ගම්මිරිස්, කරුංකා බලය යලිත් බදියුදීන් අතට.. ගම්මිරිස් ප‍්‍රතිඅපනයන මහා වංචා චෝදනාද ඔහුටයි..

March 27, 2019 at 6:48 pm | lanka C news
ගම්මිරිස්, කරුංකා බලය යලිත් බදියුදීන් අතට.. ගම්මිරිස් ප‍්‍රතිඅපනයන මහා වංචා චෝදනාද ඔහුටයි..

ගම්මිරිස්, කරුංකා ආදිය සඳහා ප්‍රභවස්ථාන සහතිකය ලබා දෙන වාණිජ දෙපාර්තුමේන්තුව, යළිත් වරක් වරක් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාටම පැවරා ඇති බවත් ඒ සම්බධයෙන් ජනපති හා අගමැති වගකිවය යුතු බව තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය පවසයි.

එසේම ගම්මිරිස් සහ කරුංකා ආනයනය සහ ප්‍රතිඅපනය අත්හිටුවීමට ගත් තීරණයට අනුව ගැසට් ප්‍රත්‍රිකාව නිකුත් කිරීමට රජය කටයුතු නොකරීමෙන් එම වංචාව පවත්වාගෙන යාමය සහය දෙමින් ජනතාව මුලා කර ඇති බවද එම සංගමය පවසයි

පසුගියදා කොළඹදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා දැක්වු අදහස්:

ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තුමේන්තුව තමයි නිදහස් වෙළඳ ගිවිසුමක් යටතේ භාණ්ඩයක් මෙරට සිට වෙනත් රටකට අපනයන කරන විට අදාළ බදු සහන ලබා ගැනීමට, එම භාණ්ඩය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් බවට සහතිකය (ප්‍රභවස්ථාන සහතිකය) නිකුත් කරන්නේ. වාණිජ දෙපාර්තුමේන්තුවේ ඉන්න අවංක නිලධාරීන් පිරිසකගේ උත්සාහයන් ව්‍යවර්ත කරමින් බදුර්දීන් අමාත්‍යවරයාගේ සෘජු බලපෑම මත පිටරටින් ආනයනය කළ ගම්මිරිස් සහ කරුංකා ආදිය සඳහා ව්‍යාජ ලෙස සකස් කරපු සහතික ලබාදීම පසුගිය කාලයේ දිගටම සිදු වුණා. මේ නිසා දේශීය ගොවීන් විශාල අපහසුතාවයකට පත්වුණා.

2018 ඔක්තෝම්බර් 26 වන දින එක්සත් ජාතික පක්ෂ රජය තාවකාලිකව බිඳවැටුනට පසුව, වාණිජ දෙපාර්තුමේන්තුව අයත්වුණේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යටතට. යළිත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහුටුවීමෙන් පසුවත් වාණිජ දෙපාර්තුමේන්තුව ගැසට් කෙරුණේ එම අමාත්‍යංශය යටතටමයි. එනම්, මලික් සමරවික්‍රම අමාත්‍යවරයා යටතට.

වාණිජ දෙපාර්තුමේන්තුව අමාත්‍ය රිෂාඬ් බදුර්දීන්ගේ ග්‍රහණයෙන් මිදිලා තිබුණු මේ කෙටි කාලය ඇතුළත වාණිජ දෙපාර්තුමේන්තුවට හැකියාව ලැබුණා කැබිනට් පත්‍රකාවක් කෙටුම්පත් කරලා ගම්මිරිස් සහ කරුංකා වංචාව වැළැක්වීම සඳහා මේවා ආනයනය සහ ප්‍රතිඅපනයනය වළක්වන්න යම් පියවරක් ගන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ නමුත්, එය නීතියක් බවට පත්වන්න නම් එය ගැසට් කළ යුතුයි. එය ගැසට් කිරීමේ වගකීමේ පැවරෙන්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාටයි. ගම්මිරිස්, කරුංකා ආනයනය වළක්වන්න කැබිනට් අනුමැතිය ලැබුණා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා, ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් රජය වැළකී සිටිනවා. ඒ අනුව ගම්මිරිස් සහ කරුංකා වංචාව නවත්වන්න පියවර ගන්නවා කියලා බොරුවට ජනතාව මුලා කිරීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ.

එක පැත්තකින් ජනතාව මුලා කරන ගමන් අනිත් පැත්තෙන්, මේ වංචාවට පහසුකම් සැළසීමත් රජය හොර රහසේ කටයුතු කරමින් සිටිනවා. රිෂාඩ් බදුර්දීන්ට වාණිජ දෙපාර්තුමේන්තුව අහිමි වුනාට පස්සේ ඔහු විශාල උත්සාහයක් ගත්තා එය නැවත ඔහු වෙතට ලබා ගන්න. රිෂාද් බදුර්දීන්ට වාණිජ දෙපාර්තුමේන්තුව මේ තරම් ඕනා වෙන්නේ ඇයි කියලා ඕනෑම ගොනෙකුට තේරෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පරාජයක් අත්කරදෙමින් යළිත් වරක් රිෂාද් බදුර්දීන් යටතටම වාණිජ දෙපාර්තුමේතුව ගැසට් කරන්න රජය දැන් ක්‍රියා කරලා. මේ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ජනතාව රවටලා, ජනමාධ්‍යය රවටලා, රටේ පාලකයින් මේ දූෂිතයන්ට පහසුකම් සපයමින් සිටිනවා.

කැලෑ කැපීම, ගම්මිර්ස් වංචාව, බීඩි කොල වංචාව, අධිකරණයට ගල් ගැසීම, සතොස ආයනතනය තුළ සිදුවන වංචා ආදියට චෝදනා එල්ල වෙන්නේ එකම ඇමතිවරයෙකුට. මේ අය මේ වංචාවල් කරන්නේ තමන්ගේ පක්ෂේ නමට ආගමේ නමත් ඈදාගෙන. ඒ නිසා මේ හොර තක්කඩිකම් ඒ ආගමික භක්තිකයන්ටත් කරන අසාධාරණයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මුස්ලිම් ජාතිකයන් තමන්ගේ ගෞරවය රැකගන්න මෙවැනි වංචාවලට එරෙහිව ඔවුන් නැගී සිටියි කියා.

මේ වංචාකාරයින් මෙතරම් බලවත් වෙලා තියෙන්නේ අපේ රටේ මැතිවරණ ක්‍රමය හරහා දුර්වල පාර්ලිමේන්තුවක් බිහිවෙන නිසා. එන්ජීඕ කාරයෝ සහ වාමවාදීන් යෝජනා කරන ආකාරයට විධායක ජනපති ක්‍රමයත් අහෝසි කළොත් වෙන්නේ රාජ්‍යය තවත් දුර්වල වෙලා මේ වංචාකාරයින් තවත් බලවත් වෙන එකයි. හැම ආණ්ඩුවකටම පනින මේ දූෂිතයන්ගෙන් ගැලවෙන්න නම් රටට අවශ්‍ය වන්නේ දිනන පක්ෂයට පැහැදිලි බහුතරයක් ලැබෙන ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිවන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීමයි.

– යටියන ප්‍රදීප් කුමාර

191 views

8 Comments to “ගම්මිරිස්, කරුංකා බලය යලිත් බදියුදීන් අතට.. ගම්මිරිස් ප‍්‍රතිඅපනයන මහා වංචා චෝදනාද ඔහුටයි..”

  1. Mr. Been says:

    if Rishad or Any Mental import material less price & re-export with a high price,
    that payment deal happening fully transparency method of our banking system. that is a very GOOD thing for the Country – earning income

    • Independent Buwa says:

      ඔයා හරිම බුද්ධිමත් කෙනෙක් කියලා පේනවා ඔයාගෙ comment එකෙන් , 😂 ප්‍රතිඅපනයනය කරන්නේ ලංකාවේ product එකක් හැටියට Been ලොක්කා , බාල බඩු වලට ලංකාවේ නම දැම්මම අනාගතේ අපෙන් බඩු ගන්නේ නෑ , හොඳම උදාහරණය කසළ ☕ ….

    • Sun says:

      The problem is with local farmers.They cannot compete.

  2. බන්ඩා says:

    තම ආගම වෙනුවෙන් මරාගන මැරෙන එක මුස්ලිම් සම්ප්‍රදායය්. එසේම තම ආගමේ අභිවෘද්ධිය වෙනුනේ බොරැ කියන්න කුරාණයෙන් මුසල්මනයන්ට අවසර දී තිබෙන චේදයට කියන්නේ ටකීය කිට්මන් කියලය්. බදුද්දීන් ඔය කියන වංචා කරන්නේ තම මුසල්මන ආගම වෙනුවෙන් නම් ඔහු අල්ලාගේ දිව්‍ය ලොකයට යනවා. ඒකට කිසම මුසල්මනයෙක් විරැද්ධ වන්නේ නැහැ.

  3. sunil attanayaka says:

    patta horuntama giya ratak…..!!! ehen karupaiiya daana daana thanin gaha gannawaa….mehen me hambaya….!!!

  4. Mahasona says:

    මෙයට හොදම පිළියම අයවැය පරදවා මේ වසල රජය පැරදවීමයි

  5. මේක තමා ශ්‍රී ලංකාවෙ තත්වය.ඉන්දියාවේ මුස්ලිම්වරැන් ඉන්දියානුවෝ,නමුත් ශ්‍රී ලංකාවෙ මේ තත්වය වෙනස් ලංකාවෙ මුස්ලිම්වරැන් හැසිරෙන්නේ සවුදි අරාබිවරැන් හැටියටයි.ඔවුන් මුදල් මතම යැපෙන්නන් බවට පත්වී හමාරයි.මේ කියන්නේ හැමෝම ගැන නෙමේ සුළු කොටසක් පමනක් මේ තත්වය වටහාගෙන ජීවත් වෙනවා බහුතරයක් ඵභෙම නෙමේ.විශේෂයෙන් දේශපාලකයෝ තමන්ගේ ගොඩ තරකරගන්න මේ දේවල් උපයෝගිකරගන්නවා.මත්කුඩු ජාවාරම්,බීඩි කොල ජාවාරම්,ගම්මිරිස් ජාවාරම් ලංකාවට නීති විරෝධි ලෙස බදු නොගෙවා කරන ජාවාරම් පිටුපස ඉන්න බහුතරයක් කවුද කියලා සොයාබැලිය යුතු කරැනක්.රටක නීතිය සැමටම සමානව ක්‍රියාත්මක නොවීම මීට හේතුවයි.එහෙම උනානම් මන්නාරමේ සිදුවුන දේට දඬුවම් දුන්නනම් අද මේ ජාවාරම් නවතිනවා.සමහරැ හිතනවා තමන්ගේ ජනබලයට අධිකරණයත් බයයි කියලා.මේවා නැතිකල යුතුයි.අතේ ෂොපින් බෑග් එකක තමන්ගේ බඩුටික දමාගෙන අනාථයෙකු ලෙස පැමිණි කෙනෙක් සහ ඔහුගේ පවුලේ පුද්ගලයන් කෝටිපතියෝ වෙලා ඉන්නේ කොහොමද කියලා කොන්ද පණ තියෙන ආණ්ඩුවක් රටේ තිබිය යුතුයි.ඒ ඒ ජාතීන්ට වෙනස් නීති නොව සමස්ථ රටටම එකම නීතියක් බලපැවැත්වෙන දවසක මේ රටට හොඳ කලක් යන බලාපොරොත්තුවෙන් බලාසිටිමු.

  6. මේක තමා ශ්‍රී ලංකාවෙ තත්වය.ඉන්දියාවේ මුස්ලිම්වරැන් ඉන්දියානුවෝ,නමුත් ශ්‍රී ලංකාවෙ මේ තත්වය වෙනස් ලංකාවෙ මුස්ලිම්වරැන් හැසිරෙන්නේ සවුදි අරාබිවරැන් හැටියටයි.ඔවුන් මුදල් මතම යැපෙන්නන් බවට පත්වී හමාරයි.මේ කියන්නේ හැමෝම ගැන නෙමේ සුළු කොටසක් පමනක් මේ තත්වය වටහාගෙන ජීවත් වෙනවා බහුතරයක් ඵභෙම නෙමේ.විශේෂයෙන් දේශපාලකයෝ තමන්ගේ ගොඩ තරකරගන්න මේ දේවල් උපයෝගිකරගන්නවා.මත්කුඩු ජාවාරම්,බීඩි කොල ජාවාරම්,ගම්මිරිස් ජාවාරම් ලංකාවට නීති විරෝධි ලෙස බදු නොගෙවා කරන ජාවාරම් පිටුපස ඉන්න බහුතරයක් කවුද කියලා සොයාබැලිය යුතු කරැනක්.රටක නීතිය සැමටම සමානව ක්‍රියාත්මක නොවීම මීට හේතුවයි.එහෙම උනානම් මන්නාරමේ සිදුවුන දේට දඬුවම් දුන්නනම් අද මේ ජාවාරම් නවතිනවා.සමහරැ හිතනවා තමන්ගේ ජනබලයට අධිකරණයත් බයයි කියලා.මේවා නැතිකල යුතුයි.අතේ ෂොපින් බෑග් එකක තමන්ගේ බඩුටික දමාගෙන අනාථයෙකු ලෙස පැමිණි කෙනෙක් සහ ඔහුගේ පවුලේ පුද්ගලයන් කෝටිපතියෝ වෙලා ඉන්නේ කොහොමද කියලා සොයා බලන්න පුළුවන් කොන්ද පණ තියෙන ආණ්ඩුවක් රටේ තිබිය යුතුයි.ඒ ඒ ජාතීන්ට වෙනස් නීති නොව සමස්ථ රටටම එකම නීතියක් බලපැවැත්වෙන දවසක මේ රටට හොඳ කලක් යන බලාපොරොත්තුවෙන් බලාසිටිමු.

Main News