‘ගම සමග පිලිසදර’ට ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව..

February 8, 2021 at 3:50 pm | lanka C news
‘ගම සමග පිලිසදර’ට ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව..

‘ජනාධිපතිතුමා ගම සමග පිළිසදරක් වැඩසටහනට ගිහිල්ලා අපි ඒ ගමේ වැඩ කොටස මාස හතරක් පහක් ඇතුලත අවසන් කරන්න යන්නේ. ජනාධිපත්තුමා පසු විපරමක් කරනවා ඒ ගමේ ඒ වැඩ කොටස කලාද කියල.ඒ ගිය හැම ගමකම පාරවල් හදනව. පාසල් ගොඩනැගිල් හදනව පාසල් ක්‍රීඩා පිටි හදනව. ඒ ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් හදල දෙන්න ඉතා ඉක්මනින් කටයුතු කරනව’ යයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අදහස් පල කරන ලදී.

ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඇඹිලිපිටියේදී මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වඋ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කියා සිටියේ,

‘මේක මාධ්‍ය හරහා කරන වැඩක් නෙවෙයි. ප්‍රායෝගික වැඩක් මේක. අපි ආණ්ඩු ගන්න ඉස්සරවෙලා ගම සමග පිළිසදරක් කලා. නැවත වරක් ඒ වැඩ සටහන ක්‍රියාවට නන්වන්න තමයි ජනාදිපතිතුමා යන්නේ. ඒ කාරනා ඔබ දන්නවා ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව.

මේක බලන් ඉන්න බැරිව සජිත් දැන් ගමින් ගමට යනවා. සජිත් මහත්තයා මේරටේ අවුරුදු පහක් ප්‍රබලම ඇමති. ඒ ඇමතිට තමන්ගේ දිසිත්‍රික්කයේ ප්‍රශ්න විසදගන්න එදා බැරිව මම දැක්කා පැරදුනාට පස්සේ හම්බන්තොටත් අත හැරලා කොලඹට පැනල ගිහිල්ලා. හම්බන්තොටත් වැඩිම පරාජය උනේ විපක්ෂ නායක වරයා ජනාධිපති අපේක්ෂක වෙලාවේ. දැන් හම්බන්තොටට ඇවිත් හොයනවා මොනවද ගැටලු කියල. විසි අවුරුද්දක් මන්ත්‍රීවෙලා ඉදල ගැටලු හොයාගන්න බැරිවුන මනුස්සයා අවුරුදු විසසකට පස්සේ විපක්ෂ නායක වෙලා තමයි එන්නේ ගැටලු හදුනා ගන්න. මම අහනවා ඒ විසදපු ගැටලු මොකක්ද කියල. එයා මාධ්‍ය සංදර්ශන දානවා. ඔයිට වඩා  මොදයි මම ඉරිදා විග්‍රහය කරනවා වගේ සතියකට දවසක් මාධ්‍ය හමුවක් තියල ඔය ටික කියන්න. එතන ගිහින් මොනවද කියන්නේ රටේ බඩුමිල වැඩියි. මිනිස්සුන්ට දරාගන්න බැහැ. මේ අඩුපාඩු ටික කියන්නේ යන්නේ  කා ගාවටද ජනතාව ගාවට. මේ ජනතාව කියන ප්‍රශ්නය එයා ජනතාව ඉදිරියට ගිහින් මාධය හමුවක් තියනවා.

අපේ ජනාධිපතිතුමා අහන හැම ප්‍රශ්නයකටම උත්තරයක් දෙනවා උත්තරේ  මහ පොලොවේ වැඩක් කරන්න පුලුවන් වැඩක් විතරයි එතුමා කියන්නේ.

බඩු මිල අඩු කලාම දැන් කියනවා සජිත් මහත්තයා ගමේ ගිහින් ප්‍රශ්න අහන නිසා බඩු මිල අඩු කලාලු. යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ මුලින්ම භාණ්ඩ 25ක මිල අඩු කලා. කොත්තමල්ලී සූදුරු මාදුරු ටිකක් තමයි අඩු කලේ.

අපි භාණ්ඩ 27ක මිලක් අඩු කරල තියනවා. ඒ භාණ්ඩ 27 ම මිනිසුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ. ඉතිහාසයේ කවදාවකවත් නැති විදියට රටේ භාණ්ඩ එක මිලක පවත්වන්න අපි කටයුතු කරල තියනවා.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

26,599 views

11 Comments to “‘ගම සමග පිලිසදර’ට ජනාධිපතිතුමා ගිහින් පැය 24ක් යන කොට පාසල් ගොඩනැගිලි හදනව..”

  1. අජිත් says:

    ඉස්සෙල්ලා ග්‍රාම සේවකයා ජනාධිපති වූනා දැන් අපි ගෙනාපූ ජනාධිපති ග්‍රාම සේවකයා වෙලා. බිම් මට්ටමේ නිලධාරීන් මන්ත්‍රීලා ඉන්නේ ඔවාට තමයි.

    • Ranga says:

      පටිට ජෝකර් කෙනකුත් රටපුරා ඇවිද ඇවිද පටිට ආතල්දෙනවා එයාගේ ආන්ඩුවක් ආපුහාම ප්‍රස්න ඔක්කොම විසදලා දෙනවා කියලා. ඒමදිවට වදවෙිගන යන සැටි එකක් රටපුරා ඇවිදිනවා sorry කවිද දිනුමි කියකියා පටිට ආතල් ඔීයි

    • ගයාන් says:

      ඒක ලංකාවේ වැරැද්දක් මිස ගෝඨගේ වැරැද්දක් නෙවෙයි.. ලංකාවේ නිලදාරීන් අනාදිමත් කාලයක ඉදලා පුරුදුවෙලා තියෙන්නෙ ආතල් අරන් නිකං ඉන්න. මොන නීති දැම්මත් ඒක වෙනසක් වෙලා නෑ ඒවා ක්‍රියාත්මක කරන්න ඉන්නෙත් ලංකාවෙම මිනිස්සු නිසා. ඒ නිසා ගෝඨා එනවා කියලා දැනගත්තම තමා එයාලට ගමේ මිනිස්සු මතක් වෙන්නේ!

    • Nimal says:

      දැං මෙචිචර කල් ඔය බිංමටිටමෙි උන් ඉදලා කොරලා තියෙන හරිය පෙනෙන්නේ නැද්ද බං? මිනිස්සු විදිනදුක් දැකපුහාම පවිකියලා හිතෙන්නේ නැද්ද බං. ඔහේ ඔය කියන බිං මටිටමෙි වැඩක් නොකරන උන්නැහේලගේ ඇස් ඇරෙන්ට තමා ස වැඩෙිට බැහැලා ඉන්නේ. ගිය සතියේ ස ගියපු දිහා නිලදාරිවත් ඇමතියාවත් දන්නේ නැ ඒ ප්‍රදේසෙට පාලමි කියක් හදන්ට අනුමත වෙලා තියෙනවද කියලා. ඔන්න බිං මටිටමෙි තරම

    • Gini says:

      😂😂👍

    • Hudson says:

      Top comment ekak. He has become a patta joker like sokari sandarshana in every village.

  2. ඇට නම ලක්ෂේ චන්ද්‍රාවතී මැණිකේ says:

    හොඳ දේ හොදයි කියන්න ඕන කුහක නොවී. කවුරු හරි කමක් නැහැ ජනතා ප්‍රශ්න වලට නිවැරදි නීත්‍යානුකූල විසදුම් දෙනවා නම්. ඒත් මේ විෂය පතයන්ට අදාලව මාසයකට රූ බිලියන ගණනක් පඩි අරන් වාහන අරන් ගොඩනැගිලි කුලියට අරන් ඉන්න ඇමැති වරු මන්ත්‍රී වරු පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ලේකම් ල නිලධාරින් මේ රටට අවශ්‍ය මොන ලබ්බකට ද කියලා පොඩ්ඩක් කිව්වනම්. එක්කෝ මේ රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය අයවැය යෝජනා රාජ්ය සැලසුම් ගැන මේ නිලධාරී ට ඇමැති මැති වරුන්ට අවබෝධයක් නැහැ..එක්කෝ එහෙම ප්‍රතිපත්තියක් නැහැ. එක්කෝ එහෙම ප්‍රතිපත්තියක් තිබ්බත් රජ තුමා වෙලට බැහැලා අමුඩේ ගහන් කුඹුර මඩ කරේ නැත්තං මෙකෙ ඉන්න මෝඩ ජනයා රජතුමා නිකං ම නිකන් නිකමෙක් කියලා හිතන නිසාද ?

  3. බන්ඩා says:

    ඇමති වරැත් තම නිලධාරීන් වට කර ගෙන ජනාධිපති වගේ වැඩ කලොත් රටම ගොඩ. නමුත් එහෙම වෙන්නෙ නැහැ.

  4. බන්ඩා says:

    ඇමති වරැත් තම නිලධාරීන් වට කර ගෙන ජනාධිපති වගේ වැඩ කලොත් රටම ගොඩ. නමුත් එහෙම වෙන්නෙ නැහැ. වැලි කපන්න සහ ගස් කපන්න නම් එහෙම වෙනවා.

  5. Nawodhi says:

    Check Haldumulla Kumarage area Kituagaharawa road. 40 years no repair but it is around 3 km from your President’s first media show.

  6. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මාරයි නේ………

Main News