ගම්මාන කිහිපයකට රිලා ප‍්‍රහාරයක්.. නිවෙස්වලට පැන බත්, එළවළු මුට්ටිත් උස්සාගෙන යති..

December 31, 2020 at 5:30 pm | lanka C news
ගම්මාන කිහිපයකට රිලා ප‍්‍රහාරයක්.. නිවෙස්වලට පැන බත්, එළවළු මුට්ටිත් උස්සාගෙන යති..

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජිවත් වන පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, දාගම්පිටිය, ඇල්ල උඩ, හොරකඩ, පේරගොල්ල, වැනි ගම්මානවල මෙම රිලා උවදුර වැඩි වශයෙන් පවතින බව එම ප්‍රදේශවල ජනතාව පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම ප්‍රදේශවල පිරිස් පවසනුයේ තම ප්‍රදේශවල සැරි සරන රිලා රංචු පිටින් පැමින තම ගෙවතු වගාවන් විනාශ කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තම ගෙවතුවල වගා කරන වගාවන් මෙම රිලා රංචු විසින් විනාශ කිරිමත් සමග තමන්ට දැඩි ලෙස ආර්ථික වශයෙන් පාඩු සිදුවන බවත් මෙම තත්වයන් මත තමන්ට ගෙවතු වගාවන් එපාවි ඇති බවද එම ගම්මානවල පිරිසක් පවසති.

සමහර අවස්ථාවලදි මෙම රිලවුන් තම නිවාස තුලටද රිංගා නිවාසවල තිබෙන දොර ජනෙල් රෙදි පවා විනාස කරන බවත් තවත් සමහර අවස්ථාවලදි තම නිවාසවල කුස්සි තුල තිබෙන බත් වැංජන හට්ටි පිටින් ඔසවාගෙන යන බවද එම පිරිස් පවසති.

මෙවැනි තත්වයන් මත මෙම ප්‍රදේශතුල සැරි සරන රිලවුන්ගෙන් තමන්ට දැඩි ප්‍රිඩාකාරි තත්වයන් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කර මෙම රිලවුන් අල්ලා වෙනත් කැලැ බද ප්‍රදේශයකට මුදා හැරිමට කටයුතු කරන්නේ නම් එය තමන්ට සිදු කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් තව දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා හැටන්

10,800 views

9 Comments to “ගම්මාන කිහිපයකට රිලා ප‍්‍රහාරයක්.. නිවෙස්වලට පැන බත්, එළවළු මුට්ටිත් උස්සාගෙන යති..”

  1. sana says:

    Monkeys are making people poor in central province (yes, there are other factors also). If government can assist to develop home gardens, people can get significant income. no government is interested in.

  2. Ranji says:

    Parana jeppo tikak wenna ethi!

  3. සිරිල ක දේ says:

    දයාසිරි දැන් කුරුණෑගල දිස්ත්‍රික්කේ නෙවෙයිද?

    • ඔඩ්ඩි යකා says:

      එහේනම් රිලාසිරියාගෙ උදවිය

    • ගොමයා says:

      මම හිතුවේ මට විතරයි මේක කියවද්දි මූව මතක් වුනේ කියල ම හික්.!

  4. Kota says:

    මෙික බුරැ සජියගේ සහ ලපයගේ Plan එකක් වෙන්ඩත් පුලුවන්.

  5. බූරු පුතානෝ සජීයා says:

    89 ජේවීපී භීශන කාලෙ අපේ විමල් සර් තමා ඔය ජොබ් එක කලේ

  6. පොඩි එකා says:

    දාපං රචින්නා කරලක්

  7. Chandaprema says:

    සමහර තැන්වල අයිඩෙන්ටි කාඩුත් අරං ගිහින් !

Main News