ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

June 18, 2019 at 2:06 am | lanka C news
ගම්මිරිස් කිලෝව 600-150ට ඇද වැටේ.. වගාකරුවන් අමාරුවේ..

වෙලදපලේ ගමිමිරිස් කිලෝවක මිල සියයට හැටකින් පමණ අඩු විි තිබිිම හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් විශාල ගැටලුවකට මුහුණ පා සිටිති.

රැපියල් 1300 කට පැවැති වියලි ගමිමිරිස් කිලෝවක මිල රැපියල් 600 ක් දක්වාත් රැපියල් 380 ට කට පැවැති අමු ගමිමිරිස් කිලොවක මිල රැපියල් 150 ක් දක්වා පහත බැස දැනට වසර දෙකක පමණ කාලයක් ගත වි ඇති බව රත්නපුර දිස්ත්‍රික්කයේ ගමිමිරිස් වගාකරැවන් සදහන් කරති.

එලෙස පහත වැටි ඇති ගමිමිරිස් මිල කලින් පැවැති මිල ගණනන් දක්වා ඉහල දැමිිම සදහා මෙතෙක් කිසිම වැඩ පිලිවෙලක් සකස් කිරිමට බළධාරින් අපොහොසත් විි ඇති බවට ගමිමිරිස් වගාකරැවන් චෝදනා කරති.

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොටිඨාශා කිහිපයක විශාල ජනතාවගේ ප්‍රධානතම ජිිවනෝපාය ගමිමිරිස් වගාව බව ඔවුහු කියති.

වියලි ගමිමිරිස් කිලොවක් සකසා ගැනිම සදහා අමු ගමිමිරිස් කිලෝ හයක් පමන අවශ්‍ය බව ගමිමිරිස් වගාවන් කියති.

නමුත් මෙලෙස ගමිමිරිස් මිල පහත බැසිමක් සමග කලින් පැවැති අමු ගමිමිරිස් කිලොවක මිලට සමාන මිලක් දක්වා වියලි ගමිමිරිස් කිලෝවක මිල වෙලෙදපොලේ පහත බැස තිබෙන බව වගාකරැවන් පෙන්වා දෙති.

මෙ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගමිමිරිස් වගාකරැවන් එම වගාවන් අතහැර දැමිමට පටන් ගෙන තිබෙන බවද වාර්තා වෙ.

ගමිමිරිස් අස්වැන්නට සාධාරණ මිලක් ලබා දිම සදහා විදිමත් වැඩ පිළිවෙලක් සකස් කරන්නැයි වගාකරැවන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

– සම්පත් ප්‍රියනන්දන

7,037 Viewers
Main News