‘ගම සමග පිලිසදරක්’ ඔස්සේ පොහොට්ටු දැල රටපුරා එලයි.. සුළු පක්‍ෂ අවුලෙන්..

March 17, 2019 at 6:28 am | lanka C news
‘ගම සමග පිලිසදරක්’ ඔස්සේ පොහොට්ටු දැල රටපුරා එලයි.. සුළු පක්‍ෂ අවුලෙන්..

ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර ඇති ‘ගම සමග පිලිසදරක්’ වැඩසටහනට ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කර සුළු පක්‍ෂ කිසිවක් සමග සාකච්චාවක් කර නැති බවට එම පක්‍ෂවල ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකුම ෆේස්බුක් ඔස්සේ මත පල කර ඇත.

සිතා මතාම සුළු පක්‍ෂ දිය කර හැරීමට පොදුජන පෙරමුණ විසින් කටයුතු කරමින් ඇතැයි ඔවුන් චෝදනා කර සිටිති.

ගම සමග පිලිසදරක් වැඩසටහන මගින් දිවයිනේ සියළු ග‍්‍රාම සේවා කොට්ඨාශ ආවරණය වන පරිදි ගම්ම මට්ටමේ සාකච්චා විශාල ප‍්‍රමාණයක් පැවැත්වීමේ කටයුත් පොදුජන පෙරමුණ මේ දිනවල සිදු කරමින් තිබේ.

465 views