ගම්මානයක් භිතියට පත් කල රංචුවෙන් එකෙකු මන්දකට හසු වෙයි..
August 3, 2019 at 12:40 pm | lanka C news
නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ගමම භිතියට පත් කරමින් සැරිසැරු හදුන් දිවි පැටවෙකු මන්දක් අටවා අල්ලා වනජිවි නිලධාරින්ට භාර දිමට ඊයේ (02) රාත්‍රියේ එම ගම්වාසින් සමත් වි ඇත.
මහවැලි ගගට ආසන්නයේ ඇති ලදු කැලැවක සැරිසරන මෙම හදුන් දිවියන් රාත්‍රි කාලයේ එම ගම්මානයට පිවිස ගම්වාසින් විසින් සුරතලේට ඇති කරන සුනඛයන් සහ කුකුලන් දඩයම් කරන බව එම ගම්වාසින් පවසයි.
රාත්‍රි කාලයේ ගම පුරාම මෙම දිවියන් සැරිසරන නිසා ගම්වාසින් දැඩි භිතියට පත් වි සිටියය.
මේ පිලිබදව වනජිවි නිලධාරින් දැනුවත් කලද එම නිලධාරින් ක්‍රියාත්මක නොවු නිසා ගම්වාසින් එකතු වි මුදල් එක් රැස් කර ගම්මානයේ දිවියන් අල්ලා වනජිවි නිලධාරින්ට භාර දිමට විශේෂ කුඩුවක්ද සකස් කර මෙම දිවි පැටවා අල්ලා ගැනිමට සමත් වි තිබෙ.
රාත්‍රි කාලයේ එම ගම්මානය පුරා සැරිසරන දිවියන් නිරික්ෂණය කිරිම සදහා ගම්වාසින් ආරක්ෂිත කැමරාද සවි කර තිබේ.
එම කැමරා දර්ශන ඔස්සේ මෙහෙයුම දියත් කල ගම්වාසින් දිවියන් සැරිසරන ස්ථාන නිසි ලෙස හදුනාගෙන උගුලක් සහිත කුඩුව සවි කර තිබුණි.
ගම්වාසින් විසින් අල්ලාගෙන වනජිවි නිලධාරින් වෙත භාරදුන් හදුන් දිවි පැටවා ආරක්ෂිතව වෙනත් රක්ෂිතයකට මුදා හරින බව මධ්‍යම පලාත් වනජිවි නියෝජ්‍යය අධ්‍යක්ෂක ආර්.ඩි විරසිංහ මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
handun diviya kiyanne ithaama AHINSAKA DIVIYEK. balalekuta vada poddayi loku. Minisunta hirihara karanne naha
Handun diviyan bera ganimu
හඳුන් දිවියා ගෙන් මිනිසුන්ට කරදරයක් නැත.., ඌ කන්නෙ මාලුන් සහ පක්ශීන් පමනයි
සදුන් දිවියන් බල්ලන් මරා මස් නොකයි ..එය බොරුවක් …
තේ වතු වල දෙමළ ජනතාව හදුන් දිවියන් මරා උන්ගේ මස් කයි ….ඒ සතුන්ට දැන් මිනිසාගෙන් ලොකු අනතුරක් ඇත ..ඔවුන්ගේ වන රක්ෂිත විනාශ කරමින් තේවතු දෙමල ජාතිකයන් අපේ රටේ අසරණ සතුන්ට කරන්නේ ජාතික අපරාධයකි .. සදුන් දිවියන් මැරීම හෝ කැලෑ බළලුන්ට හිංසාකිරීම ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ පනතට අනුව නීති විරෝධි ක්‍රියාවකි.මේ පනත යටතේ මොවුන් සංරක්ෂිත සත්ත්ව කොටසක් ලෙස නම් කොට ඇත.පරිසරයේ වැදගත් කොටස් කරුවකු වන කැලෑ බළලා විලෝපිකයකු වශයෙන් ආහාර දාමයේ ඉහළින්ම සිටින්නෙකි.ආහාර දාමයේ පහළින්ම සිටින ශාක භක්ෂකයන්ගේද ශාක වර්ග වලද සමතුලිතතාව පවත්වා ගැනීමට ඔවුන් අවශ්‍යයි.ඒ අනුව මොවුන් පරිසරයෙන් ඉවත් වීමෙන් පරිසර සමතුලිතතාව බිද වැටේ.කැලෑ බළලුන් සංරක්ෂණය කල හැක්කේ ඔවුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කිරිමෙනි.එමනිසා මිනිසුන් විසින් මේ සතුන් වාසය කරන පරිසර පද්ධති ආරක්ෂා කිරිමට දායක විය යුතුය. සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින් මාලුන්,ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.මොවුන්ගේ තර්ජනයට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමය.
සදුන් දිවියන් ආරක්ෂා කිරීම අපේ යුතුකමකි …
Munta baya wenne babbu.aparade ahinsaka sattu.
very rare animal.should be protected for future generation
=Fishing cat = koladiviya – minisata ballata hani nokarayi – surakimu dulaba sathun !