ගම්මිරිස් ගොවීන් පාර වසා විරෝධතා.. පිටරටින් ගම්මිරිස් ගෙන්වීමෙන් කිලෝව 150ට වැටිලා.. ගොවීන්ට මැරයෝ පහර දෙති

July 13, 2017 at 4:40 pm | lanka C news
ගම්මිරිස් ගොවීන් පාර වසා විරෝධතා.. පිටරටින් ගම්මිරිස් ගෙන්වීමෙන් කිලෝව 150ට වැටිලා.. ගොවීන්ට මැරයෝ පහර දෙති

ගම්මිරිස් සදහා සාධාරණ මිලක් ඉල්ලමින් ගම්මිරිස් ගොවීන් දහසකට වැඩි පිරිසක් ඇඹිලිපිටිය-රත්නපුර මාර්ගය පල්ලෙබැද්ද තුන්තොට හන්දියෙන් අවහිර කරමින් විරෝධතාවයක් පැවැත්වූහ.

වත්මන් ආණ්ඩුව විසින් ගම්මිරිස් විදේශයන්ගෙන් ආනයනය කරන නිසා අද වන විට දේශීය වෙලදපලේ ගම්මිරිස් කිලෝවක් රුපියල් 150 සීමාවෙන්ද පහලට ඇත වැටී ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කලහ.

මීට කලින් අමු ගම්මිරිස් කිලෝව රුපියල් 450-500 අතර ඉහල මිලක පැවති බවත් වත්මන් මිල හමුවේ තමනට ජීවත්වීමේ ගැටළුවක් මතුව ඇති බවද ඔවුහු පැවසූහ.

එම විරෝධතාවයට පිරිසක් පහර දුන් අතර විරෝධතාකරුවන්ද පෙරලා පහර දීම නිසා දැඩි ගැටුම්කාරී තත්වයක්ද ඇති වූ අතර පොලීසිය තත්වය අසීරුවෙන් පාලනය කරන ලදී.

90 views
Main News