ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. අධිකරණයේ සාක්‍ෂිත් දීලා.. පාටිත් දාලා.. පිලිකා රෝහලටත් ගිහින්..

July 14, 2020 at 2:10 pm | lanka C news
ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. අධිකරණයේ සාක්‍ෂිත් දීලා.. පාටිත් දාලා.. පිලිකා රෝහලටත් ගිහින්..

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු සහ ඔහු සමඟ ගමන් ගත් රියදුරෙකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබේ.

රියදුරා වශයෙන් කටයුතු කළ ආසාදිතයා පසුගියදා ගම්පහ අධිකරණයේ පැවති නඩුවකටද සාක්ෂි ලබාදී ඇති බව හෙළිවී තිබේ.

පසුව තම බිරිඳ සමඟ මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති අතර ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක ම සංඛ්‍යා සංචාරය කර ඇත.

ඔහු සාද කිහිපයකට ද සහභාගි වී ඇතැයි ද හෙලිව තිබේ.

උපදේශකයෙකු වන අනෙක් ආසාදිතයා ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර දානමය පිංකමකටද සහභාගී වී ඇත.

ඔවුන්ගේ සමීප ආශි‍්‍රතයන් සියළු දෙනා මේ වනවිට ස්වයං නිරොදායනයට යොමු කර තිබේ.

98,230 Viewers

30 Comments to “ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. අධිකරණයේ සාක්‍ෂිත් දීලා.. පාටිත් දාලා.. පිලිකා රෝහලටත් ගිහින්..”

  1. apei rata says:

    නාවුක හමුදාවේ පරිපාලනයේ දෝෂයක් හේතුවෙන් එම රැල්ල හටගත් අතර, කන්දකාඩු පුනරුතථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වරදින් එම රැල්ල හටගෙන ඇත

  2. Saradiel says:

    මුන්ව උපදේශක තනතුරට පත්කළ අය වගකිව යුතුය

  3. හිටං says:

    මිනිස්සු ගාල් කරලා ඉන්න තැන්වල වැඩකරන මිනිස්සු සමාජයේ හැසිරීම පාලනය කිරිම දැන්වත් කල යුතුය ..නැත්නම් ඇති වැඩක් නැහැ …

Main News