ගම්වල මිනිස්සු හිතන්නේ කොරෝනා පාලනය කලේ ජනාධිපති කියලයි.. කොරෝනා පාලනය වූයේ ජනතාව නිරෝධායනය වූ නිසයි.. රටේ වාසනාවටයි..

July 7, 2020 at 2:10 pm | lanka C news
ගම්වල මිනිස්සු හිතන්නේ කොරෝනා පාලනය කලේ ජනාධිපති කියලයි.. කොරෝනා පාලනය වූයේ ජනතාව නිරෝධායනය වූ නිසයි.. රටේ වාසනාවටයි..

කොරෝනා වෛරසය පාලනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යයි ගම්වල ජනතාව සිතාගෙන සිටින බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ කොරෝනා පාලනය කිරීමේ ගෞරවය හිමි වන්නේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට හා යුද හමුදාව පොලිසිය යන අංශවලට බවයි.

එමෙන්ම කාර්ය මණ්ඩලවල කැපවීම ඉවසා දරාගෙන ජනතාව නිරෝධාටයනය වූ නිසා රටේ වාසනාවකට කොරෝනා පාලනය වූ බවද ඔහු සඳහන් කළේය.

ප්‍රධාන ලේකම්වරයා මේ අදහස් පළ කළේ උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

නාවික හමුදාව කොරෝනා වෛරසයට ගොදුරු වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වරදින් බවත් ශ්‍රී ලංකාවේ හමුදාව ගමරාළගේ වංගෙඩිය වගේ හැමදේටම යොදා ගන්නා බවත් එහිදී ඔහු සඳහන් කළේය.

ඇසට නොපෙනන වෛරසයක් එක්ක සටන් කිරීමට හමුදාවකට බැරි බවත් කී ඔහු තුවක්කුවලින් වෛරසයකට වෙඩි තැබිය නොහැකි බවද පැවසීය.

වෛරස් රෝග මැඬලීමට දන්නේ සෞඛ්‍ය අංශ පමණක්ම බවත් මේ බව දැන දැනම ජනාධිපතිවරයා හමුදාව කොරෝනා මැඩලන්න යොදවා ඔවුන් ආසාදිතයන් කලේ යයිද ඔහු චෝදනා කළේය.

මේ ආකාරයේ කිසිම වගකීමක් නැති රජයකට තුනෙන් දෙකේ බලයක් ලබා දුනහොත් සිදුවන දෙය සිතා ගැනීමට බැරි වනු ඇති බව ද කී ඔහු මේ වැරදි දැක දැක ආණ්ඩුවට ඡන්දය දුන්නොත් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගන්න කෙනෙක් නැතිව යනු ඇකැයිද කියා සිටියේය.

20,110 Viewers

65 Comments to “ගම්වල මිනිස්සු හිතන්නේ කොරෝනා පාලනය කලේ ජනාධිපති කියලයි.. කොරෝනා පාලනය වූයේ ජනතාව නිරෝධායනය වූ නිසයි.. රටේ වාසනාවටයි..”

  1. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ලාල්කාන්ත සහෝදරයා විතරයි ජවිපෙ මේ වන විට් යථාර්තවාදී මිනිසෙකුට ඉන්නෙ . ඔහු නායකයා උනොත් පක්ෂය ගොඩගන්න පුළුවන් වේවි

  2. UD says:

    JVP නම් KUHAKA

    KUHAKA නම් JVP

  3. Gini says:

    This guy does election talk. If he was in charge today Srilanka would have reached the world record. So I think 🙊 these guys are more intelligent than this person. Problem is politicians don’t have common sense world wide.

  4. මේවා අහලා කටින් නෙමෙයි හිනා යන්නෙ අහවල් තැනින්. දැන් එතනිනුත් හිනා යන එක නැවතිලා පුතාණෝගේ ගොං කතා අහලා. මම ගත්තා කෙවිටක් නවත්තපාංං පුප.

  5. Indika says:

    නිරෝධායන මධ්‍යස්ථාන ගැන හමුදාව අහලවත් තිබුනේ නෑ.. එය ජනපතිගේම අදහසක්.. රටම බේරුනේ ජනපතිගේ බුද්ධිය නිසයි..- හමුදාපති.

    JVP කියන්නේ කුහක කාලකන්නි පරයො ටිකක්

  6. Rabok says:

    Ratama dannawa GR madihath wella , Armed Forces ,Health Officials saha anikuth rajaye niladharingeth saha yogaya laba gena COVID walin ratta galawagath bawa
    Mun wage kuhaka kaalakanni ballan saha molayak nathi UNP eunta witharai
    JVP should be eradicated from Sri Lanka by hook or by crook

  7. නිමල් says:

    මුන් එච්චර බූරැ පැටව් කියලා තේරෙන්නේ කට ඇරියාම තමා

  8. බ්‍රසීල යා දෙස බලන්න kiwwa, ඇමෙරිකාව දෙස බලන්න කිව්වා කියුබාව දෙස බලන්න කිව්වා කේරලය දෙස බලන්න කිව්වා ඒ රටවල් ඔක්කොම ඉවරයි දැන් කොහෙද බලන්නේ? ජෙප්පොන්ගේ හිස් මුදුනේ සිට පදන්තය දක්වම අමු කුහකකම පිරිලා. තුප්පහි අමන හැත්ත. දැන් කියනවා උන් 88/89 එක muslim /දෙමළ මිනිහෙක්වත් මැරුවේ නැල්ලු. ජාතිද්‍රෝහී හිවල්ලු !