ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…

June 16, 2021 at 10:02 pm | lanka C news
ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…

බලශක්තිය අමාත්‍ය ධූරයෙන් උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සඳහන් කරමින් නිකුත් කළ නිවේදනයේ ඇති මතය සම්බන්ධයෙන් තවදුරටත් එම මතය තමන් දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තමන් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද එම මතයේ සිටින බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මේ බව කියා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී සිටියහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු මේ රටේ ජනතාව විසින් බිහිකරන ලද ජනතාවගේ පක්ෂයක් යයිද කී ඔහු ජනතාව වෙනුවෙන් ගතයුතු තීරණ සියල්ල එලෙස ගන්නා බවද පැවසීය.

එම කටයුතු ඉදිරියටද එලෙසින්ම සිදු කරන බවද කියා සිටි අතර තමන් විසින් නිකුත් කරන ලද නිවේදනය ගැන පක්ෂය තුළ ප්‍රශ්නයක් මතු වී නැතැයිද තවදුරටත් කියා සිටියේය.

52,928 views

26 Comments to “ගම්මන්පිල ඇමති ධුරයෙන් අස්විය යුතුයි..- පොහොට්ටුව යලි තහවුරු කරයි… ඒ බව ප‍්‍රකාශ කරයි…”

  1. ගෙම්බාගේ විච්ඡේදනය says:

    ගෙම්බා මැරුවත් පොහොට්ටුවෙන් යන්නේ නෑ.
    රාජපක්ෂලා ඔක්කොම ගෙම්බට පල ‌නොකියා පලා බෙදනවා.එතකොට ගෙම්බා අමුතු උපක්‍රමයක් දානවා.රාජපක්ෂලා අතර බෙදීමක් තියෙනවා කියලා ගෙම්බම හෙන ප්‍රචාරයක් දීලා තමන් ඉන්නේ මහින්ද හා ගෝටා සමගයි කියලා රටට ලොකු ප්‍රචාරයක් දෙනවා.එහෙම කලාම මහින්දටයි ගෝටටයි තමන්ව එලවා දාන්න බැරි අධ්‍යාත්මික දෙගිඩියාවක් ඇතිවන බව කපටි ගෙම්බා දන්නවා.
    රාජපක්ෂලාම අනේක වාරයක් කියලා තියෙනවා අපේ පවුල බිදවන්න කාටවත් බෑ කියලා.ඒත් ගෙම්බා මුඵ රාජපක්ෂ පවුලම Blackmail කරමින් කියනවා බැසිල් මහින්දට කපනවා මම මහින්ද මහත්තයාව ආරක්‍ෂාකරනවා කරනවා කියලා.

    • සාගර says:

      ගෙම්බා පව් නේ ?

    • janaka says:

      මම මහින්ද මහතාට කිහිපවතාවක් චන්දය දුන් කෙනෙක් ඒවගේම ගම්මන්පිලටත් විමල්ටත් විවිද චන්ද වලදී වගේම අවසාන පාර්ලිමේන්තු චන්දයේදීද මගේ මනාපය ලබාදුන්නා මහින්ද මහතාගේ නුගේගොඩ රැලියට මාගේ උගත් මිත්‍රයන් රැසක් සමග සහබාගිවුන .පොදුපෙරමුන්ගේ බහුතර දේශපාලකයන් එදා සිට පිළිකුල් කලත් පොහ්පොට්ටුවට චන්දය ලබාදුන්නේ විමල් ,ගම්මන්පිල ,ආදීන් නිසා .පොහොට්ටුවේ මේ අලුතින් මතුවී ඇති චරිත එදා සිටියේ නෑ .එදා අපගේ පැතුම වුයේ පාදඩකරණය නොවූ පාදඩ ධනපතීන් හෝ උන්ගේ හෙන්චයියන් වෙනුවට උගත් බුද්දිමත් දේශප්‍රේමී පුද්ගලයන් පොහොට්ටුවෙන් තොරාගනිවී කියා .නමුත් එය සිදුවී නැති බවත් සජිත් ප්රෙමදාසගෙ පක්ෂයේ හා සමාන පාදඩ පන්තියක් පොහොට්ටුවේද සිටින බව හොඳා කාරවම දැකගැනීමට අපට හැකියි .
      මේ සන්ධර්භය තුල මීළඟ චන්දයේදී අපි එකාවන්ව පොහොට්ටුවට විරුද්දව වැඩකිරීමට සුදානම් විමල් ,ගම්මන්පිල නොමැති පොහොට්ටුව බෝඩ් ලැල්ලක් වන බව බොහොම වේලාසනින මතක් කර දෙන්නට කැමතියි .උගත්කම /ප්‍රබුද්ධ යන වචනවල අර්තයවත් නොදන්නා පාදඩ දේශපාලකයන් තම බලය පිලිබඳ අධි තකසේරුවකින් පසුවීම පුදුමයක් නොවේ නමුත් විමල් ගම්මන්පිල ආදීන් නොමැතිව කොරල බලමු

      • Piyarathne Gamage says:

        තනියම ඉල්ලුවොත් විමල්ට ගම්මන්පිලට දුවන්න පාර මදි වෙයි….ජනාධිපති චන්දෙදි ලක්ෂ හතලිස් හකරක් ගත් ෆොන්සේකා කොලඹට කනියම ඉල්ලල පන්දාහයි ගත්තෙ ….ගම්මන්පිලගෙ පක්ෂයේ සාමාජිකත්වය කීයක් ඇද්ද…විමල් එක්ක ජවිපෙ කඩාගෙන ආපු කීදෙනෙක් එයා එක්ක ඉන්නවද…

  2. එක්නැලිගොඩ says:

    පිටි පස්සේ බැසිල්.

  3. වජිර says:

    නොදකිං කාරියවසමා

  4. දයා says:

    එතකොට මහින්දටත් ලිවුමක් ගහනවද වසමෝ. එයානේ මිල වැඩිකිරීම කලේ.

  5. NUwan says:

    බැසිලිකාව ලියල දෙන දෙයක් කියවනවා ඉතින්

  6. KD says:

    Clearly only one person should resign – its the Secretary General of SLPP himself

  7. kawinda says:

    mama mehe kiyawannam sir. paharapita pahara gahannam.. hebei maawa beraganna honde. nethnam maawath sir inna thenata ganna. api Joe Bidenta viruddawath kerali gahamu.

Main News