ගම්මන්පිලගෙන් අමුතු කතාවක්.. ගෝටාභය විරෝධියෙක් වෙලාද..

January 25, 2019 at 12:03 am | lanka C news
ගම්මන්පිලගෙන් අමුතු කතාවක්.. ගෝටාභය විරෝධියෙක් වෙලාද..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

නිර්පාක්ෂික ජනපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එජාපය කටයුතු කිරීම පිලිබඳ මගේ මතය මාධ්‍යවේදීන් විමසූ විට මා පැවසුවේ ප්‍රාදේශීය සභාවක්වත් පාලනය කර නොමැති අයෙකු ජනපති ධූරයට පත් කර ගැනීමට මෙරට ජනතාව කටයුතු නොකරන බවයි.

මා ගෝඨාභය විරෝධියෙකු බවට පත් වී ඇති බවත් මා එය පවසන්නේ ගෝඨාභය මහතා ඉලක්ක කරගෙන බවත් හැගී යන අයුරින් එජාපයට හිතවත් යූ ටියුබ් නාලිකාවක එය වංචනිකව සංස්කරණය කර ඇත.

ඔවුන් යටපත් කරන කාරණය වන්නේ ගෝඨාභය මහතාට ප්‍රාදේශීය සභා මට්ටමේ නොව අමාත්‍යාංශ මට්ටමින් වසර දහයක අත්දැකීම් ඇති බවයි.

ඇත්තෙන්ම නිදහස් ලංකාවේ බිහිවුණු දක්ෂතම පරිපාලකයා ඔහු බව, කළ නොහැකි බවට වර්ග කර තිබුණු කොටි පරාජය සහ කොළඹ අලංකරණය සැබෑවක් කිරීමෙන් ඔප්පු කර ඇත.

වාසනාවකට මෙන්, මගේ තේරීම ගෝඨාභය මහතා බවත් අප ඉදිරිපත් කරන්නේ යෝජිත අයගෙන් ජනප්‍රියම කෙනා බවත් පැවසූ කොටස ඉවත් කිරීමට සංස්කාරකට අමතක වී ඇත

අදාල වීඩියෝව මෙතනින්

– උදය ගම්මන්පිල

38,308 Viewers

7 Comments to “ගම්මන්පිලගෙන් අමුතු කතාවක්.. ගෝටාභය විරෝධියෙක් වෙලාද..”

  1. Alfi says:

    ප්රකාෂ කරනවිටදි වඩා කල්පනාවෙන් නොකරන නිසා මෙවැනි ප්රස්න වලට මුහුන දිමට සිදුවෙනුඅැත. පසුගිය විස්වාස බංගයට ප්රතම මාද්යට කල පරකාෂ නිසා විසාල හානියක් සිදුවන බව අමතක නොකරන්න.

    • සිදත් says:

      ගම්මන්පිල මහතා විශ්වසබන්ගයේදී පැවසුයේ සම්මත නීතිකරුණු නමුත් එය එසේ සිදු නොවුනේ ගම්මන්පිල මහතා විසින් පැවසු කරනු වැරදි නිසා නොවේ .

  2. Nim says:

    DANNO DANITHI

  3. Nim says:

    GOTABAYA MATHITHUMA TA
    JAYAWEWA. MAGE RATATA
    JAYAWEWA.

  4. Rathgama MC says:

    ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම සිරිසේන ඉල්ලනවමයි.මේ වන විට මහින්ද මහත්තයත් ඊට එකඟ වී ඇති බව තමයි පෙනෙන්න තියෙන්නේ.ගම්මන්පිල්ලෙල මේ රහස දන්නා නිසා තමයි කියන්නේ අපේක්ෂකයෝ 5 දෙනෙක් දැනට සාකාච්චා වෙලා තියෙනවා අනිවාර්යෙන්ම මෙයින් එක්කෙනෙක් තමයි එන්නේ,ජයගන්න හැකි ජනප්රියම එක්කෙනා තමයි පත්කරන්නේ කියල.ඒ වගේම එයා කියනවා ජනාධිපති වෙන එක්කෙනා ප්රාදේශීය සභාවකවත් පාලනය කරලා දේශපාලන සහ පරිපාලන අත්දැකීම් ලබපු කෙනෙක් වෙන්නේ ඕන කියල.මේක තමයි අනික් ඉඟිය.මේකෙන් ගෝටාභය කෙලින්ම අවුට් නේ.දැන් ගෝටාම ඉල්ලුව අය මොකද?කරන්නේ.එයාලට හරි සනීප ඇති දැන් නේද?අවසානයේ ගම්මන්පිල්ලේ මාධ්ය සාකච්ඡාවක් තියල විරිත්තාගෙන කියයි,කිසිම ලැජ්ජාවක්,හිරිකිතයක් නැතිව,සිරිසේන මහත්තය කොහොමටත් ඉල්ලන නිසා අපිත් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් සිරිසේන මහත්තයාගේ ලක්ෂ 13 අපට නොලැබෙන නිසා දෙන්නම පරදින නිසා අපි එකඟ උනා කියල ශ්රීලනිප-පොහොට්ටු සන්ධානයෙන් සිරිසේන මහත්තය ඉදිරිපත් කරන්න.මෙයාලගේ ලැජ්ජ නහරේ කපල තියෙන්නේ ඒ නිසා රෙදි ඇඳගෙනම මෙයාලට ඕනෑම දෙයක් කිසිම විලිලැජ්ජාවක් නැතිව කියන්නත් පුළුවන් කරන්නත් පුළුවන්.අතලොස්සක් උනත් යම් පිරිසක් එහෙයියෝ,වහල්ලු සහ මෝඩයෝ ඉන්නවා මෙයාල කියන කරන ඕනෑම දෙයකට පිටිපස්සෙන් ඉඳගෙන හුරේ දාන්න.හැබැයි ගම්මන්පිල්ලෙල දැන ගන්න ඕන පොදු මහා ජනතාව මේවා අනුමත නොකරන බවත්,ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත්.අපිට ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි,බැසිල් මහත්තය කැපවෙලා හැදුව පොහොට්ටුව,පළාත් පාලන ආයතන 239 ක් දිනුව පොහොට්ටුව මුන් කෑව මහින්ද මහත්තයත් රවටගෙන.හැබැයි මතක තියා ගනිල්ලා ඔය නාඩගම් වලට ඒකාබද්ධයේ මන්ත්රීවරු සහ පොහොට්ටුවේ පළාත් සභා මන්ත්රිවරුත් ප්රාදේශීය සභා වල සභාපතිවරුත් සියල්ල සුදානම් නැති බවත්,සිරිසේනට කතිරය ගහන්න බැරි පොහොට්ටුවේ ජනතාව වෙනුවෙන් සහ සිරිසේනත් රනිල්ටත් දෙන්නටම එරෙහි ජනතාව වෙනුවෙන් එකාබද්ධයේම ප්රබලයෙකුත් තරඟ වදින බවත්,සමහර විට ඒ අපේක්ෂකයා ජයග්රහණය කරන්නත් ඉඩ තියෙනවා,කෙසේ උනත් සිරිසේනට හිමි වන්නේ 3 වන ස්ථානය කියල

  5. Rathgama MC says:

    https://youtu.be/_YFAvDYnn4o

    වෙල්ගම එදා කියපු ඇත්ත ඔන්න දැන් පහු වෙලා හරි ගම්මන්පිල්ලෙත් කියනවා.ජනාධිපති වෙන පුද්ගලයා ප්‍රාදේශීය සභාවකවත් සිට දේශපාලන අත්දැකීම් තිබෙන කෙනෙක් විය යුතුලු.වෙල්ගම මැතිතුමා මේක කලින්ම කිවුව.එතුමා කියපු හැම දෙයක්ම ඇත්ත උනා.අපිත් මේක එදත් කිවුව අදත් කියනවා.ජනාධිපති අපේක්ෂකයා වී ජනාධිපති වෙන්න නම් ප්‍රාදේශීය සභාවක හිටියත් මදියි අඩු ගානේ වසර 20 ක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විවිධ කැබිනට් ඇමති පදවි දරමින් පක්ෂයේද නිලතල දරපු ප්‍රජාතන්ත්‍රවාදී,ජනතාවාදී පරිනත දේශපාලඥක් විය යුතුමයි.ඒ වගේම ජනාධිපති අපේක්ෂකත්වය නිතරම හිමි වන්නේ දේශපාලන පක්ෂ සන්ධානයක ප්‍රධාන පක්ෂයටයි.මේ අනුව පොහොට්ටුවේ ප්‍රධාන පක්ෂය වන එකාබද්ධයේ ඉන්න ශ්‍රීලනිපයේ මහින්ද පාර්ශවයේ ජ්‍යෙෂ්ට පරිනත මන්ත්‍රීවරයෙකුට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබුනොත් පමණයි ජය ගන්න ලැබෙන්නේ.මේ අනුව කාටත් පැහැදිලියි,මහින්ද මහත්තයට ඉදිරිපත් විය නොහැකි උනොත්,කුමාර වෙල්ගම මැතිතුමා බව ජනාධිපති අපේක්ෂකයා 2020 ට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන.

  6. lotus says:

    apita oni BASIL.BASIL BASIL BASIL

Main News