ගම්මිරිස් ගොවියා විනාසයි.. විදේශීය කසල ගම්මරිස් ගෙන්වා කලවම් කර රට පටවනවා..- හෙල උරුමය

July 15, 2017 at 12:40 pm | lanka C news
ගම්මිරිස් ගොවියා විනාසයි.. විදේශීය කසල ගම්මරිස් ගෙන්වා කලවම් කර රට පටවනවා..- හෙල උරුමය

දේශිය ගම්මිරිස් ගොවියා බෙලහීන කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ජාතික හෙල උරුමය පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය

දේශීය ගම්මිරිස් ගොවියා හා වෙළඳාම විනාශ කිරීමට ඉඩ නොදෙමු.

දේශිය ගම්මිරිස් ගොවියා බෙලහීන කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක වෙමින් පවතී. ලෝකයේ හොඳම ගම්මිරිස් නිෂ්පාදනය කරන ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ස්ථාවර මිළක් යටතේ ගම්මිරිස් මිලදී ගන්නවා වෙනුවට වියට්නාමය ඇතු`ඵ වෙනත් රටවලින් ගම්මිරිස් ශී‍්‍ර ලංකාවට ගෙන්වා ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් සමග මිශ‍්‍ර කර ලෝක වෙළඳපොළ හා රටවල් වලට යවන ජාවාරමක් ඇතැම් මැතිඇමතිවරුන් හා නිලධාරින්ගේ සහයෝගයෙන් කි‍්‍රයාත්මක වෙමින් ඇත.

ලෝකය පුරා ශී‍්‍ර ලංකාවේ තේ වලට තිබු කීර්තිමත් නාමය කසළ තේ ජාවාරම හරහා ද ශී‍්‍ර ලංකාවේ තේ වලට තිබු වෙළඳ නාමය අහිමි කළේද මේ ආකාරයටම ජාවාරම්කරුවන් පිරිසක් විසින්ය. ආනයන අපනයන වෙළඳාමේ නීති අවභාවිතා කරමින් කසළ තේ ජාවාරම සිදුකළ ආකාරයටම ලංකාවේ ගම්මිරිස් ගොවියා හා වෙළඳාම විනාශ කිරීමේ ජාවාරම ආරම්භ වී ඇත. ගම්මිරිස් වලට තිබු ඉල්ලූම හා මිළ මේ නිසා පහත වැටී ඇත. ගම්මිරිස් ගොවීන්ට අද පාරට බැස විරෝධතා උද්ඝෝෂණ පවත්වන්නට සිදුවී ඇත.

ලෝක ගම්මිරිස් වෙළඳපොලේ ශී‍්‍ර ලංකාවේ ගම්මිරිස් වලට ඉහළ ඉල්ලූමක්, මිළක් සහ වටිනාකමක් පවතින මෙවන් අවස්ථාවක ගම්මිරිස් ගොවියා ආරක්ෂා කර ගම්මිරිස් වලට ස්ථාවර මිළක් පවත්වාගෙන ගොවීන් ආරක්ෂා කරගෙන එහි ප‍්‍රතිලාභ ලැබිය යුතු අවස්ථාවක විදේශ රටවලින් ශී‍්‍ර ලංකාවට ගම්මිරිස් ආනයනය කොට මිශ‍්‍ර කර අපනයනය කිරීම සහගහන අපරාධයකි. අපනයනය ප‍්‍රවර්ධනය කළ යුතු බව හා වැඩි වැඩියෙන් අපනයන ගම්මාන ඇතිකර අපනයනය දිරිමත් කිරීම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමත් අගමැතිතුමත් දිගින් දිගටම අවධාරණය කරද්දී ඇතැම් ඇමතිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණකි.

අගමැතිතුමා නිරන්තරයෙන් අවධාරණය කරන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩි වැඩියෙන් නිෂ්පාදනයන් අපනයනය කරන ලෙසය. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන නිෂ්පාදනයන් කරන ලෙසය. එසේ තිබිය දී අප රටේ ගම්බිරිස් ගොවියා විනාශ කිරීම සඳහා මේ ආකාරයට කටයුතු සිදුවීම සහගහන අපරාධයකි.

එම නිසා ගම්මිරිස් ගොවියා ආරක්ෂා කිරීම හා ඔවුන්ට ස්ථාවර මිළක් ලබාදීමට කටයුතු කරන ලෙසත් විදේශ රටවලින් මෙරටට ගම්මිරිස් ගෙන ඒම නතර කරන ලෙසත් ඉල්ලා සිටින අතර අප රටේ ගම්මිරිස් වෙළඳාම විනාශ කිරීම සඳහා කි‍්‍රයාත්මක මෙම ජාවාරම නතර කිරීමට කටයුතු කරන ලෙසත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම ජාවාරම පිටුපස සිටින්නන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් දේශිය ගම්මිරිස් ගොවියා සුරැකීමට අවශ්‍යයි පියවර ගන්නා මෙන් වගකිව යුත්තන්ට අවධාරණය කර සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
ජාතික සංවිධායක
ජාතික හෙළ උරුමය

159 views
Main News