස්විය යුතුයි….!

  8. හතර බීරි කථා....ක්...නැත...තත්...නැත..පූකත් නැත. says:

    හතර බීරි කථා තමා මේවා.

  9. අපි ගොන්නු නොවේ...! says:

    සිරිසේන… කුරේගේ…. කටහඬ තියෙන්නෙ…..

  10. Legends says:

    දැල් ශෑපද?…

Main News