ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

October 14, 2021 at 6:20 am | lanka C news
ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..

ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් භික්ෂූන් වහන්සේලා සහ ජාතික සංවිධාන හමුවෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලයේ පිහි‍ටි තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට උත්සාහ දරමින් සිටින බවට මේ දිනවල ප්‍රචාරයක් ගෙනයමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අවධානය යොමු කිරීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 11 දින පැවති මාධ්‍ය හමුවේදී පාලු ගෙවල් වල වළං බිඳිමින් බොරු ප්‍රචාර සිදු නොකර තමා හා රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස ඛනිජ තෙල් වෘත්තීය සමිති වලට ආරාධනා කර සිටියේය.

එම විවාදයේදී තමන් වැරදි බව ඔප්පු කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති කටයුතු කරන්නේ නම් තමන් ඔවුන්ගේ තෙල් ටැංකි රැකගැනීමේ සටනට එක්වන බවත් ඔවුන් පවසන්නේ බොරු බව ඔප්පු වුවහොත් බොරු බිල්ලන් මවමින් ජනතාව නොමඟ යැවීම සම්බන්ධයෙන් ඔවුන් ජනතාවගෙන් සමාව ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය .

2021 ඔක්තෝබර් 14 වන දින රාත්‍රී 10:30 ට හිරු බලය වැඩසටහන ඔස්සේ මෙම විවාදය සජීවීව විකාශය කෙරේ.

අරවින්ද අතුකෝරාල
මාධ්‍ය ලේකම්

24,072 views

25 Comments to “ගම්මන්පිල-වෘත්තීය සමිති විවාදයක් අද හිරු බලයේ..”

  1. nethusala says:

    රටක් රකින්න වැඩ කරන ඇත්ත කතාකරන ඇමතිවරයෙක්

  2. රාවණා says:

    රටේ අනාගතය වෙනුවෙන් තමන්ගේ ඇමතිකම පවා පරිත්‍යාග කරන්න සූදානම් ඔබ වැනි නිර්භිත දේශප්‍රේමි නායකයන් රටට සිටිය යුතුයි. වෘත්තිය සමිති මෙන් සල්ලි වලට රට ජාතිය පවා නොදෙන ඔබට ජය………….!

  3. mitsala says:

    බොරු කියන විපක්ෂ‍යට, එක එක රටවල න්‍යායපත්‍ර වලට අනුව වැඩ කරන වෘත්තීය සමිති වලට අද නිසි පිළිතුරු ලැබෙයි

  4. sansala says:

    ada thamai dawasa patta athaithuma gini gindarata wede denna gawalawanna unege andum

  5. nimal says:

    ලංකාවේ වෘත්තිය සමිති කරන්නේ විපක්ෂයෙන් සල්ලි අරගෙන ආණ්ඩුවට මඩ ගහන එක. දැන් එය නිසි ආකරයටම රටේ ජනතාවට පෙනුම් වී අවසනයි. අදින් පසු වෘත්ති සමිති යනු නමක් පමණ වනු ඇත.

  6. banda says:

    East terminal ekata karet union mekama thamyi ….ada wenakta kisima development ekak na But west terminal eke wada okkama yanawa January 2022 wala patan ganyi jatiya hadanna…union wala thiyenne wena aganda

  7. mithsala says:

    වෘත්තිය සමිති වල ඉන්න උන් මෙච්චර තමන්ගේ වැඩ කරන තැනට ආදරයක් තියෙනවා නම් කිසිම දිනක වර්ජන නොකරයි. වෘත්තිය සමිති වල ඉන්න උන් එකෙක්වත් වැඩක් කරන්නේ නැත නමුත් ලක්ෂ ගණනින් පඩි ලබයි. තව මුදල් කුට්ටි වලට කෑදර කමේ තමන්ගේ ආයතනය හොදක් වන්නට යන අවස්ථාවල මේ වගේ බොරු බිල්ලන් මවයි. නමුත් දැන් නම් ඔවුන් බල්ලා මාක් එකකට වැටි අවසනායි විෂය භාර ඇමතිතුමාගේ පැහැදිලි කිරීම් සහ දේශපේ්‍රම්ත්වයෙන් ගනු ලබන තීරණ නිසා.

  8. යක්ක පුතුන් says:

    රට දැය වෙනුවෙන් වැඩක් කරන ඔබතුමාට ජයවේවා!!!

Leave a Comment

Main News