ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

April 2, 2020 at 9:20 am | lanka C news
ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කර තිබේ.

එසේ වසා දමා ඇත්තේ පන්විල, චීන කොටුව, කරදගොඩ, අඹේපිටිය, අක්කරගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ය.

කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා පවසා පවසන්නේ එම ගම්මාන වලට කිසිවෙකුට ප්‍රවේශ වීමට හෝ ඉන් කිසිවෙකුට පිටවීමට නොහැකි ලෙස හුදකලා කර ඇති බවයි.

සෞඛ්‍ය අංශ විසින් කරනු ලබන නිර්දේශ මත මෙම හුදෙකලා කිරීම කළ බවද ඔහු සඳහන් කළේය.

මේ අතර බේරුවල පන්විල ප්‍රදේශයේ හඳුනාගත් කොරෝනා රෝගීන් සමග සමීපව කටයුතු කළ 56 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

49,413 Viewers

2 Comments to “ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..”

  1. Manoj Priyanga says:

    පාරවල් විතරක් අවහිර කරලා මදි… කැලෙන් පනින උන් ඉන්නවා. ඒවත් බලන්න වෙයි. මොකද ඉතාලි ගිය උන් එහෙම හිටියොත් උන්ට කැලේ මැදින් ගිහිං හොඳට පුරුදුයි.

  2. Chatura putha says:

    ඇත්ත කියපං,උඹත් කැලෑ පාරෙන් ඉතාලි ගිය එකෙක් නැද්ද හා,,,,

Main News